IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


පාස්කු ප්‍රහාරය ගැන සජිත්ගෙන් විශේෂ හෙළිදරව්වක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 31 දෙනකු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයෙන් හදිසියේ මාරු කර යැවීම  සහ  එහි නිලධාරීන් 700 දෙනකුට පිටරට ගමන් තහනම් කිරීම බරපතළ සැකයට තුඩුදෙන කරුණක් හෙයින්  ඒ ගැන වහාම විමර්ශනයක් පවත්වන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

පාස්කු ඉරුදින ප්‍රහාරය ප්‍රහාරයේ සත්‍ය සොයන දේශීය යාන්ත්‍රණය දූෂිත හෙයින් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍ය බවද  ඔහු සඳහන් කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරයේ ප්‍රධානියාවූ මොහොමඩ් සහරාන්  නමැත්තා වැඩියෙන්ම ඇසුරු කර ඇත්තේ බුද්ධි අංශ නිලධාරියකු බවත් ජාතික ආරක්ෂාවට ගැටලුවක් හෙයින් මෙම නිලධාරියාගෙන් ප්‍රශ්න නොකරන ලෙස ඉහළ බලධාරීන් දන්වා තිබීම ගැනද විමර්ශනයක් කළ යුතු බවත් විපක්ෂනායකවරයා කීවේය.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විවාදයේදීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

මේ සිද්ධියේ සත්‍ය හෙළි කර ගැනීම අපගේ අරමුණයි. චැනල් ෆෝ කියන්න අවශ්‍ය නැහැ. අපි පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන අවධානයෙන් සිටියා.සමහරුනම් නිදාගෙන ඇති.නයින් ලෙවන් ප්‍රහාරය ගැන වාර්තා ගන්න පුළුවන්. පාස්කු ප්‍රහාරය ගැන වාර්තාව මේ රටේ විපක්ෂ නායකට ගන්න බෑ. සත්‍යය යථාර්ථය හංගන්නේ ඇයි. කොමිෂන් සභා වාර්තා නිර්දේශ සියල්ල ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලනවා. මේ උත්සාහය මඩ ගහන්න නොවේ. සත්‍ය සොයන්න.

සත්‍ය තවම හෙළිදරව් වී නැහැ. බුද්ධි අංශ නිලධාරියෙක් තමයි සහරාන් එක්ක වැඩිපුරම ගනුදෙනු කරලා තියෙන්නේ. ජාතික ආරක්ෂාවට බලපාන නිසා මෙම නිලධාරියාගෙන් ප්‍රශ්න කරන්න එපා කියලා සමහරුන් කියලා තිබුණා. මේ කාරණය ගැන විමර්ශන කළ යුතුයි. එස්අයි එස් නිලධාරියකු මේ ප්‍රහාරයේ වගකීම අයිඑස් සංවිධානය භාර ගන්නෙ නැත්තෙ ඇයි කියල  අහල තියෙනවා. ඔහුට මෙහෙම අහන්න තියෙන අයිතිය කුමක්ද. සොනික් සොනික් ප්‍රශ්නයත් වහාම විමර්ශනය කළ යුතුයි. ඇත්ත හෙළිදරව් වෙන්න ඕන. ජමීල් ටාජ් සමුද්‍ර  බෝම්බය පුපුරවා ගන්න කලින් ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු ඔහුගේ ගෙදරට ගියේ ඇයි. මේ ගැනත් විමර්ශන කළ යුතුයි. මේ ප්‍රහාරය ඉක්මන් කරන්න කියලා සහරාන්ට ඉහළින් පණිවිඩ ආවා. කවුද අබුහින් කියන්නේ.  සහරාන්ට ඉහළින් අනිවාර්යයෙන්ම මහ මොළ කාරයෙක් හිටියා. ඒ අබුහින්. ඔහු කවුද කියලා හොයන්න විමර්ශනයක් අවශ්‍යයි.

සාරා ජස්මින් පිළිබඳවත්  වහාම විමර්ශනයක් පවත්වන්න ඕන. ගෝඨාභය 18 ජනාධිපති වෙනවා. නොවැම්බර් 22 අගමැති පත් කරනවා. ඒ ඔක්කොටම කලින් ශානි අබේසේකර මාරු කරල යවනවා. පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ  පවත්වපු 31 දෙනකු ගෝඨාභයගේ නියෝග මත මාරු කර යැව්වා. රහස් පොලිසියේ නිලධාරීන් හත්සියයකට පිටරට යෑම තහනම් කළා.(මාරු කළ  නිලධාරි ලැයිස්තුව කියවයි) මේක බරපතළ සැකයට තුඩුදෙන කාරණයක්. මේ ගැනත් සොයා බලන්න ඕන. අප්‍රේල් 4  ගැලනිගම පිවිසුමට ලොරියක් එනවා. පිටිපස්සෙන් වී එයිට් එකක් එනවා. පස්සෙං තවත් වාහනයක් එනවා. බස්නාහිර ඩීඅයිජී  කෙනෙක් කියනවා මේ ලොරිය නිදහස් කරන්න කියලා. මේ ගැනත් විමර්ශන කළ යුතුයි. නීතිපතිතුමා මේ ගැන කතා කරනකොට බුද්ධි අංශයත් එනවලු. ඒ ගැනත් සොයන්න.

තිත්ත වුණත් ඇත්ත දැනගන්න ඕන.

මැල්කම් රංජිත් අගරදගුරු හිමිපාණන් ඒ ප්‍රහාරය දැන ගෙන හිටියා කියලා මෙතන මන්ත්‍රීවරයෙක් කිව්වා. කාදිනල් හිමියන්ට  ආරක්ෂාව දුන්නේ කවදාද. රදගුරු හිමියන්ට මඩ ගහන්න එපා. ශානි අබේසේකර අවංක පොලිස් නිධාරියා දඩයම් කරන්නේ ඇයි. ඒ දඩයම පටන් ගත්තෙ ගෝඨාභය. පාස්කු ඉරුදින ප්‍රහාරයට කවුරුත් වගකියන්න ඕන. අපිත් වගකියන්න ඕන. සත්‍ය සෙවීමට අදූෂිත යාන්ත්‍රණයක් අවශ්‍යයි.දේශීය යාන්ත්‍රණය දුෂිතයි. ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය වන්නේ මේ නිසයි. එහෙම නොකළොත් අපේ  රජයක් යටතේ ඇත්ත සොයනවා. අපි ඒ යුතුකම කරනවා. ප්‍රතිඥාව දෙනවා.



අදහස් (4)

පාස්කු ප්‍රහාරය ගැන සජිත්ගෙන් විශේෂ හෙළිදරව්වක්

Rata Perata Friday, 22 September 2023 11:57 AM

ඔව්, කොච්චර තිත්ත වුණත් ඇත්ත සෙවිය යුතුයි.

:       3       22

samare Friday, 22 September 2023 02:08 PM

ඒ වුණාට සජිත් නම් ඔය විශේෂ ප්‍රකාශ කරන්නත්, තිත්ත ඇත්ත කියන්නත් අවුරුදු 4ක් ගත්තානේ... එයාත් ඇමැති කෙනෙක් වෙලා හිටපු රජයක් තිබුණු කාලයක වෙච්චි දෙයකට මේ වෙනතුරු කට වහන් හිටියේ මොකද​?. ඒ කාලේ ඇත්ත තිත්ත මදිවුණාද?

:       5       12

Bunny Preena Friday, 22 September 2023 02:13 PM

තිත්ත ඇත්ත තමයි... විරුද්ධ පක්ෂයේ ඉන්නකොට බලයට ආවාට පස්සේ කරනවයි කියන දේවල් ආණ්ඩු?බලය ලැබුණට පස්සේ කියනලද කිසිදෙයක් සිදු නොවන එක...

:       2       9

නිධන් හොරා Friday, 22 September 2023 08:01 PM

කොටින්ට මුදල් සහ ආයුධ දුන්නේ ඒ කාලේ සිංහලයින් මරන්නේ සහ බලයේ ඉන්න... පාස්කු ප්‍රහාරය කාලේ තිබුණු රජයේ බලවත් ඇමැති කෙනෙක් සජිත්... ඒ කාලේ සද්දයක් නැහැ. ඊලාම් යුද්ධය කාලේ කොටි අරන්තලාවේ සිය ගාණක භික්ෂු ඝාතනයක් කළා. දළදා මාලිගාවට කොටි බෝම්බ ගැහුවා. මෙයා කිසි සද්දයක් නැහැ. සිංහලයින්ට බෞද්ධයින්ට යමක් සිදු වුණාට මොවුන්ට ගාණක් නැහැ. මොලේ එන කොට බලේ නැහැ.. බලයට ආවාම මොළේ නැහැ...

:       3       2

ඔබේ අදහස් එවන්න

දියත

ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 282 0

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2170 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 2835 6

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1742 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 9479 4

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2604 7

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40134 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25982 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 260 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1321 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site