IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


’’පොලිසිය තරුණයකු මරා දමා ඇතැයි කියන කතාව බොරුවක්’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පොලිසිය සමගි ජන බලවේගයේ උද්ඝෝෂණයට  පැමිණි තරුණයකු අත්අඩංගුවට ගෙන  පහරදී මරා දමා ඇතැයි   එම පක්ෂයේ නියෝජිතයන් කරන චෝදනාව  පට්ටපල් බොරුවක් බව මහජන ආරක්ෂක අමාත්‍ය රියාර් අද්මිරාල්  සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවැසීය.

පනාමුරේ පදිංචි ඉන්දික ජයරත්න නැමැති මෙම පුද්ගලයා මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වූවකු බවත්  ඔහු නිතරම බිරිඳට සහ දරුවන්ට පහර  දෙන බවට පැමිණිලි ලැබී තිබූ බවත්  හෙතෙම සඳහන් කළේය.

තමාට පොල්ලකින්  පහර දුන් බවට එම තැනැත්තාගේ දුව පසුගිය 12 වැනි දා පොලීසියට පැමිණිල්ලක් කර රෝහල්ගතවී සිටින  බව පැවසූ වීරසේකර මහතා එදින සිට මේ තැනැත්තා අතුරුදන්ව සිට ඇතැයිද  පැවසුවේය.

සැඟවී සිටියදී පොලීසිය මොහු  ඊයේ (16) රාත්‍රී 10 ට පමණ අත්අඩංගුවට ගත් බවත් ඊයේ අලුයම සිරමැදිරියේ ඇඳුමකින් ගෙල සිරකර ගෙන සියදිවි හානිකර ගැනීමට උත්සාහ දැරූ අවස්ථාවේදී පොලීසිය ඔහු රෝහල්ගත කිරීමට ගෙන යනවිට  මියගොස් ඇති බවත් සරත් වීරසේකර මහතා කීවේය.

මොහු සහ  පෙළපාළිය අතර කිසිදු සම්බන්ධයක් නැති බව පැවසූ  මහජන ආරක්ෂක අමාත්‍යවරයා පොලිසියට එරෙහිව කරන මෙම චෝදනාව අමූලික බොරුවක් බවද  සඳහන් කළේය.



අදහස් (9)

’’පොලිසිය තරුණයකු මරා දමා ඇතැයි කියන කතාව බොරුවක්’’

පිටිගල මිලානෝ Wednesday, 17 November 2021 11:40 AM

මෙයත් මෙයාගේ ලික්කා වගේමයි. යන යන තැන නාගෙන හත්පොලේ ගාගන්නවා. මතකනේ එකපාරක් බවලතෙකුට යට ඇදුම් ගිහින් දුන්නා.

:       6       40

බලයට තියෙන කෑදර කම සහ දේශපාලනය Wednesday, 17 November 2021 11:46 AM

මොකා ඇත්ත කියනවාද ,බොරු කියනවාද කියන්න බැරි තරමට රටේ දේශපාලනය කුණු වෙලා ගඳ ගහනවා. බලයට පොරකන අප්‍රිකානු ගෝත්‍රික සමාජ වල වගේ ,මේ තත්වය මොන පාලකයා ආවත් ඉස්සරහට තියෙනවා . එන්න එන්න රට පල්ලට යනවා මිසක් ...............වෙන මොනවත් පෙනෙන්න නැහැ

:       1       36

RaveendraWednesday, 17 November 2021 12:13 PM

සහතික ඇත්ත. සියලුම පක්ෂවල දේශපාලුවන් යනු මොන පර වැඩේ කර හෝ බලය ලබාගැනුම පරම අභිලාෂයයි....

:       1       21

Citizen Wednesday, 17 November 2021 12:01 PM

පොලිසිය තරුණයකු මරා දමා ඇතැයි කියන කතාව බොරුවක්! ඒක හරි. ඇයි කිව්වොත් තරුණයකු මරා දමා ඇතැයි කියන්නේ ඒක වචනයක්.

:       1       18

sharm warn Wednesday, 17 November 2021 12:02 PM

එතකොට මොකද්ද ඇත්ත කතාව.? සියඹලා තිබුනෙම නැද්ද.?

:       1       19

විපරමා Wednesday, 17 November 2021 03:49 PM

ලන්කාවේ පොලීසියේ සමහර නිලදාරීන් ගේ කෙරුවාවල් ගැනත් අපි දන්නවා .

:       0       1

SUNIL MILANO Wednesday, 17 November 2021 04:42 PM

ඇත්තම කතාව .මල මිනී මතින් හෝ ජයගන්නට දඟලන නීචය්න්ගේ දේශපාලනයයි .ඊයේ තිබුන උද්ඝෝෂණයේදී දී.පුතානෝ ආපු හැටි දැක්කනේ .ඒත් පිටුපස හිටපු ඔලමොට්ටල හෙන්චයියෝ ටිකෙන් බාගයකටම අඩුම තරමේ මාස්ක් එකවත් නැහැ

:       6       2

විපරමා Wednesday, 17 November 2021 05:51 PM

දුශිත පවුල් පාලන ආණ්ඩුවත් විපක්ෂයේ ඉන්න කොට මීටත් වඩා බරපතළ ගේම් දුන්නා.

:       0       1

Prabha Wednesday, 17 November 2021 05:08 PM

හැමදාම කොටියා ආවා කිව්වා කතාව වගේ තමා.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 563 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1877 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1476 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1435 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 929 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 720 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25638 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18853 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 372 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site