(නිමන්ති රණසිංහ)
වැලිකඩ පොලීසිය තුළදී විදුහල්පතිනියකට සිය කලිසමේ සිපරය ගලවා පෙන්වා ලිංගික අතවරයක් කළැයි කියන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයකු ලබන 02 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (27) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගර ගත කරනු ලැබුවේ කොටුබැම්ම, ඇතුල්කෝට්ටේ පදිංචි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ හිටපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කෝට්ටේ ගමගේ ඩෙන්සිල් පද්මසිරි නමැත්තාය.
තම පාසල අපකීර්තියකට පත් කරමින් වට්ස්අප් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය වන බවට සදහන් කරමින් විදුහල්පතිනියක් ඉකුත් මාර්තු මස 23 වැනිදා පොලීසියට පැමිණීල්ලක් ඉදිරිපත් කළ බවත් පසුව සැකකාර හිටපු නාගරික මන්ත්‍රීවරයා සහ අදාළ පැමිණීලිකාර පාර්ශ්වය පොලීසියට ගෙන්වා සිද්ධිය සමතයකට පත් කළ බවත් වැලිකඩ පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් සමතයකට පත් දෙපාර්ශ්වය පොලිසියේ සු`ථ පැමිණීලි අංශයෙන් එළියට ගොස් ආපනශාලාව අසලට ගොස් ඇති අතර, එහිදී සැකකාර මන්ත්‍රීවරයා සිය කලිසමේ සිපරය ගලවා පැමිණීලිකාර විදුහල්පතිනියට පෙන්වා ඇති බවත්, එම සිද්ධිය පැමිණීල්ලේ ගුරුවරුන් සහ දෙමාපියන් විසින් වීඩියෝ ගත කරනු ලැබ ඇති බවත් වැලිකඩ පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත නඩු භ
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය අද (15) දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
77 වන නිදහස් දින සමරු උත්සවය සංවිධාන කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රනිල්ගේ ආණ්ඩුව එකඟ කරගත් ක්‍රියාදාමය වත්මන් ආණ්ඩුව එලෙසම පවත්වාගෙන යෑම යනු රනිල්ගේ ප්‍රතිපත්ති මාලාව තවදුරටත් ලංකාව
පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.
වෙළඳපොළේ මාලු මිල ගණන් යළිත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පොලිසියේ දී විදුහල්පතිනියට ලිංගික අවයව පෙන්නූ නගරයේ හිටපු මන්ත්‍රී රිමාන්ඩ්
Kule Thursday, 27 July 2023 11:13 PM
කැටගොඩ ආයෙත් ඕන කියන්නේ මේවගේ මිනිස්සුද ?
බී අමරසිංහ Friday, 28 July 2023 01:38 AM
මුන්ට ඡන්දෙත් දීලා නේ මිනිස්සු
Kusumsiri Friday, 28 July 2023 07:54 AM
ඔය ප්‍රාදේශීය හා නගර සභා වල සභිකයින් ඇති බහුතරයක්ම මෙන්න මේ වගේ ත්‍රාඩයින් තමයි. ඉතාම සුළු පිරිසක් ඉන්නවා මහත්වරු වගේ වැඩ කරන අය . මුට බලය නැති කාලේ මෙහෙම නම් බලය තිබුණු කාලේ කොහොම රඟපාන්න ඇතිද? හොඳම වැඩේ මේකට.
Perera Friday, 28 July 2023 08:10 AM
පොහොට්ටුවේ තව එක අපතයෙක්
Bunny Preena Friday, 28 July 2023 10:36 AM
ආරේ ගති නෑරේ
Kazi Shajahan Friday, 28 July 2023 11:58 AM
මුන්ව බේරේ වැවෙන් නාවපු එක සාධාරණයි අපේ කොල්ලෝ ටික
ඉෂාර Friday, 28 July 2023 12:16 PM
මේ මන්ත්‍රීතුමා මුත්‍රා කරන කොට මේ විදුහල්පතිතුමිය ඒක දිහා බැලුවේ ඇයි...?
Bunny PreenaFriday, 28 July 2023 02:40 PM
ආපන ශාලාවේ තේරුම කැසිකිලිය කියලා හිතුවද දන්නේ නැහැ. එච්චරටම දැනුවත් අයනේ...!