(ගයාන් සූරියආරච්චි)
පොලිස් නිලධාරීන්ගේ විනය පරීක්ෂණ ප්‍රමාදවීම සම්බන්ධව ඊට විසදුම් සහ නිර්දේශ යෝජනා කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව නැගෙනහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාවෙත පොලිස් මූලස්ථානයේදී ඉකුත් දා බාරදෙනු ලැබීය.
පොලිස් නිලධාරීන්ට එරෙහි විනය කාර්ය පටිපාටියට අදාල පරීක්ෂණ සදහා දීර්ඝ කාලයක් ගතවීම නිසා නිලධාරීන්ගේ වැටුප් වර්ධක, දීමනා සහ උසස්වීම් ප්‍රමාදවීම පිළිබදව සොයාබලා ඊට විසදුම් සහ යෝජනා මෙම වාර්තාවේ සදහන්වේ.
නැගෙනහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන්, විනය හා කල්ක්‍රියා හා නීති දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර, නියෝජ්‍ය පොලිස්පති ජාතික පොලිස් අභ්‍යාස ආයතනය නීතීඥ ජාලිය සේනාරත්න, මානව සම්පත් කළමනාකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්.පී.ජේ. සේනාධීර මහතා සහ විනය හා කල්ක්‍රියා කොට්ඨාසයේ අධක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සිල්වා යන මහත්වරු එම කමිටුවට ඇතුළත් වූහ.
රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි
මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක
පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් ගැන බලාපොරාත්තුවක්
කුසල්හාමි Monday, 29 April 2024 11:00 AM
"නැගෙනහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන්, විනය හා කල්ක්‍රියා හා නීති දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර, නියෝජ්‍ය පොලිස්පති ජාතික පොලිස් අභ්‍යාස ආයතනය නීතීඥ ජාලිය සේනාරත්න, මානව සම්පත් කළමනාකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්.පී.ජේ. සේනාධීර මහතා සහ විනය හා කල්ක්‍රියා කොට්ඨාසයේ අධක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සිල්වා යන මහත්වරු එම කමිටුවට ඇතුළත් වූහ." අටුවා ටීකා කුමට? තව අඩ පෝයකිං පායා එන වෙසක් සිසිල් සද කිරණ ස්පර්ශ කෙරෙමින් පොලිස් පති තුමාට නමෝ විත්තියෙන් සුවිශේෂී පිංකමට අතගසන්නට ඉඩ හසර ලැබේවා!!! කුසල්හාමි