ශ්රී ලංකාවේ කොරෝනා වයිරසය ව්‍යාප්තවීමත් සමග ආසාදිතයන් බවට පත්වූවන් හඳුනාගැනීම සඳහා මේ වනවිට පී. සී. ආර් පරීක්ෂණ 130,000කට අධික ප්‍රමාණයක් කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඒ අනුව, මේ දක්වා පීසීආර් පරීක්ෂණ 130,390ක් කර ඇති බවද, ඊයේ දිනයේදී පමණක් එම පරීක්ෂණ 2470ක් සිදුකර ඇති බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කර තිබේ.
16844
මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු
උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක
කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස
තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පීසීආර් පරීක්ෂණ 130,000ක් කර අවසන්
MOHOMED Thursday, 16 July 2020 08:23 AM
අනිත් රටවල් දවසකට 3000ක් කරනවා. දවස් 120ට 130000යි.. මෙහෙමත් ඇන්දිල්ලක්...
අතුලThursday, 16 July 2020 01:42 PM
මොහොමඩ්නේ... කතාකර පලක් නෑ මහත්මයා...
සිරිබිරි Thursday, 16 July 2020 08:55 AM
සමහර රටවල් ඔය ගණන එක දවසකින් කරනවා. ඕක කයිවාරු ගහන්න දෙයක් නෙවෙයි. අපි ඉන්නේ කොතැනද කියලා හිතන්නේ?
අතුලThursday, 16 July 2020 01:41 PM
ඔබ ඔය කියන සමහර රටවල් සිටින තැනත්, අප රට සිටින තැනත් අතර වෙනස, පාට කණ්ණාඩි ගලවා සොයා බලන්න. කරන්නන් වාලේ පරීක්ෂණ කරනවාට වඩා, වසංගතය මැඩලීම අරබයා ගෙනැති ඉදිරි පියවර හේතුවෙන් අප මව්බිම පසුවන සුරක්ෂිතභාවය වැටහෙනු ඇත...
සනත් ඉතාලිය Thursday, 16 July 2020 04:23 PM
කෝටි 138ක් ඉන්න ඉන්දියාව දාහස්ගාණක් මැරෙද්දිත් පරීක්ෂණ කරලා තියෙන්නේ 1 කෝටි 27 ලක්ෂයයි. කෝටි 33කින් ඇමෙරිකාවේ ලක්ෂ ගාණක් මැරෙද්දි පරීක්ෂණ 4කෝටි 40 ලක්ෂයයි.. අපේ තරම අපි තේරුම් ගමු... කොරෝනා සමග දේශපාලනය නොකරමු.
sena Thursday, 16 July 2020 09:14 AM
ඉතින් ඇතිද සර්..? කරුණාකරලා ඕක වැඩිකරලා රට සුරක්ෂිත කරන්න බැරිද? ඔබතුමන්ලාගේ සංගමයෙන්ම කියනවා නේද ඕක මදි කියලා..?
අතුලThursday, 16 July 2020 01:37 PM
ඔබ සතු අන්තර්ජාල පහසුකම භාවිතයෙන් අන්තර්ජාතික තොරතුරු සොයා බලන්න. විචාර බුද්ධියක් ඇත්නම් අප මව්බිම කෝවිඩ් වසංගතයෙන් කොතෙක් ආරක්ෂිතදැයි වැටහේවි...
මංගලිකා Thursday, 16 July 2020 11:12 AM
බොරු කියනවා, ඔක්කොම 28000. ඒකත් වැඩියෙන්ම ජනාධිපති සහ අගමැති කාර්ය මණ්ඩල...
අතුලThursday, 16 July 2020 01:35 PM
කරුණාකර ඔබතුමියගේ ප්‍රකාශය සනාථ කිරීමට විධිමත් සාධක හෝ මූලාශ්‍ර හෝ ඉදිරිපත් කරන්න. සයිබර් අවකාශය අවභාවිතා කිරීම ඔබටද, රටටද අවැඩකි.
dewaThursday, 16 July 2020 03:16 PM
පේන විදිහට මෙයාත් බරටම ගොට්ට අල්ලන කෙනෙක් වගේ...
fairoos Thursday, 16 July 2020 01:02 PM
තියන සම්පත් අනුව බලනකොට ලංකාව හොඳයි.
අතුල Friday, 17 July 2020 04:06 AM
මගේ ප්‍රකාශයේ තියෙන "බරටම ගොට්ට ඇල්ලිල්ල" කුමක්ද කියා ඔබතුමාට පැහැදිලි කළ හැකිද? පදනම් විරහිත කටකථා පැතිරවීම අවැඩක් බව නොවැටහීම, කිසියම් දේශපාලන කඳවුරකට ඇති ඔබේ වහල්කම කියාපායි...
ජගත්ප්‍රිය Friday, 17 July 2020 04:13 AM
එයා ඇත්තනේ කියලා තියෙන්නේ... කටකතා පැතිරවීම දඬුවම් ලැබිය යුතු වරදක් බව දන්නේ නැද්ද ඔයා..? බරටම ගොට්ට ඇල්ලිල්ලක් විදියට පෙනෙන්නේ ඔයාගේ මොකක් හරි ප්‍රශ්නයක් ....