IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


පාංශු උණ ගැන ඔබ දැනුම්වත්ද?

ජලය සහ පස් ආශ්‍රිතව ඇති බැක්ටීයාවක් හේතුවෙන් හට ගන්නා පාංශු උණ හෙවත් ‘මෙලියොයිඩෝසිස්‘ ( Melioidosis ) නම් රෝගී තත්ත්වයක් පැතිරෙමින් පවතින බවට පසුගියදා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනාවරණය කළේය. මාරාන්තික තත්ත්වයක් දක්වා ඔඩුදුව යා හැකි මේ රෝගය පවතින වැසි සහිත කාලගුණයක් සමඟ පැතිරීම වේගවත් වී ඇත.

සිරුරේ ඕනෑම ඉන්ද්‍රියකට හෝ පද්ධතියකට ‘Burkholderia pseudomallei‘ නම් බැක්ටීරියාව ආසාදනය විය හැකිය.

මැලේසියාව, තායිලන්තය, සිංගප්පූරුව සහ ඕස්ට්‍රේලියාව යන රටවලට ආවේණික පාංශු උණ රෝගයේ ආසාදිතයන් බහුලව වාර්තා වේ. මෙකී රෝගය ගැන මෙරට වෛද්‍ය ක්ෂේත්‍රය දැනුම්වත්ව හිඳීමත්, වසරකට රෝගීන් කිහිප දෙනකු හඳුනා ගැනීමත් නිසා පාංශු උණ රෝගය ලංකාව පුරාද පැතිරීම තහවුරු කරනු ලැබිණි. 

⁣ඉහතින් නම් කළ බැක්ටීරියාව ශරීර ගත වන ක්‍රම කිහිපයකි. එනම් බැක්ටීරියාව පස්වල තිබී කකුලේ කුඩා තුවාල මඟින්, බැක්ටීරියාව සහිත ජලය පානය හෝ පෙවීම මඟින්, අධික දූවිල්ල ආඝ්‍රානයෙන් හෝ ශරීරය⁣ට ඇතුළු විය හැකිය. ඒවගේම දියවැඩියා රෝගීන් ක්‍රමානුකූලව සීනි පාලනය නොකරන්නේ නම් හෝ, වකුගඩු රෝග, තැලසීමියාව , දුම් පානය, අධික මත්පැන් පානය වැනි කාරණාද රෝගය වැළඳීමට සහ  උත්සන්න වීමට හේතු කාරණා වේ. පාංශු උණ රෝගයේ ආසාදිතයන් ගතහොත් බොහොමයක්ම නිදන්ගත රෝගා බාධවලින් පීඩා විඳින්නෝ වෙති. 

තවද නිව්මෝනියාව, පෙනහලු, අක්මාව වැනි අභ්‍යන්තර අවයවයන්හි සැරව ගෙඩි වැනි විවිධ ආසාදන සහිත රෝගීහු මේ වනවිට  කරාපිටිය ශික්ෂණ රෝහලෙන් 2014 සිට මේ දක්වා සියයකට වැඩි පිරිසක් හඳුනා ගෙන සාර්ථක ප්‍රතිකාරවලට භාජන කොට ඇත.

සැබැවින්ම Melioidosis යනු විශිෂ්ඨ අනුකරණයකි. එය ක්ෂය රෝගය හෝ මී උණ වැනි බොහෝ නිදන්ගත  හෝ උග්‍ර රෝග අනුකරණය කළ හැකිය. එනිසාම සමහර විටෙකදී වෛද්‍යවරයාට පාංශු උණ රෝගයේ රෝග ලක්ෂණ වෙන් කර හඳුනා ගැනීම අපහසු  හා අභියෝගාත්මක වීම  මත රෝග නිශ්චය ප්‍රමාද වීමෙන් රෝගීන්ට විවිධ රෝගාබාධ ඇති වීම මෙන්ම පුද්ගල මරණ වැඩි වීමටද හේතු වී ඇත. කෙසේ වෙතත් මුල් රෝග විනිශ්චය මෙන්ම  කඩිනම් ප්‍රතිකාර මත පාංශු උණ රෝගය සාර්ථකව පාලනය කළ හැකිය. මෙහි ප්‍රධානතම රෝග ලක්ෂණය වනුයේ උණ හට ගැනීමය.

රසායනාගාර පරීක්ෂණ මඟින් පාංශු උණ රෝගය නිවැරැදිව තහවුරු කරගත හැකිය. මෙය ආසාදිතයකුගෙන් වෙනත් පුද්ගලයකුට බෝ නොවන අතර පුද්ගලයකුට ජීවිත කාලය තුළ කිහිප වතාවක් වුවද නැවත නැවතත් මතු වීමට අවකාසයක් ඇති තත්ත්වයකි. 

එනම් නිසියාකාරව රෝගය හඳුනා නොගෙන නියමාකාරයෙන් ප්‍රතිකාර නොකිරීම මත කඩින් කඩ මතු විය හැකිය. තවද පාංශු උණ රෝගය වැළඳී සුව වූ නිදන්ගත රෝගයකින් පීඩා විඳින්නකු තම රෝගය ක්‍රමවත්ව පාලනය නොකර දිගින් දිගටම ප්‍රතිශක්තිය හීන වුවහොත් එකී පුද්ගලයාට රෝගයේ අවදානම පමණක්ම නොව වෙනත් විසබීජයක් ශරීර ගත වුවද නැවතත් පාංශු උණ රෝගය මතු විය හැකිය.

පාංශු උණ  යැයි නිවැරැදිව සනාථ කර ගත් පසු රෝගීන්ට  නිවැරැදි ප්‍රතිජීවක ලබා දෙනු ලැබේ. ප්‍රතිජීවකවල කාල සීමාව බොහෝ විට රෝගයේ බරපතළකම මත රඳා පවතී. නේවාසික ප්‍රතිකාර කාල සීමාවෙන් පසු බාහිරව මාස තුනක් හෝ ඊට වැඩි කාලයක් ප්‍රති ජීවක ගැනීමෙන් නිශ්චිතව සුවය ලැබිය හැකිය. නිසි උපදේශනය සහ අදාල පරීක්ෂණවලට රෝගියා නිරන්තරයෙන් භාජන වී සමීපව නිරීක්ෂණය කළ යුතුය. මෙයාකාරයට පසු විපරම් කරනුයේ රෝගීන්ට ඹෟෂධවල අතුරු ආබාධ ,සංකූලතා හෝ නිදන්ගත රෝග උත්සන්න විය හැකි අතර රෝගයේ සුවතාව සඳහා ඒ සියල්ලම හොඳින් නිරීක්ෂණය කළ යුතු වේ. 

පාංශු උණ රෝගයෙන් වැළකීමේ ක්‍රම කිහිපයකි. දුම් පානය සේම මත්පැන් පානයෙන් ඉවත් වීම, නිදන්ගත රෝග සාර්ථකව පාලනය කිරීම, මඩ හෝ අපිරිසුදු ජලයට ඔබගේ දෙපා නිරාවරණය වනවිටෙක පා ආවරණ පැළඳීම, දෙපාවල තුවාල ඇත්නම් ඒ ගැනද සුවිශේෂී අවධානයකින් හිඳීම වැදගත්වේ. තුවාල ආරක්ෂිතව ආවරණය කර ගැනීම මෙන්ම  සුව වීමට කල් ගතවේ නම් ඒ ඇයිද යන්නත් ඔබ විමසිලිමත් වීම වටී. 

මේ වනවිට පාංශු උණ රෝගීන් නුවරඑළිය වැනි සීතල , කඳුකර පෙදෙස් හැරුණු විට දීප ව්‍යාප්තව වාර්තා වේ. 

වසර ගණනාවක් සිටම ක්ෂුද්‍ර ජීව විද්‍යා සායනය, කායික වෛද්‍යවරුන්,ශල්‍ය වෛද්‍යවරුන් ප්‍රමුඛ වෙනත් විශේෂඥයන් සමඟ අත්වැල් බැඳ ගනිම්න් පාංශු උණ රෝගය ඉතා සාර්ථකව පාලනය කොට ඇති අතරම එමඟින් විශිෂ්ට රෝගී සත්කාරයක්ද සහතික කර ඇත.

- සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

පාංශු උණ ගැන ඔබ දැනුම්වත්ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

උසස් පෙළ ප්‍රතිපළ නැවත සමීක්‍ෂණය අයදුම්පත් කැඳවයි
2025 අප්‍රේල් මස 28 55 0

උසස් පෙළ විභාගයේ (2024) ප්‍රතිඵල නැවත සමීක්‍ෂණය සඳහා ලබන මැයි මස 2 වැනිදා සිට 16 වැනිදා දක්වා අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.


අල්ලස් කොමිසමේදී රනිල්ගෙන් පැය තුනක ප්‍රකාශයක්
2025 අප්‍රේල් මස 28 370 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැය තුනකට ආසන්න කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දී ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර පි


අකුණක් 5ක් රෝහලට යවයි
2025 අප්‍රේල් මස 28 219 0

අනුරාධපුර වන්දනාවේ පැමිණ බසවක්කුලම (අභය ) වැවේ දිය නාමින් සිටි පිරිසකට අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බ


‘මහනුවරට රෝග බෝවීමේ අවදානමක් නෑ‘
2025 අප්‍රේල් මස 28 375 0

දළදා දැක්මෙන් පසු මහනුවර නගරයට කිසිදු ආකාරයක රෝග බෝවීමේ අවදානමක් නොමැතිි බව මහනුවර නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් පැරකුම් ජයසිංහ මහතා කිය


ජනපති බංගලා ගැන ළඟදීම තීරණයක්
2025 අප්‍රේල් මස 28 473 0

ජනාධිපතිවරයාට දිවයින පුරා වෙන්කර ඇති බංගලා නවයෙන් දෙකක් පමණක් තබාගෙන ඉතිරි බංගලා ආර්ථික වශයෙන් ඵලදායී කටයුත්තකට යෙදවීමට ළඟදීම පියවර ගන්නා බව රාජ්‍


විමර්ශන ගැන තීරණයක් ගන්න දේශබන්දු කමිටුව අද යළි රැස්වේ
2025 අප්‍රේල් මස 28 247 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනාව විමර්ශන කෙරෙන තිපුද්ගල කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද නැවත රැස්වීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 979 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 426 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 574 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site