IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


පොලිසියේ රාජකාරිය ගමියෝ කරති:ඇල්ලූ කුඩු ඉර්දි වෙති

(නිමල් ජයරත්න, චාපා මදුභාෂනි සහ හෙන්රි ලයනල්)

හිඟුරක්ගොඩ කිරිමැටිය ගම්මානයට මත්ද්‍රව්‍ය ලබා ගැනීමට පැමිණි බව කියන තරුණයන් සිව් දෙනකු  ගම්වාසීන් අල්ලා පොලිසිය බාර දී ඇත. 

ඔවුන් සතුව තිබියදී ගම්වාසී සොයගත්  අයිස් මත්ද්‍රව්‍ය, ගංජා, හෙරෝයින් ද සැකකරුවන් සමග පොලිසියට බාරදි ඇත.

නාඳුනන  පිරිසක් දින ගණනක සිට  මත්ද්‍රව්‍ය ලබාගැනීමට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට ගම්මානයට පැමිණෙන බව ගම්වාසූහු පවසති.   මේ පිළිබඳ තමන් දිගින් දිගටම හිඟුරක්ගොඩ පොලීසියට, සුරාබදු දෙපාර්තමේන්තුවට සහ ඒ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට දැනුම් දුන්න ද ඔවුන් අත්අඩංගුවට ගැනීමට එම ආයතන අපොහොසත් වු බවද ගම්මුහු චෝදනා කළහ.

පොලිසියට අල්ලා දුන් තරුණයක් අවුරුදු 24, 25, 26 වයසේ පසුවන කිරිමැටිය සහ දියසෙන්පුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ද ගම්වාසීහු පවසති.

දින ගණනාවක් සිට රැක සිට ගම්මානයෙ තරුණයන් මෙන්ම වැඩිහිටියන් 200 ආසන්න පිරිසක් එකතු වී මඟ රැකවලා මෙම සිවුදෙනා අල්ලා පොලිසිය බාරදි ඇත.  

ගැමියන්ගේ බාරයට පත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මාධ්‍යවේදීන් එනතුරු පොලීසියට බාරදීමට කටයුතු නොකළ අතර මාධ්‍යවේදීන් පැමිණි අදාළ වීඩියෝගත කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඉදිරියේ සැකකරුවන් හා ඔවුන් ළඟ තිබී සොයාගත්  කුඩු, ගංජා සහ අයිස් ද හිඟුරක්ගොඩ පොලීසියට බාරදීමට කටයුතු කළහ,

අප මේ පිළිබඳව හිඟුරක්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ටි. එන්, ජී, විමලදාස මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු මෙසේ කීය.

ගැමියන් අල්ලාගත් සිවු දෙනකු පොලිසියට බාරදී තිබෙනවා. ඔවුන් සතුව තිබුණේ ගංජා පමණයි, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සමඟ සිව්දෙනා හෙට හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද විමලදාස මහතා අප කළ විමසීමකදී කීවේය,

 



අදහස් (5)

පොලිසියේ රාජකාරිය ගමියෝ කරති:ඇල්ලූ කුඩු ඉර්දි වෙති

පැරකුම් Wednesday, 09 August 2023 10:07 PM

මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට පොලීසියේ අනුගහය ඇති බවට මේ තවත් එක් සාධකයකි.

:       0       12

Lalla Thursday, 10 August 2023 08:18 AM

ඒ කියන්නේ පොලිසිය අයිස් කුඩු කරල සිසිල් බීම පානය කරල නේද?

:       0       10

Nimal Thursday, 10 August 2023 08:29 AM

කුඩු වල බලය දැක්කද . නොපෙනී යනව.

:       0       11

ගමේ එකාලා Thursday, 10 August 2023 05:36 PM

අපේ පැත්තේ හොර රහසේ කසිප්පු පැකට් කරලා විකුණනවා. ඒ හැම වෙලාවකම පොලිසියට පගාව දීලා බේරෙනවා.

:       0       0

උදය Friday, 11 August 2023 01:37 PM

ඉතිං ගම්මුන්ට තියෙන්නේ වීඩියෝ කරපුව අධිකරණයට ඉදිරිපත් කරන්න. එතකොට පොලීසිය උත්තර දෙයිනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගුවන් විදුලි ඉඩමක් ලංවිමට දෙයි
2024 ඔක්තෝබර් මස 15 70 0

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතු ඉඩම් කොටසක් යෝජිත ඒකල ග්‍රිඩ් උපපොළ ඉදිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මුහුදුබඩ දුම්රිය මාර්ගය අවහිර වෙයි
2024 ඔක්තෝබර් මස 15 515 0

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බේරුවල සහ අලුත්ගම අතර මස්සල ප්‍රදේශයේ දී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව මුහුදුබඩ දුම්රිය මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇති බව


තංගල්ල ප්‍රා.ස. හිටපු උප සභාපති අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 15 2879 0

ව්‍යාජ අංක තහඩු සහිත ජීප් රථයක් ළග තබාගැනීමේ චෝදනාවට තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා අද (15) තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ව


සිවිල් ඉංජිනේරුවරයා වහලයෙන් ඇද වැටී මරුට
2024 ඔක්තෝබර් මස 15 2447 0

පවතින වර්ෂාව තත්ත්වය මත දෙමහල් නිවසක ජලය කාන්දු වූ ස්ථානයකට සෙවිලි තහඩුවක් සවි කිරීමට යාමේදී පය ලිස්සා අඩි විසිපහක පමණ උසකින් බිමට ඇද වැටුණු යාන්ත්‍ර


දර හොයන්න රක්ෂිතයට ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 15 386 0

දර සොයා කිතුල් උතුව රක්ෂිතයට ගොස් අතුරුදන් වූ පුද්ගලයෙකු සොයා අද (15) පරීක්ෂණ අරඹා ඇතැයි අග්බෝපුර පොලිසිය කියයි.


බසයේ රෝදයට ගෙල සිරවී බස් රියදුරු මරුට
2024 ඔක්තෝබර් මස 15 2840 0

මාලඹේ පැරකුම්බා මාවත ප්‍රදේශයේ ගරාජයක ගාල්කර තිබූ බස් රථයක වැකුම් නොමැතිව රෝදයට පහත් වී තිබූ දකුණු පස රෝදයට වැකුම් පුරවා එය නිවැරදිව සිදුවී තිබේදැයි


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 442 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 459 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1438 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site