(ඩයනා උදයංගනී)
පාස්කු ඉරිදා දින එල්ල වූ ප්‍රහාරය ආගමික අන්තවාදය විසින් සිදුකළ එකක් නොව ආගමික අන්තවාදය අතකොලුවක් කරගනිමින් තම දේශපාලන බලය ශක්තිමත් කරගන්නට වෙර දැරූ පිරිසක් විසින් කළ එකක් යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
තමා එම සිදුවීම තුළ ආගමික උන්මාදයක් හෝ ආගමට ඇති ආදරයක් නොදකින බවත්, තමන්ගේ බලය තහවුරු කරගැනීම සඳහා යම් යම් කණ්ඩායම් දරණ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස එය දකින බවත් කොළඹ අගරදගුරුතුමෝ සඳහන් කළහ.
කාදිනල්තුමන් මේ බව පැවසුවේ පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අය වෙනුවෙන් බොරැල්ල කනත්තේ ඉදි කළ ස්මාරකය විවෘත කිරීමට අද (18) පස්වරුවේ එක්වෙමිනි.
මීට අමතරව මාදම්පිටිය සුසාන භූමියේ ඉදිකෙරුණු ස්මාරකයක් ද කාදිනල්තුමෝ විවෘත කළහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල්තුමෝ මෙසේ ද පැවසූහ. “මේ ස්මාරකය ඉදිකළේ 2019 අප්‍රේල් 21 වැනි පාස්කු ඉරිදා දින එල්ල වූ ප්‍රහාරයෙන් මියගොස් මෙම සුසාන භූමියේ මිහිදන් කර සිටින නව දෙනෙකු සිහි කරන්නයි. මේ සිහිවටනයේ ඒ අයගේ නම් සඳහන් වෙනවා. මමත් මේ භූමදානයන්ට සහභාගී වුණා. එකම පවුලේ සැමියා, බිරිඳ, දියණියක් මෙහි භූමදානය කර සිටිනවා.
ක්‍රිස්තු ධර්මය අනුව දෙවියන් වහන්සේ මනුෂ්‍යයා මවා ඇත්තේ මනුෂ්‍ය ජීවිතයේ උතුම්කම අවබෝධ කරගන්නයි. මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම කිසිම දෙයකට බාල්දු කරන්න බැහැ. මේ ආත්මාර්ථකාමී ලෝකයේ මනුෂ්‍ය ජීවිතය ගැන ඉතා අඩු තක්සේරුවකින් සළකන්න යොමු වී තිබෙනවා. එදා අපේ සොහොයුරන්ට පහර දුන්නේ ආගමික අන්තවාදය නෙවෙයි. ඒ ආගමික අන්තවාදය අතකොලුවක් කරගනිමින් තම දේශපාලන බලය ශක්තිමත් කරගන්න වෙර දැරූ පිරිසක් විසිනුයි. මේ සිදුවීම තුළ අපි දකින්නේ ආගමික උන්මාදයක් හෝ ආගමට ඇති ආදරයක් නොවේ. තමන්ගේ බලය තහවුරු කරගන්න යම් යම් කණ්ඩායම් දරණ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස අප මෙය දකිනවා.
අපි ශ්‍රී ලාංකිකයන් ලෙස මේ ගැන ලැජ්ජා විය යුතුයි. කුමන ආගමක් ඇදහූවත්, කුමන ජාතියකට අයිති වුවත්, කුමන භාෂාවක් කතා කළත් තව කෙනෙකුට විරුද්ධව අත උස්සා හිරිහැර කරන්න යොමුවීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. මා රටේ සියලු දෙනාගෙන් ඉල්ලන්නේ තව කෙනෙකුට හිරිහැර කිරීමට ආගම, භාෂාව, ජාතිය භාවිතා කරන්න එපා කියලයි. තමන්ගේ බලය, ශක්තිය පෙන්වන්න සිදුකරන මරණ නිසා අපේ රට ලෝකය ඉදිරියේ අපිරිසිඳු අවාසනාවන්ත තැනක් බවට පත්වෙනවා.
ක්‍රිස්තුස් වහන්සේ අපට කියන්නේ මනුෂ්‍ය ජීවිතයට ආදරය කරන්න, ගරු කරන්න, තමන්ගේ අනන්‍යතාවය තුළ හැම කෙනෙකුටම වර්ධනය වෙන්න ඉඩදෙන්න කියලයි. මා මේ ප්‍රහාරවලින් මියගිය සියලු දෙනාටම යුක්තිය ඉටුවීම ප්‍රාර්ථනා කරනවා.”
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)
රාජාංගණය පොලිස් වසමේ තුඹුල්ලේගම වැවේ ඔරුවක නැග මසුන් අල්ලමින් සිටි 64 හැවිරිදි තිදරැ පියෙකු ඔරැව පෙරලි දියේ ගිලිමෙන් ඊයේ (11) දින මිය ගොස් ඇතැයි රාජාංගණය
වාද්දුව පොලිසිය විසින් පුද්ගලයෙකුට පහරදී ඝාතනය කල බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සදහා සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුගේ ප්‍රධාන
කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පහර දීමට සම්බන්ධ පාර්ශවයේ දරුවන් සිව් දෙනෙකු පොලිස් භාරයට ගත් බව නවගමුව පොලිසිය පවස
යාපනය වාලම්පුරි ප්‍රදේශයේ හෝටලයකදී ඇති වූ බහින්බස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්ජුනා මහතා විසින් කළ බව කියන පහරදීමකින් පුද්ගලයන් දෙදෙ
මඩකළපුව,අම්පාර,මාතලේ,බදුල්ල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකිය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
තායිලන්ත අග්‍රාමාත්‍ය කාර්යාලයේ උප ඇමති විශ්‍රාමික ජෙනරාල් නිපාට් තොන්ග්ලික් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍රා
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
‘‘පාස්කු ප්‍රහාරය ආගමික අන්තවාදයේ අතකොලුවක්‘‘
Pradeep Monday, 19 April 2021 03:09 AM
අගරදගුරු තුමනි, එදා සිට අද දක්වාම මෙරට ජාතිවාදී ගැටුම් වලට මූල්‍ය මේ දේශපාලනය තමයි. දේශපාලකයින්ට තමයි උවමනා වෙලා තියෙන්නේ ජාතීන් එකිනෙකා අතර ගැටුම් ඇති කරවන්න. ජාතිවාදය සහ දිළිදු කම තියනාතුරා ඔවුන් දන්නවා ඔවුන්ගේ පැවැත්ම ස්ථිරයි කියා. පෞද්ගලිකව මම සෑම ජාතිකයකුම සෑම ආගමිකුම ඇසුරු කරනවා. ඒ කිසිවෙකුටත් ජාතිවාදයක් අවශ්‍ය නෑ. ඔවුන්ට ඕන සැවොමත් සමඟ සාමයෙන් සතුටින් ජීවත් වීමයි. කුමන ජාතියකට අයත් වුවත් කුමන ආගමක් ඇදහුවත් අප සැම මනුෂ්‍ය ජාතියට අයත් බව නොවැටහෙන්නේ බලලෝභී දේශපාලකයින්ට සහ ඔවුන්ගේ බත් බැලයන්ට පමණයි.
fairoos Monday, 19 April 2021 07:30 AM
මේක දැන්වත් ඔබතුමාට තේරුණ එක හොදයි