(රෝෂන් තුෂාර)
පොදු ප්‍රවාහන සේවාවන්හිදී කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර හා හිරිහැර මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය කළ ජාතික මෙහෙයුම් රාජකාරී වල නිරතව සිටි කාන්තා පොලිස් නිලධාරිනියකට ලිංගික අතවර කළ රත්නපුර ප්‍රදේශයේ තරුණයකු ලබන 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද(08) නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත වූයේ රත්නපුර මහවලවත්ත පදිංචි මහේන්ද්‍රන් නමැති 19 හැවිරිදි සැකකරුවෙකි.
වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි පොදු ප්‍රවාහන සේවාවන්හිදී කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර හා හිරිහැර වැඩ පැවැත්වීම සඳහා දියත් කළ ජාතික මෙහෙයුමට කොළඹ මිහිජය සෙවණ පොලිසියේ නිලධාරීන්ද ඊයේ දින විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.
මිහි ජය සෙවණ පොලිසියේ 22 හැවිරිදි කාන්තා නිලධාරිණියද සිවිල් ඇඳුමින් සැරසී තොට ළඟ හන්දියේදී බස් රථයක ගොඩ වී කොළඹ දෙසට ගමන් කර ඇති අතර සැකකාර තරුණයා අණගරැගුම් පාමින් ඇයගෙන් දුරකථන අංකය පවා ඉල්ලා ඇති බව මිහිජය සෙවණ පොලිසිය කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.
සැකකරු දණ්ඩ නිති සංග්‍රහයේ 345 වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් කිරීමට එරෙහිව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
ශ්‍රී ලංකා පොලිසිය දියත් කළ මෙම මෙහෙයුමේදී පෙරේදා දිනය තුළදී පුද්ගලයින් 43 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්වේ.
පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව
ප්‍රංශ ජාතික කාන්තාවකට මහනුවර හෝටලයකදී අතවර කළ බව කියන කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුර සංචාරක පොලිසිය පවසයි.
ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර ද
ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් යලි අද (4) සිට සාමාන්‍ය පරදි ක්‍රියාත්මක වන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි .
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.
බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොලිස් නිලධාරිනියට අතවර කළැයි තරුණයෙක් රිමාන්ඩ්
ajith Thursday, 08 February 2024 07:38 PM
මම නම් දන්නේ නැති කෙනෙක් මගෙන් දුරකථන අංකය ඉල්ලොවොත්, ගමේ පොලිසියේ නොම්බරේ තමයි දෙන්නේ.
Niro Friday, 09 February 2024 07:23 AM
මට පෙන්නේ දේශබන්දු ගේ පොලිසිය "හනි ට්‍රැප් " දාල එකට අහුවෙන තනිකඩ කොල්ලොන්ව අත්අඩංගුවට ගන්නවා වගේ ඒ පාර , බස් එකේ යනකොට පරිස්සමෙන් යන්න වෙනවා දැන්