IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


පොලිසියේදී මියගිය දෙදරු පියාගේ පවුලට ලක්ෂ 10ක වන්දියක්

(රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා)

2017 වසරේදී පෑලියගොඩ පොලීසියේ අත්අඩංගුවේ සිටියදී ඝාතනයට ලක්වූ ශ්‍යාමන් වික්‍රමරත්නගේ බිරිදය හා දරුවන් දෙදෙනාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වන්දි වශයෙන් ඔවුන්ට රුපියල් ලක්ෂ 10 ක මුදලක් ගෙවන ලෙස නියෝග කරනු ලැබ ඇත.

එම වන්දි මුදලින් රුපියල් හත් ලක්ෂ පනස්දහක් රජයෙන්ද, ඉතිරි මුදල් රුපියල් 50,000 බැගින් රුපියල් දෙලක්ෂ පනස් දහසක් මුදලක් සිද්ධියට සම්බන්ධ පෑලියගොඩ පොලිසීයේ පොලිස් කොස්තාපල්වරුන් පස් දෙනා  අදාළ කාන්තාවට ගෙවිය යුතු බවටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

එම වන්දි මුදලින් දරුවන් දෙදෙනාගේ නමින් රාජ්‍ය බැංකුවක ගිනුම්වල ලක්ෂ දෙක හමාර බැගින් ද ඉතිරි ලක්ෂ පහක වන්දි මුදල පෙත්සම්කාරිය සතු විය යුතු බවද අධිකරණය වැඩිදුරටත් නියම කෙරිණි.

කඩුවෙල, පහළ බෝමිරිය රස්සපාන පාරේ පදිංචි ජයමුනි අනුරාධ නිල්මිණි විජේසේකර නැමැත්තිය ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පෑලියගොඩ පොලීසියේ පොලිස් කොස්තාපල්වරුන් වන සුමේධ තුෂාර, ඉන්දික ප්‍රියදර්ශන, චානුක රුක්මන්, අජිත් ජයලාල් සහ ළහිරු රොශාන්  නම් කරනු ලැබ තිබිණි.

ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගේ එකගත්වයෙන්, විනිසුරු ප්‍රතී පද්මන් සූරසේන මහතා විසින් ප්‍රකාශිත නඩු තීන්දුවේ ප්‍රකාශයට පත් කළේය.

 



අදහස් (0)

පොලිසියේදී මියගිය දෙදරු පියාගේ පවුලට ලක්ෂ 10ක වන්දියක්

ඔබේ අදහස් එවන්න

දියත

අයිස්ලන්තයෙන් සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 05 533 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .



ආනයන සුදු සීනි බද්ද දීර්ඝ කරයි
2024 නොවැම්බර් මස 05 338 1

ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.


රිය අනතුරින් තරුණිය මරුට
2024 නොවැම්බර් මස 05 1552 0

බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි


කමලාගේ ජය වෙනුවෙන් ඉන්දියාවේ ගමක පුද ජූජා
2024 නොවැම්බර් මස 05 902 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අ


ඇමෙරිකන් ජනාධිපතිවරණය අද
2024 නොවැම්බර් මස 05 712 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 405 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site