(මනෝප්‍රිය ගුණසේකර)
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් වින්දිතයින් වූ පුද්ගලයින්ට රුපියල් කෝටි 24 1/2ක වන්දි ගෙවා ඇති බව නීතීපතිවරයා කළ දැනුම් දීමක් සැළකිල්ට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය වින්දිතයන්ට වන්දි ගෙවීම පිළිබඳ සවිස්තර වාර්තාවක් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට අද නියෝග කළේය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ වන්දි ගෙවා ඇති ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා පෙත්සම් කැඳවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලු විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.
පෙත්සම් කැඳවු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ විවේකා සිරිවර්ධන මහත්මිය දැනුම් දුන්නේ එම වන්දි ගෙවා තිබෙන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා අදාළ පෙත්සම් 12 ක් පෙත්සම් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, එස්. තුරේරාජා සහ දිලිප් නවාස් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවනු ලැබීය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය අධිකරණය අමතමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගවලට අනුව රුපියල් මිලියන 311 ක මුදලක් වන්දි වශයෙන් හානි පූර්ණ කාර්යාලයට ලැබී ඇතැයි කීවාය.
ඌරන් දඩයම් කිරීමට තැබූ වෙඩිල්ලකින් දැරියක මියගොස් තවත් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි පොලීසිය කියයි.
බද්දෙගම ,මිරිස්වත්ත,මද්දෙවිල ප්‍රදේශයේ ඊයේ(27) රෑ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් දෙදෙනෙක් මරුමුවට පත්වී ඇතැයි බද්දෙගම පොලීසිය කියයි.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපා
පසුගිය රජයන් පත්කළ ජනාධිපති කොමිෂන් සභා දාහතරකට රුපියල් කෝටි 53 කට වැඩි මුදලක් ( ලක්ෂ 5301ක්) වැය කර ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලි
චීනයේ තාක්ෂණික සැණකෙළියක් අතරතුරේ, ඊට යොදවා සිටි මානවරූපි කෘත්‍රිම බුද්ධි රොබෝවකු සැණකෙළියට සහභාගී වී සිටි නරඹන්නන්ට පහර දීමට උත්සහ ගන්නා අයුරුත්,
රුපියල් බිලියන 1400ක ප්‍රාග්ධන වියදම් ඉදිරි මාස 8 ඇතුලත ග්‍රාමීය මට්ටමේ ඵලදායී ව්‍යාපෘති වෙනුවෙන් වැය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිස්ත්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
පාස්කු ගෙවූ ඇති අයුරු කාදිනල් තුමන්ට පෙන්වන්න
පිටරටවැසියා Thursday, 27 February 2025 07:10 PM
හිටපු මැති ඇමතිවරුන් 43 දෙනකු ව්‍යාජ තක්සේරු වාර්තා ඉදිරිපත් කර රුපියල් බිලියන 1.2 ක මුදලක් වන්දි ලෙස මහ භාණ්ඩාගාරයෙන් ලබා ගෙන. හැබැයි පාස්කු ප්‍රහාරයෙන් 300 කට ආසන්න ගණනක් මියගිහින්, තවත් සිය ගණනක් තුවාල වෙලා, අදටත් ඒ සමහරු ඇඳන් උඩ පණ අදිනවා, මේ ඔක්කොටම කෝටි 24.5 යි (මිලියන 245 යි). කොහොමට බෙදිල්ලේ රඟේ? රටේ අතලොස්සක් මෙතන වැළලෙන ගමන්, රට කාපු හැත්තට තාමත් රෙදි නැතිව කඩේ යනවා.