IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


පොලිස් සිර මැදිරියේදී සැකකරුවන්ට වස දීලා?

 (ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත ආදුරැප්පුවීදිය පොලිසියේ රඳවාගෙන සිටි සැකකරුවන් දෙදෙනකු බැලීමට අද (7) පොලිසියට ආ පුද්ගලයකු ලබාදුන් බව කියන කිරිපැකට්ටුවක් පානය කිරීමෙන් පසු සැකකරුවන් දෙදෙනා සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයෙන් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව උසස්  පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මෙසේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනුයේ සේරුනුවර පදිංචි (27) සහ කොළඹ 13 පදිංචි (29) හැවිරිදි පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය පවසයි.

ආදුරුප්පුවීදිය ජින්තුපිටිය ප්‍රදේශයේදී ඉකුත් 24 වැනිදා පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වෙඩි තැබූ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත ආදුරුප්පුවීදිය පොලිසියේ රදවාගෙන සිටියදී සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් මත එම සිද්ධියට සම්බන්ධ යතුරුපැදිය දමා පලා ගිය පුද්ගලයාද අත්අඩංගුවට ගෙන තිබු බව පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් දෙදෙනාම එකම කූඩුවට දමා තිබූ අතර අද (7) දහවල් 12.15 ට පමණ යතුරුපැදිය දමා පලා ගිය පුද්ගලයාට ආහාර ලබාදී සදහා පුද්ගලයකු පොලිසිය පැමිණ ඔහුට බනිස් ගෙඩියක් සහ කිරිපැකට්ටුවක් ලබාදී පිටව ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණයවී තිබේ.

පසුව දෙදෙනාම කූඩුව තුළ ඇති බංකුවක් මත වාඩිවී එම බනිස් ගෙඩිය දෙකට කඩා කා ඇති අතර එම අවස්ථාවේදී වෙඩික්කරුගේ බිරියද ඔහු බැලීමට පොලිසියට පැමිණ සිටි බව පොලිසිය කියයි. එහිදී වෙඩික්කරු බිරියට ද බනිස් කැබැල්ලක් ලබාදී ඇති අතර ඇය එය ප්‍රතික්ෂේප කර තිබේ.

සැකකරුවන් දෙදෙනාම බනිස් ගෙඩිය කා අවසන්වී කිරි පැකට්ටුව ප්‍රථමයෙන් බීම සදහා අනෙක් සැකකරු විසින් වෙඩික්කරුට ලබාදී තිබේ. එහිදී කිරි පැකට්ටුව ටිකක් බී සැනිස් වෙඩික්කරු එතැනම වැටී ඇති අතර ඒ අවස්ථාවේදී වෙඩික්කරුගේ බිරිය කෑ ගසා තිබේ. ඒ අවස්ථාවේදී අනෙක් සැකකරු ද එම කිරි පැකට්ටුව බීමෙන් පසුව අසාධ්‍ය තත්ත්වයට පත්ව රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.

රෝහල් ප්‍රකාශකයෙක් පැවැසූවේ ඔවුන් දෙදෙනා අසාධ්‍ය තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතිබවය.

එම සිද්ධිය සම්බන්ධයෙන් ආදුරුප්පුවීදිය පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනකුගේ වැඩතහනම් කර ඇති අතර රාජකාරිය පැහැර හැරීමක් සිදුවී ඇත්ද යන්න පිළිබදව මැද කොළඹ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.එල්. ලීලාරත්න මහතාගේ නියෝග මත විශේෂ විමර්ශනයක් පැවැවේ.

 


(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි)

ආදුරුප්පු වීදිය පොලිසියේ සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනකුට ආගන්තුක පුද්ගලයකු යම් උග්‍ර වස වර්ගයක් මිශ්‍රකර ලබා දුන් කිරි පැකට් පානය කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයට පත්ව රෝහල් ගතකර ගත කළ බව ආදුරුප්පු වීදිය පොලිසිය කියයි.

එලෙස රෝගී වූ එක් පුද්ගලයකු ඉකුත් මස 24 වෙනිදින රාත්‍රී ආදුරුප්පු වීදිය ජින්තුපිටිය ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පලා ගිය සැකකරු බවත් අනෙක් සැකකරු ඔත්තු බැලූ අයකු බවද පොලිසිය කියයි.

මෙම සැකකරුවන් දෙදෙනා ඇතුළු තවත් සැකකරුවන් කීපදෙනකු පොලිස් සිර මැදිරියේ රඳවා සිටියදී අද දහවල් 12.30 ට පැමිණි පුද්ගලයකු කිරි පැකට් දෙකක් ඔවුන් දෙදෙනා වෙත ලබා දී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මද වේලාවකදී එක් සැකකරුවකු කිරි පැකට්ටුවක් පානය කිරීමත් සමගම සිරමැදිරිය තුළ එකවරම සිහිසුන්ව ඇද වැටී ඇති අතර සුළු වේලාවක් ගත වීමත් සමගම අනෙක් සැකකරුද ඒ අයුරින්ම සිරමැදිය තුළ ඇද වැටී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

 



අදහස් (1)

පොලිස් සිර මැදිරියේදී සැකකරුවන්ට වස දීලා?

Bamunuarachchi Friday, 09 February 2024 12:11 AM

ඉස්සෙල්ලාම පොලිස් ගොයියෝ අත්අඩංගුවට ගන්න ඕනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 4 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 52 0

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 1311 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 582 0

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


ලංකා සතොසට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 04 992 1

ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත.


ඩයනාගේ නඩුව නොවැම්බර් විභාගයට
2024 ඔක්තෝබර් මස 04 288 0

නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38884 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25513 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1015 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 363 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site