IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


පොල් හිඟය යට ගේම් එකක්

(සුජිත් හේවාජුලිගේ)

රටේ පොල් හිඟයට හේතුව බහුජාතික සමාගම් පොල්  සංවර්ධන අධිකාරියේ දූෂිත නිලධාරීන් පිරිසක් සමඟ එකතු වී රටේ පොල්,  පොල් කිරි සහ පොල් පිටි වශයෙන්  රට පටවමින් කරන ගේම් එක යැයි  සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ  කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පැවසීය.

රටේ මිනිස්සුන්ට කන්න තියෙන පොල් වලින් සියයට 70ක්  බහුජාතික සමාගම්  පොල් කිරි සහ පොල් පිටි වශයෙන්  විදේශයන්ට පටවන බවද   හෙතෙම   ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසූවේ කොළඹදී  පෙරේදා (24) පස්වරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

ලංකාවේ නිෂ්පාදනය කෙරෙන පොල් දේශීය පරිභෝජනයට හොදටම ප්‍රමාණවත් බවත්  අද පවතින තත්වය යටතේ පොල් වත්තක පොල් ගෙඩියක්  රුපියල් 120ත් 125 ත්  අතර මිලකට  අලෙවි කළ හැකි බවත් බුද්ධික ද සිල්වා මහතා පැවසීය.

රටේ නිපදවන පොල් ටික මුලින්ම පාරිභෝජනයටදී ඉතිරි කොටස කර්මාන්ත වලට  දෙන්නැයි   ඉල්ලීම් කරන බවද ඔහු කීවේය.

පොල්තෙල් සහ පොල් මිල පාලනය කිරීමට පොල් සංවර්ධන අධිකාරියේ   ඇති පීඑස් එස් ඔයිල් ෆන්ඩ් වැනි අරමුදල් මේ අවස්ථාවේදී යොදාගෙන කර්මාන්තකරුවන්ට සහ පාරිභෝගිකයන්ට සහන ලබාදෙන ලෙස ඔහු රජයෙන් ඉල්ලීමක් කරයි.

 



අදහස් (16)

පොල් හිඟය යට ගේම් එකක්

යෝගා Friday, 25 October 2024 02:10 PM

මෙතැන කිසිම ගේම් එකක් නෑ. පහුගිය කාලයේ අධික මිල නිසා පොහොර යෙදීම අවම වුණා. ලැබුණු ඵලදාවෙන් විශාල ප්‍රමාණයක් රිලව් විනාශ කරනවා. මේ වගේ මෝඩ ප්‍රකාශ කරන්න කලින් ප්‍රශ්නය හරියට තේරුම් ගන්න ඕනෑ..!

:       16       115

සුදර්ශන Friday, 25 October 2024 04:40 PM

යෝගාගේ අදහස ඉතාමත් නිවැරැදියි. ඇත්තටම වගාකරුවන් පොල් වගාවට පොහොර යෙදීම අවම කළා.. මොකද මිල ගණන් ඔරොත්තු නොදෙන නිසා. සාමාන්‍යයෙන් මේ දිනවල ගස්වල පොල් දකින්නට නැහැ. අපේ ඉඩමට නම් ජනරාල් කියනවා වගේ දෙයක් වුනේ නැහැ... (අපිට පොල් ගස් පහක් තියෙනවා. එයින් අපිට කෑමට අරගෙන ගෙඩි හැටක්, හැත්තෑවක් විකුණන්න පුළුවන් කමක් තිබුණා. ඒත් දැන් කෑමට වත් ප්‍රමාණයක් නැහැ) දැනට සතියකට දෙකකට පෙර අපි සමග එක්ව රජයේ සේවයේ හිටපු සොයුරෙක් හමුවුණා. ඔහු පොල් අක්කර කීපයක් හිමියෙක්. ඉතින් ඔහු කියනවා පසුගිය කාලයේ ඔහුගේ ඉඩම්වල පොල් ගෙඩි විසි තිස්දාහක් රිලව් විනාශ කළා කියලා... ඒක තමයි ඇත්තටම ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ. දැන් කරන්න තියෙන්නේ රිලව් චීනය වෙතට යැවීමට විරුද්ධව කටයුතු කළ අය ලවා පොල් වගාවන් සුරක්ෂිත කරවා ගැනීම පමණයි...

:       1       73

සිල්වා Friday, 25 October 2024 02:34 PM

මේකත් අර සහල් මාෆියා වගේ. පොල්වල තොගමිල තීරණය කරන්නේ... මෙම බහුජාතික සමාගමයි. ඔවුන් දේශීය වෙළෙඳපළට ද පිටිකළ පොල් නිකුත් කරති.

:       53       12

සෞදි-සිංහ Friday, 25 October 2024 03:08 PM

පිටරට සිටින අපට සුපර් මාකට් එකක් ලංකාවේ කියලා දකින්න තියෙන ප්‍රධානම දේ තමයි පිටිකළ පොල්කිරි. මේ ව්‍යාපාරය නතර නොකර පොල් වගාව ඉහළ දැමීමට කටයුතු කිරීම තමයි කළයුත්තේ...!

:       7       57

ගෝෂක Friday, 25 October 2024 03:14 PM

පොල් සංවර්ධන අධිකාරියේ අලුත් සභාපතිට මේ ගැන වගේ වගක් නෑ. එයාගේ සිහිය පුලුවන්තරම් ඉක්මණට ටෙන්ඩර් වලින් හම්බ කරගන්න පරණ, දූෂිත නිලධාරීන් ඔක්කෝම ළඟට අරන්. ඉතින් පොල් මිල ගැන සිහියක් තියෙයිද?

:       7       31

SIRIPAALA Friday, 25 October 2024 03:38 PM

මේවාට කොහෙන් හිනාවෙන්නද මන්දා? එතකොට ඔය පිටිකළ පොල්කිරි පිටරට පැටෙව්වේ හොරෙන්ද? මේවා අපනයන නෙවෙයිද? අපනයන වලින් ලැබෙන්නේ ඩොලර්ද රුපියල්ද? අර ඉස්සර විමලයට ඉඳහිට පෑවිල්ලක් ආවත් එක විදේශ කුමන්ත්‍රණයක් ලෙසයි පෙනුනේ. ඒ වගේ මෙයාලාටත් හැම මගුලම කඩාකප්පල් ක්‍රියා ලෙස පෙනෙන්න ගනීවිද මන්දා?

:       2       39

ජනරළ Friday, 25 October 2024 03:51 PM

පහුගිය කාලේ රටේ ස්ථිර නීතියක් තිබුනේ නැහැ. දේශපාලන බලය මත බොහෝ පොල් ඉඩම් කට්ටිකර වෙන්දේසි කළා. පොල් ගස් කැපුවේ වගේ වගක් නැතුව. ඒ කාලේ මහින්ද ජනපති සැලුන් දොරෙන් ආපු හාදයෙකුට පොල් සංවර්ධන ඇමැති කියලා පට්ටමකුත් දුන්නා. මිනිහා සත පහක දෙයක් කරේ නැහැ. ඒ මදිවාට දිලීර රෝග, සුදු මැසි හානිය වැනි දේවල් නිසි ලෙස හොයලා බලලා ප්‍රතිකාර කරන්න හරි වැඩ පිළිවෙලක් තිබුනේ නැහැ. අපි දිලීර රෝග හැදුණාම ගස් කපලා දැම්මා. ඉන්දියාව ෆියුරඩන් යොදලා ගස් ටික බේරා ගත්තා. අපේ ඔක්කෝම ඔහේ අයාලේ ගලාගෙන ගියා. පොල් වගා කිරීමේ මණ්ඩලයට මීට වඩා පණ ඇතිව කරගෙන යන්න පුළුවන් අයව පත් කළ යුතුයි...

:       37       15

Tikiri Friday, 25 October 2024 04:05 PM

තවත් පච ගහන්නේ නැතිව කරලා පෙන්නන්න.

:       4       36

prasanna Friday, 25 October 2024 04:53 PM

මොන යකා ආවත වෙළෙන්දෝ මොවුන්ව අල්ලේ නටවනවා. පහුගිය රජයවල් මෙවැනි වේලාවට පිටරටින් ගෙනැල්ලා මිල පාලනය කරනු ලැබුවා. දැන් රජය රටින් ගේනවට විරුද්ධ වුණු නිසා දැන් දත් විරිත්තන් බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ... මේ අයටත් ළඟදීම විශාල උද්ඝෝෂණ රැල්ලකට මුහුණ දෙන්න වෙනවා. කෙළින් තීරණ නොගත්තොත්...

:       9       41

Roshan Friday, 25 October 2024 06:04 PM

කව්ද අප්පා මේ මෝඩ කථා කියන්නේ? බහු ජාතික සමාගම් ලංකාවේ පොල් පිටි හෝ කිරි වශයෙන් පිටරට වලට යැව්වේ අද ඊයේ නෙමෙයි. ඒකෙන් කොච්චර විදේශ විනිමය රටට ආවාද? ඒක නෙමෙයි ප්‍රධාන හේතුව පොහොර වල මිල නිසා ගොඩක් අය පොහොර දැම්මේ නෑ. අනික පොල් සහ තැඹිලි ආශ්‍රිතව බෝ වුණු සුදු මැස්සා නිසා පොල් ඵලදාව 50% ත් 75%ත් අතර ප්‍රමාණයකින් පොල් ඵලදාව අඩුවෙලා තියෙනවා... අවුරුදු 2ක් ඇතුළත. කෘෂිකර්ම අමාත්‍යාංශය, පොල් පර්යේෂණ ආයතනය හෝ පොල් සංවර්ධන අධිකාරිය මේ වනතෙක් ඒකට හරියට විසඳුමක් දීලා නෑ. මේකට දැන්වත් අවදානය යොමු කරේ නැත්තන් පොල් ඵලදාව තව අවුරුද්දක් ඇතුළත තවත් අඩු වෙනවා. පොල් සංවර්ධන අධිකාරිය නිලධාරීන් 99%ක් පිනට පඩි ගන්න දූෂිත නිලධාරීන්. ඒක අමුතුවෙන් කියන්න ඕනෑ නෑ...!

:       1       33

Lalla Friday, 25 October 2024 06:51 PM

ගෝඨාගේ පොහොර තහනම සහ පසුව අධික මිලකට ප්‍රමිතිය නැති පොහොර සැපයුම කුරුමිණි, සුදුමැසි, වසංගත, දිලීර රෝගය වැනි කරුණු පොල් හිඟයට හේතුව. අනික සෑම දේකම මිල ඉහළ යනකොට පොල් වගාකරුවන්ටත් ඉහළ මිලක් ලැබිය යුතුයි.

:       16       14

කපිල බන්නනැහැක Friday, 25 October 2024 07:52 PM

බුද්ධික මහත්තයා ඔයාගේ කතාව හරියටම හරි. ඇත්ත තත්ත්වය ඕක තමයි. පොල් ස‍ංවර්ධන අධිකාරියේ සභාපති NPP එකෙන් පත්කරලා තියෙන්නේ D/C මෝල් හිමිකරුවෙක් නේද? ඉතින් අපිට ඔහුගෙන් සාධාරණයක් බලාපොරොත්තු විය හැකිද? පොල් ස‍ංවර්ධන අධිකාරිය ඉදිරිපිට පොල් පෝලිම් ඇති කළේත් ඔහුම තමයි. මේ තත්ත්වය යටතේ NPP රජයෙනුත් අපට සහනයක් බලාපොරොත්තු වෙන්න බෑ. කර්මාන්තය වසා දමා වෙන දෙයක් කරන එක තමයි හොඳම දේ...!

:       4       17

උනුත් එකයි මුනුත් එකයි Saturday, 26 October 2024 06:19 AM

මාලිමාකාරයො ඔලුවෙන් හිටගෙන කිව්වත් ඔවුනුත් සෑම සියලුදේටම පත්කිරීම කරන්නේ ඔවුන්ට ගොට්ට ඇල්ලීම කළ අයට මිස සුදුසු තැනට සුදුසුකම් ලැබූ අය නොවෙයි. ජනාධිපතිවරණය වෙලාවේ හිතවතුන් කීප දෙනෙක් කතාකල නිසා මමත් උත්සව ශාලාවක පැවති රැස්වීමක් බලන්න ගියා සේවයෙන් පහකල ගුරුවරයෙක් තමයි මූලිකව කටයුතු කළේ එහි විශ්‍රාම ගත් ඉහළ නිළධාරීන් හිටියත් ඔවුන්ට පොල්තෙල් පහන් දල්වන්න කිව්වෙ නැහැ .ඔය බොහොමයක් දෙනා අපි මෙයට පෙර දැකල නැහැ කියලා කතාවෙනුත් කිව්වා. උදව්වක් කරන්න ගියාම හරිම එහෙම කිව්වම හරිම පිළිකුල් සහගතයි අන්තිමට තේ පැන් සංග්‍රහයක් කලා වුණත් මැතිවරණ කොමිසමේ කිසිවෙක් ඒක අල්ලන්න ආවේ නැහැ.

:       0       0

වන්නකු Saturday, 26 October 2024 07:02 AM

රිලවු, දඬුලේනුන් කරන විනාශය ගැන කාටවත් අවබෝධයක් නැත්තේ ඇයි? මගේ වත්තේ පොල් ගස් 16 ක් තියෙනවා. මීට අවුරුදු 20කට විතර කලින් මම පොල් විකුණුවා. දැන් මම කඩෙන් ගන්නවා. එම ක්‍රියාවලිය ගැනත් හිතලා බලන්න...

:       0       0

Weerasekara Saturday, 26 October 2024 05:32 PM

වන්නකු හරියටම හරි ඒ ප්‍රශ්නය ගැන ඔය අදහස් ඉදිරිපත් කරපු ජනරැළ වගේ කූල් කාමර වල ඉන්න අයට තේරුම් ගන්න බැහැ. රජයේ සංස්ථා හෝ මණ්ඩලවල ක්ෂේත්‍ර නිලධාරින් කියලා පිරිසක් ඉන්නවා.. සතියකට වරක් කාර්‍යාලයට එනවා පමණයි. වගාකරුවන්ගේ ප්‍රශ්න කියන්න කෙනෙක් නැහැ. ළඟම ඉන්න උපදේශක හමුවෙන්න ගියාම ඉඩම තියෙන්නේ කොහේද කිව්වාම උපදෙස් නොදී අහවල් තැනට යන්න කියනවා වාචිකව උපදෙසක් ගන්න දවස ගෙවාගෙන බස්ගාස්තු වියදම් කරගෙන තමයි වැඩක් කරගන්න වෙලා තියෙන්නේ... ඔය අතරේ දුරකථන මගිනුත් උපදෙස් දෙන උතුම් ගතිගුණ සහිත අයත් ඉන්නවා කියලා මහත් අභිමානයෙන් කියන්න පුළුවන්..

:       0       0

Toni Saturday, 26 October 2024 02:54 PM

නැගිටපල්ලා, නැගිටපල්ලා ඔබලාගේ පොල්ලොරි ඇවිල්ලා...

:       0       21

ඔබේ අදහස් එවන්න

දියත

විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 341 1

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 524 1

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 508 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


තාත්තයි දුවයි මීගමු කලපුවේ සැඟවෙයි
2024 නොවැම්බර් මස 24 507 0

මිගමුව කලපුවේ ගමන් කරමින් තිබු කුඩා ධීවර යාත්‍රාවක් අද (24 ) දහවල් පෙරළී යාමේන් එහි ගමන් කළ පියා සහ දියණීයක් අතුරුදහන්ව ඇති බවත් මෙම යාත්‍රාවේ ගමන් කළ ඉත


කැරට් - ගෝවා මිල ලෙල්ලටම බහී
2024 නොවැම්බර් මස 24 559 0

කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මේ දින වල විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් කැරැටි ,ගෝවා වැනි බොහෝ එළවළු වර්ගවල මිල පහත වැටී විකුණාගත නොහ


වැ.බ. පොලිස්පතිගේ ස්ථානමාරු ලේඛනය කොමිසම ආපසු හරවයි
2024 නොවැම්බර් මස 24 952 0

පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ස්ථානමාරු ලබාදීම සදහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිස් කොමිෂන් සභාවට යවා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 507 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 724 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2026 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site