(රුමේෂ් එම්. වීරසේකර)
දඹුල්ල - බකමූණ ප්‍රධාන මාර්ගයේ දම්පුරගම මංසන්ධියේදී පොලිසියේ නිළධාරින් කීපදෙනෙකු සිදු කරන ලද වෙඩි ප්‍රහාරයකින් වන අලියෙකු මියගොස් ඇති බව ඇලහැර වනජීවී කාර්යාලය පවසයි.
එම වන අලියාට වෙඩි තබා ඇත්තේ බකමූණ පොලිසියේ රාත්‍රී මුර සංචාරයේ යෙදෙන පොලිස් නිළධාරීන් කිහිපදෙනෙකු බව ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන ඇළහැර අඩවි ආරක්ෂක සුනිල් සාන්ත මහතා සඳහන් කළේය.
වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක් පමණ උස අඩි අටකින් යුත් අලියෙකි.
පොලීසියට අයත් ත්‍රීවිල් රථයෙන් රාත්‍රි මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිළධාරීන් කිහිපදෙනාට වන අලියා පහරදීමට යාමේදී ඔවුන්ගේ ජීවිත ආරක්ෂාවට වෙඩි තබා ඇතැයි තොරතුරු අනාවරණය වී ඇතැයිද කියයි.
වන අලියාට වෙඩි තැබූ පොලිස් නිලධාරීන් කිහිපදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා බකමූණ පොලිසියට තමන් ඇතුළු වනජීවී නිලධාරී කණ්ඩායමක් ගිය මොහොතේදී එහි පොලිස් ස්ථානාධිපතිවරයා ,වන අලියාට වෙඩි තබා ඇත්තේ, මුර සංචාරයේ යෙදුණ පොලිස් නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂාව උදෙසා බව ප්‍රකාශ කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීම ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළ බවද ඇළහැර අඩවි ආරක්ෂක සුනිල් ශාන්ත මහතා වැඩිදුරටත් පැවසීය.
පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බවද සුනිල් මහතා කීවේය.
සිද්ධිය පිළිබඳව බකමූණ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් බොලුකඳුර මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා අදාළ පොලිස් නිලධාරීන් කීපදෙනා ඇළහැර අඩවි ආරක්ෂක කාර්යාලයට භාරදීමට කටයුතු කරන බවයි.
ට්‍රැක් ලන්තේ තමයි ලෝකේ ආතල් එකේම ඉන්න මිනිස්සු ඉන්න රට. රටේ සිද්ධවෙන ඕනෑම තරාතිරමක සිදුවීමක් ආතල් එකක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් අරුම පුදුම හැකිය
ජාවාරම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට හෙරොයින් කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් රැගෙන එමින් සිටියදී මට්ටක්කුලිය මුහුදු තීරයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක ක
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු නව දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (28) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශය
ඇසුරුමේ කල්ඉකුත්වන දිනය සහ නිෂ්පාදිත දිනය වෙනස් කළ කුරක්කන් මෙටි්‍රක්ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975 ක් වෙළඳපලට නිකුත් කිරීමට සූදානම් කර තිබියද
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ‘යුනිසෙෆ්’ ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා හනාන්න් සුලෙයිමන් මහත්මිය අග්‍රාමාත්‍ය කාර්ය
පොළොන්නරුවට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග දිවුලාන විල්ලුව පිටාර ගැලීම හේතුවෙන් රැළෙන් අතරමංව වූ අලි පැටවකු මී හරක් රංචුවක් සමග දිවුලාන ගම්මානයයේ පිහිට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොලිස් වෙඩිල්ලෙන් අලියාට දිවි අහිමි වෙයි
Asrar Friday, 16 August 2024 09:00 AM
මිනිස්සුත් සත්තු දෙගොල්ලන්ටම සමාන අයිතිවාසිකම් තිබෙනවා,,, කියන අය බලමු
Ajith Friday, 16 August 2024 09:25 AM
ඔවුන් බීමත්ව ඉදල තියෙන්නේ .
Pradeep Kumara Friday, 16 August 2024 09:47 AM
මිනිසා හැර අවසාන සත්වයාත් මිහි මතින් තුරන් වූ පසු, අවසාන වෘක්ෂයත් මිහිමතින් තුරන් වූ පසු මිනිසා නැමති සත්වයා වටහා ගනු ඇති ඒ දේවල වල වටිනාකම. නමුත් ඔහු ඒ වන විට බොහෝ ප්‍රමාදය.
ලුම්බිණි Friday, 16 August 2024 10:06 AM
මේ පොලිසි කාරයන් කෙසේ හෝ අත්අඩංගුවට ගත යුතුයි . ඉතාම කණගාටු දායක දෙයක් මේ සතාට කරලා තියෙන්නේ .
රංබොඩ Friday, 16 August 2024 10:35 AM
දඹුල්ල මාර්ගයේ මෙන්ම , බුත්තල කතරගම රජ මාවතේත් වන අලින් පාරට එනවා. එතනදි මිනිසාත් අලියාත් දෙන්නම අසරණ වෙනවා. මේ ප්‍රශ්නයට ස්තිර විසඳුමක් ලැබෙනතුරු අලි මෙන්ම මිනිසුන් ද තව තවත් අකාලයේ ජීවිත අහිමි කරගනීවි.
Bunny Preena Friday, 16 August 2024 10:39 AM
සාමාන්‍ය පුද්ගලයෙකු ජීවිත ආරක්ෂාව සඳහා අලියට වෙඩි තියලා තිබුනානම් කතාව මීට වඩා වෙනස් වෙන්න තිබුනා
සංජීව Friday, 16 August 2024 10:45 AM
මීට පෙර අවස්ථාවක තමන්වව මරන්න පස්සෙන් එළවගෙන ආපු අලියකුට වෙඩි තියල පන බේරගත්තු කෙනෙක්වත් අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කලා නේද?
dasun Friday, 16 August 2024 11:15 AM
අලියා ආයුධ පෙන්නන්න එක්කන් ගියා කියන්නත් බැරි නෑ. පොලිසියේ ආතල්...
Prabha Friday, 16 August 2024 02:21 PM
ජිවිත ආරක්ෂාවට අලි වෙඩි තියන්න පුළුවන් පොලිසියට විතරයිද?
Galkotuwe Gedara Suneth Hemantha Kumara Friday, 16 August 2024 04:22 PM
ඔය පාරේ ඕනෑතරම් වීල් යනවා. රෑටත් යනවා බයික් පවා. ඒ යන මිනිස්සුත් තුවක්කු අරගෙන යයි... ආත්මාරක්ෂාවට කියලා. එහෙම ලොකු කරදරයක් වෙලා නෑ ඔය පාරේ. මේක වෙන සීන් එකක් වෙන්න ඕනේ...!