( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ගල්කිස්ස වෙරළ තීරයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දුන් පාසල් සිසුන් පස් දෙනකු ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි .
පහර කෑ පොලිස් සැරයන් වරයෙකු සහ කොස්තාපල්වරයෙකු ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.
ගල්කිස්ස වෙරළ තීරයේ ගල්පර සහිත අනතුරුව දායක මුහුදේ බීමත්ව පුද්ගලයන් පිරිසක් අනාරක්ෂිත ලෙස දිය නාමින් සිටින බවට ගල්කිස්ස පොලිස් වෙරළ ආරක්ෂක ඒකකයේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත නිලධාරීන් එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී නෑමට නුසුදුසු අනාරක්ෂිත ස්ථානයක සිටි පුද්ගලයින් 6 දෙනෙකු සිටින අයුරු දැක තිබූ බව පොලිසිය කියයි.
එම ස්ථානය දිය නෑමට අනාරක්ෂිත බව සම්බන්ධයෙන් එම පුද්ගලයින් ට අවවාද කොට එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙසට නිලධාරීන් දැනුම් දීමක් සිදු කළ අවස්ථාවේදී අදාළ පිරිස පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ කලහකාරි ලෙස හැසිරී ඇති අතර නිලධාරීන් එම තත්ත්වය පාලනය කිරීමට යාමේදී එම පිරිස පොලිස් නිලධාරීන්ට පහරදී ඇතැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 16 සහ හවස අවුරුදු 30 අතර පසුවන රත්මලාන සහ පිළියන්දල අහුන්ගල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.
අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න
හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ
රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පොලිස් නිලධාරීන්ට පහරදුන් පාසල් සිසුන් 5කට වැඩ වරදී
Bunny Preena Monday, 25 September 2023 10:22 AM
උන්ට හොඳක් කරන්න ගිහිල්ලත් එය තෙරුන් ගන්නෙ නැති මෝඩයො ටිකක්. කූඩුව ඇතුලට දාල වෙරි හිදෙනකම් හොන්දට සලකන්ට තියෙන්නෙ.
Mh Mohan Monday, 25 September 2023 11:30 AM
මගේ නම් අදහස ඔවුන් කියන දේ අහන්න නැතුවාම රබර් බුලට්වලින් වෙඩි තියන්න ඕනෑ. ඒකට පොලිසියට රබර් බුලට් ඇති තුවක්කු දෙන්න...
හර්මානිස් Monday, 25 September 2023 12:39 PM
රටට මොකක්ද වෙලා තියෙන්නෙ ඊයේ පෙරේදා අවුරුදු 16ක කොල්ලෙක් වැඩට ගොස් එන කාන්තාවක් දූෂණය කරන්න ගියා කියලා අහන්න ලැබුනා මෙතනත් එම වයසේ එවුන් ටිකක් පොලිස් නිළධාරින්ට ගහල කොහොමද මේ රට හදන්නෙ කියලා හිතන්න අමාරුයි ඇත්තටම මේවා වැඩිවුනේ ගෝල්ෆේස් විරෝධතා මර්ධනය නොකිරීම නිසා කියලා අකමැත්තෙන් වුනත් කියන්න වෙනවා වර්තමානයේ වරදක් කලත් බේරා ගැනීම වැඩිවීමත් හේතුවක් වෙනවා
Bamunuarachchi Monday, 25 September 2023 06:49 PM
පොලිසිය ජනතාව සමග කටයුතු කරන ආකාරය රටවල් පවතින සමාජ ක්‍රමය අතර වෙනස් විය යුතුයි. ඇමරිකාවේ සැකකටයුතු පුද්ගලයෙක් ළඟට යන්නේ Holster එකේ බොත්තම පන්න ගෙනයි... ඉන්දියාවේ කොරෝන කාලේ නීතිය කඩන අයට පොලුවලින් සංග්‍රහ කරපු හැටි අපි දැක්කා. ලංකාවේ ඉස්සර පොලිසිය මෙතුමා ඔබතුමා කියා විහිළුවලින් මිනිසුන් ඇමැතුවේ නැත. ඒ කාලේ පොලිසිය මිනිසුන්ට ගහපු හැටි මම දැක තිබෙනවා. ඒ කාලේ පොලිස් නිලධාරීන් හැඩිදැඩි මිනිස්සුයි. දැන් ඉන්නේ පැරණ්ඩල් වැනි කුරු මිනිස්සු. ඔවැනි පොලිස්කාරයින්ට කොල්ලෝ ගහන එක පුදුම නැහැ. එළුවොත් නිකට පාවී. වරෙන්තු කරුවන් අල්ලන්න යන්නේ පිස්තෝලයක් බැටන් එකක් නැතුව තනි තනිවමයි. එහෙම ගිහිල්ලා ගුටිකාලා එනවා...!
ජේ ජේ Tuesday, 26 September 2023 12:43 PM
උදේ අත් අඩංගුවට ගත්තා... උසාවිය හවස ඇප දුන්නා... ඉතින් ගාණක් නැහැලු ඒ අයට...!