IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


පොල් මෝලේ ආරක්ෂක මරා පඩි සල්ලි කොල්ල කාලා

(ලලිත් නවරත්න)

මුන්දලම බත්තුලුඔය ප්‍රදේශයේ ඩීසී පොල් නිෂ්පාදන ආයනයක ආරක්ෂා සේවයේ යෙදී සිටි ආරක්ෂක නිළධාරීයෙකු අද (11) ඝාතනය කර සේවකයින් හට ගෙවීමට කාර්යාලයේ තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 13ක මුදලක් කොල්ල කා ඇති බව මුන්දලම පොලීසිය පවසයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ එම ආයතනයේ ආරක්ෂක නිළධාරියෙකු ලෙස සේවය කරනු ලබන හලාවත විජයකටුපත පදිංචි කනහැර මුදලිගේ සුරාජ් ඉන්දික නැමති 45 හැවිරිදි තිදරු පියෙකි.

මරණකරු වසර කීපයක සිට මෙම ආයතනයේ ආරක්ෂක නිළධාරියකු ලෙස සේවය කරඇති අතර සිද්ධිය සිදුවන දිනද කාර්යාලයේ ඉදිරිපිට ඇති ආරක්ෂක කුටියේ සිට සේවය කර ඇති අතර අද ප ව 12 00 වන විටත් ඔහුගේ දුරකථනයේ ගීත වාදනය වෙමින් තිබුන බව පොලීසිය පවසයි.

තවද ආරක්ෂක කුටියට ඉදිරිපසින් ඇති මිදුලේ පුටුවක් කැඩී වැටී ඇති අතර කොසුමිටක්ද කැඩී තිබියදී පොලීසිය විසින් සොයාගන ඇත.

එම කාර්යාලයට මදක් පිටුපසින් මරණකරුගේ මෘත ශරීරය වැටී තිබූ අතර හිසේ මරාන්තික දරුණු තුවාලයක් තිබූ අතර  එහි අසල යකඩ අලවංගුවක් තිබී සොයාගෙන ඇත. මෙම ඝාතනය සිදුකිරීම සඳහා මෙම අලවංගුව යොදාගන ඇති බවට පොලීසිය සැක කරයි.

ඝාතනය සිදුවූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයක් සිදුකළ පුත්තලම අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් එස් ඒ සබ්බ්‍රි මොහොමඩ් මහතා මෙම ඝාතනය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකර එහි වාර්තාවක් සහ වෛද්‍ය පරීක්ෂණයක් සිදුකර එහි වාර්තාවක් ගරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මෙම ඝාතනයට වගකිව යුත්තන් සොයා ඔවුන්ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලීසියට නියෝග කලේය.



අදහස් (1)

පොල් මෝලේ ආරක්ෂක මරා පඩි සල්ලි කොල්ල කාලා

fairoos Sunday, 12 January 2025 11:05 AM

ආණ්ඩු මාරුවුණාට රටේ ජනතාව තාම වෙනස් වෙලා නැහැ. කරපු අය ඉතා ඉක්මණින් අහුවෙලා නිසි දඬුවම් ලැබේවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

හෙට විශේෂ ආරක්ෂාවක්
2025 අප්‍රේල් මස 30 6 0

ලෝක කම්කරු දිනයනිමිත්තෙන් හෙට (1) විශේෂ පොලිස් ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.


අද සිට ජන්ද කාඩ් ළගම තැපැල් කාර්යාලයෙන්
2025 අප්‍රේල් මස 30 38 0

තැපැල් මගින් නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට අද (30) සිට තමන්ට ලිපි බෙදීම සිදුකරන තැපැල් කාර්යාලයෙන් හෝ උප තැපැල් කාර්යාලය


තැනින් තැනට සවස් කාලයේදී වැසි
2025 අප්‍රේල් මස 30 36 0

දිවයිනේ බොහෝප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මහජන සෞඛ්‍ය පරීක්ෂඛ අල්ලස් දැලේ
2025 අප්‍රේල් මස 30 545 0

රුපියල් 6000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් ස


ක්ලෝරින් කාන්දු වී පස්සර රෝහල වැසෙයි
2025 අප්‍රේල් මස 30 366 0

පස්සර නගරයේ ජල පිරිපහදුව සදහා භාවිතා කළ ක්ලෝරීන් සිලින්ඩරයක හදිසියේ ඇතිවූ කාන්දුවකින් සිව්දෙනකු රෝගී වූ බවත් එම රෝහලේ නේවාසික රෝගින් සියලුම දෙනා රෝ


හිටපු ජනපතිවරු හතරක් වැඩි වාහන බාර දෙති
2025 අප්‍රේල් මස 30 1857 0

හිටපු ජනාධිපතිවරුන් පස්දෙනාගෙන් සිව් දෙනකු ඔවුන් පාවිච්චි කළ වැඩිපුර වාහනය මේ වන විට ජනාධිපති කාර්යාලයට බාරදී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 149 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 39 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1074 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site