සමන් පාලිත නානායක්කාර
හල්දුම්මුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ අද (15) හල්දුම්මුල්ල අධ්‍යාපන කොට්ඨාසයේ ප්‍රධාන විදුහල් තුනක ළමුන් පාසලට නොවීමට දෙමාපියන් කටයුතු කර තිබේ.
මෙසේ පාසල් වලට ළමුන් පැමිණ නැත්තේ වල්හපුතැන්න ජාතික පාසලට හල්දුම්මුල්ල විදුහලට සහ හරංකහව විදුහලට බව දෙමාපියෝ පවසති.
කොරෝනා ආසාදිත වී ඇත්තේ කොළඹ ප්‍රදේශයේ සිට වල්හපුතැන්න නිවසට පැමිණි අගමැති ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරිනියකට බව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය කියයි .
කොරෝනා ආසාදිත කාන්තාවගේ සොයුරන් දෙදෙනෙකු එම විදුහල්වල ඉගෙනුම ලබන බවත් ඇය බොහෝ ස්ථානවල සැරිසරා ඇති බවටත් තොරතුරු අනාවරණය වන බව සෞඛ්‍ය කාර්යාලය පවසයි.
මේ වනවිට කොරෝනා ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයන් 40 දෙනකු ගේ පී සී ආර් පරීක්ෂණ සිදුකර ඇති බවද හල්දුම්මුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක අසංක සම්පත් මහතා පැවසීය.
මුදල් විසුද්ධීකරණය සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදු කරන විමර්ශනයන්ට සහය ලබා දී,නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙස අවුරා ල
මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද 08 වනදා පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ් 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යට ව තිබිණ.
මෙම 14 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් ලබන 13 සහ 14 දෙදින සියලු පාසල්වල නිවාඩු දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 6 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලබන 22 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කුලියාපිටිය අතිරේක දිසාවිනිසුරු දිනිදු සමරසිංහ මහතා අද නියෝග ක
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ විද්‍යාර්ථීන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොලිස් නිලධාරිනියකට කොරෝනා යයි ළමුන් පාසල් යැවීම නවත්වලා