(මනෝප්‍රිය ගුණසේකර)
පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාන හා තරු පන්තියේ හෝටල් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ සැකකරුවන්ට එරෙහිව ගතයුතු නීතීමය පියවර පිළිබඳව උපදෙස් ඉල්ලා රහස් පොලිසිය ඇතුළු විවිධ පොලිස්ථාන වලින් නීතීපතිවරයාට එවා තිබු අසම්පුර්ණ විමර්ශන ගොනු 40 ක් නීතීපතිවරයා විසින් ආපසු හරවා වැඩබලන පොලිස්පතිවරයාට අද (26) යවන ලදී.
සම්පුර්ණ විමර්ශන ගොනු නොපමාව හරියාකාරව සිදුකර උපදෙස් සඳහා යළි තමන්ට එවන ලෙස නීතීපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිතව උපදෙස් දුන් බවද නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන උධෘත ගොනු නීතීපති උපදෙස් සඳහා විවිධ පොලිස්ථාන වලින් නීතීපති දෙපාර්තමෙන්තුට ලැබී ඇති බවත් එම විමර්ශන ගොනු වලින් බොහෝ ප්‍රමාණයක් විමර්ශන අවසන් කර ඇති බව සඳහන් කර තිබුණත් විමර්ශන අසම්පුර්ණ හා කිසිඳු නීතීමය පියවරක් ගත නොහැකි අසම්පුර්ණ ගොනු බව පෙනී ගොස් ඇති බවත් නීතීපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට වැඩිදුරටත් දැනුම් දී ඇත.
එලෙස කිසිඳු නීතීමය පියවරක් ගත නොහැකි අසම්පුර්ණ විමර්ශන ගොනු 40 ක් මුලිකව නීතීපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට ආපසු බාරදී ඇති අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් සම්බන්ධයෙන් උපදෙස් ඉල්ලා ඉදිරිපත් කර ඇති අසම්පුර්ණ ගොනු ඉදිරියේදීත් මේ ආකාරයටම ආපසු බාරදීමට කටයුතු කරන බව නීතීපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.
මෙම අසම්පුර්ණ විමර්ශනයන් නොපමාව හරියාකාරව සිදුකර එම සම්පුර්ණ විමර්ශන ගොනු උපදෙස් සඳහා යළි තමන්ට එවන ලෙස නීතීපතිවරයා විසින් පැහැදිලිවම වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති බවද නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.
දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ
වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.
දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා
අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා
නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.
සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පාස්කු ප්‍රහාරය ගැන එවා තිබූ අසම්පුර්ණ ගොනු 40 ක් නීතිපති ආපසු යවයි
Narada Friday, 26 June 2020 03:16 PM
නියමයි....
Nishan Friday, 26 June 2020 11:09 PM
ඕවා සම්පූර්ණ කරන්නත් බැරුව ඇති. නීතිපතිතුමා ඕවා පිලිගත්තොත් උසාවියේදී අපහසුතාවට පත් වෙන්නේ එතුමා නිසා ආපහු හරවා යැවීම අන්තිම සාධාරණයි. අනික ඡන්දේ නිසා ලකුණු දාගන්න ආණ්ඩුව කඩිමුඩියේ ගොතන බොරු පරීක්ෂණ කොහොමද නීත්‍යානුකූල වෙන්නේ? ඔය 40 ම කුණු කූඩට තමයි.
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 27 June 2020 02:57 AM
කොහොමද පොලිසියේ තියෙන විශාරද නීති දැනුම... මේ අය තමයි මිනිස්සුන්ට නීති රකින හැටි කියා දෙන්නේ.. ඉස්සෙල්ලාම මේ අයට නීතිය හරිහැටි කියා දෙන්න. මේ අය ගැන නීතිපතිතුමා දුන් ආකාරය අගනේය.
Lakmal Saturday, 27 June 2020 07:23 AM
දැන් පෙන්වනවා... පාස්කු ප්‍රහාර නාටකය දැන් පෙන්වනවා. තිරගතවීම අගෝස්තු 05 වැනිදා දක්වා පමණයි.
vidya Saturday, 27 June 2020 06:43 PM
මෙයින් කොපියක් කාඩිනල්තුමාටත් යවන්න. උන්වහන්සේ හරිද? වැරැදිද? කියලා හරියටම කියාවි.