(ඩී.ජී.සුගතපාල)
ගාල්ල කොටුව බාල දක්ෂ මාවතේ රත්ගම වැල්ලේ ධීවරයින්ගේ පී.සී.ආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබා ගනිමින් සිටි සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරින්ට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට අසභ්‍ය වචනයෙන් බැණ වැදී පී.සී.ආර්.පරීක්ෂණ සඳහා විරෝධය පෑ ධීවරයෙකු අද(24) දහවල් අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල වක්වැල්ල පාර පදිංචි 60 හැවිරිදි ධීවරයෙකි.
ගාල්ල නගර සභාව විසින් බෝපෙ පොද්දල ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ කාර්ය මණ්ඩලයේද සහාය ඇතිව අද ගාල්ල ධීවර වරාය, ජාකොටු වැල්ල සහ රත්ගම වැල්ල යන ස්ථානවල ධීවරයින්ගේ පී.සී.ආර්.පරික්ෂණ සිදු කරන ලද අතර මහජන සෞඛ්‍ය පරික්ෂක චිරන්ත ගුරුගේ මහතා රත්ගම වැල්ලේ පි.සී.ආර්.පරික්ෂණ කටයුතු කරමින් සිටියදි පැමිණි සැකකරු එයට විරෝධය පළ කරමින් අසභ්‍ය වචනයෙන් බැණ වැදි ඇත.
සිද්ධිය පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව ජංගම මුර සංචාරයේ යෙදි සිටි උප පොලිස් පරික්ෂක ප්‍රියන්ත මහතා ඇතුලු නිලධාරින් පැමිණ සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරු හෙට ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පීසීආර් පරීක්ෂණයට විරෝධය පළ කළ ධීවරයෙක් අත්අඩංගුවට
ධම්මිකා Saturday, 24 October 2020 12:33 PM
මෙහෙමත් කාලකණ්ණි...