(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් 747 දෙනකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.
මේ අතර පාස්කු ඉරු දින ප්‍රහාරයට අදාලව සැකකරුවන් සහ සැකකාරියන් 100 කට එරෙහිව මහාධිකරණයේ පවරා අැති නඩු 14කට නීතිපතිවරයා අධි චෝදනා ගොනු කර ඇති බවද ඔහු සඳහන් කළේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බව කී අමාත්‍යවරයා ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවෙන් අනාවරණය වූ කරුණුද ඊට පරිබාහිරව ඉදිරිපත්වූ කරුණුද පදනම් කරගෙන මෙසේ විමර්ශන පවත්වන බව කීය
රජය බලයට පත් වූ පසු විමර්ශන නව අදියරයකින් ආරම්භ වී ඇති බවත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර විමර්ශන පවත් වන බවත් හෙතෙම පැවසීය.
මේ සම්බන්ධයෙන් සිවිල් සාක්ෂිකරුවන් දොළොස් දෙනකු හමුදා සමාජිකයන් හත්දෙනෙකු පොලිස් නිලධාරීන් විසිහතර දෙනකු බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු ඇතුළු 48 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් විමර්ශන කරගෙන යන බවද අමාත්‍යවරයා පැවසීය
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය
මැයි මස පළමුවැනි දිනට යෙදී ඇති ලෝක කම්කරු දිනය වෙනුවෙන් රැලි පැවැත්වෙන ප්‍රදේශ අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සහ පෞද්ගලික අංශය එක්ව අක්කර දහසක වන වගාවක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
මරදාන සහ කොළඹ කොටුව අතර දුම්රියක් පිලී පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පාස්කු ප්‍රහාරයට සැක 747ක් අත්අඩංගුවට