IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


‘‘පාස්කු ප්‍රහාරයේ පෙනෙන දේට වඩා නොපෙනෙන පැත්තක් තියෙනවා‘‘

(ඩයනා උදයංගනී)

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ මතුපිටින් පෙනෙන දේට වඩා නොපෙනෙන පැත්තක් ඇති බව පෙනෙන්නේ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (21) පැවසූහ.

මෙම ප්‍රහාරයේ සත්‍ය යටපත් කිරීමට කවුරුන් හෝ උත්සාහ ගන්නේ නම් ඔවුන් බොඳ කර, ඔවුන්ගේ බලය අඩු කර, හෘද සාක්ෂිය අනුව වෙනුවෙන් පෙනීසිටීමේ ශක්තිය ලබා දෙන්නැයි දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටින බව ද කාදිනල්තුමෝ සඳහන් කළහ.

මෙම ප්‍රහාරයේ තොරතුරු යටපත් කර අත සෝදාගන්නට මිනිසුන් උත්සාහ කළත් දෙවියන් වහන්සේ එයට ඉඩ නොදෙනු ඇතැයි කොළඹ අගරදගුරුතුමෝ කීහ.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ මේ බව පැවසුවේ පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට මාස 28 ක් ගතවුවත් එයට වගකිවයුත්තන් හෙළිනොවීම සම්බන්ධයෙන් දිවයින පුරා අද (21) ක්‍රියාත්මක කළ විරෝධතාවයට සමගාමීව අගරදගුරු මැදුරු දෙව් මැදුරේදී පැවති විශේෂ යැදුම් මෙහෙයට එක්වෙමිනි.

 



අදහස් (35)

‘‘පාස්කු ප්‍රහාරයේ පෙනෙන දේට වඩා නොපෙනෙන පැත්තක් තියෙනවා‘‘

සමන් කුමාර Saturday, 21 August 2021 09:39 PM

පාස්කු ප්‍රහාරයේ නොපෙනෙන පැත්ත ගැන මාධ්‍ය සංදර්ශන පවත්වා ජනයාට කීමෙන් ඵලක් නැත. මක්නිසාදයත් මහජනයාට නොපෙනෙන පැත්ත නොපෙනේමයි. මෙය දෙවියන් වහන්සේට කිව්වොත් ඇත්ත දැනගත හැකියි.

:       15       123

Alfred de Costa Saturday, 21 August 2021 09:56 PM

අයියෝ මෙයාලගෙත් පුදුම ඇඬියාවක්නෙ තියෙන්නේ. මොකුත්ම නැත්තන් ගහක් හරි බදාගෙන කොඩිය උස්සනවා. ඔන්න ඔය මේ අය කියන කෙනා මරලා මේ ප්‍රශ්නේ විසඳලා දාන්න. ආගමික නායකයො දේශපාලන බලය අල්ලන්න හදනකොට අප්පිරියයි කියල මුන්ට තේරෙන්නෙ නැත්ද?

:       61       198

අඬෝවැඩියාව Saturday, 21 August 2021 09:58 PM

මෙයත් අර ‍රැව්ල ගිනි අරන් තියෙන අස්සේ සුරුට්‍ටු පත්තු කරන්න එනවා. අඩු ගානේ රටට සෙත් පතා යාතිකාවක් වත් කරනවා, හැමතිස්සෙම දෙස් දෙවොල්ම තිය තිය ඉන්නෙ නැතුව.

:       54       174

lakvidu Saturday, 21 August 2021 09:59 PM

ගරැ පිය තුමනි, මේ පිලිබද ඔබගේ උනන්දුව ගැන අපි ගරැ කරමු. එහෙත් කොටි ත්‍රස්තයන්යට කිරි දරුවන් ගැබිනි මව්වරැන් ඇතුලු සිංහලයන් ගම් පිටින් කපා කොටා මරා දමද්දී ඒ ගැන ඔබ දැක්වූ මුනිවත ගැන අපි වික්ෂිප්ත වන්නෙමු!

:       36       236

Jude Sunday, 22 August 2021 09:37 PM

ප්‍රභාකරන් ක‍තෝලික. ඒකයි පුතණ්ඩියට චාල්ස් ඇන්තනී කියලා නම දැම්මේ. අදටත් උතුරේ කොටි සමරු වලට ඉස්සරහින්ම යන්නේ පල්ලියේ පියතුමන්ලා. මේ කොළඹ සෙට් එක ඒකට මීක් නෑ. ඒක එහෙම වෙන්නේ ඇයි කියලා මේ මහත්වරු අපිට පැහැදිලි කරන්නේ නෑ...

:       4       4

Siwanathan Saturday, 21 August 2021 10:05 PM

අපිට ඔබ ගැන ඉස්සර හොඳ පැහැදීමක් තිබුනා. දැන් නම් ඒක අනිත් පැත්ත. ලංකාවේ කොහොමත් නඩුවක් විසඳන්න අවුරුදු 5-10ක් යනවා. ඒක ඔයාලගෙ සුද්දා හදල ගියපු සිස්ටම් එක. එංගලන්තෙ, ඇමරිකාවෙ වුනත් මේ වගේ සංකීර්ණ සිද්ධියක් විමර්ශනය කරල තීන්දුවක් දෙන්න කල් යනවා. මොකද හදිසියේ දෙන තීන්දුවක් වැරදුනොත් ජාතීන් අතර, ආගම් අතර අර්බුදයක් ඇති වෙන්න පුලුවන් නිසා.

:       40       133

ලක්මාල් Tuesday, 24 August 2021 05:00 PM

මේ ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ මිනී උඩින් බලයට ආවේ බොරු පොරොන්දු දීලා රටම රවට්ටලා. අත ගගා ඉන්නැතුව වගකිව යුත්තෝ හෙළිකරලා දඬුවම් දෙන්න මෙච්චර කල් යන්නෑ.. අවංක වුවමනාවක් තියෙනවා නම්... ආණ්ඩුවට ඕනෑ වැඩ.. ඔය අපූරුවට ඉක්මණට කරගන්නේ...

:       0       2

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 21 August 2021 10:07 PM

ඒ මියගිය ජීවිත සංඛ්‍යාවට හා කරදර හිරිහරයට හා තුවාල ලැබූ සංඛ්‍යාවට වගකිවයුතු ප්‍රධානියා වන මෛත්‍රී අදටත් නිදැල්ලේ. කාදිනල් හිමිපාණන් ඒ දිනවල තිබුණු රජයට එරෙහිව කටයුතු කොට මේ රජය බලයට ඒමට හැකි පරිසරයක් උදාකලේ පාස්කු ප්‍රහාරයට වගකිවයුතු අයට දඬුවම් දේ යැයි යන විශ්වාසයෙන්. ඒත්, එය ඉටුවුනේ නැහැ.

:       119       49

chandanaMonday, 23 August 2021 11:30 PM

මට පුදුමෙ නම් මේ ආණ්ඩුව බලයට ගේන්න එයාලගේ ඡන්ද හේතු වුනා නම්, ඒ සිද්ධිය සිදුවනකොට ඒකට නිසි පියවර ගන්න උනන්දු නොවෙච්ච, එවකට තිබිච්ච කොමිසමට මෙවැනි බලපෑමක් නොකල දැන් විපක්ෂයේ ඉන්න සමහර මන්ත්‍රීවරු ඔවුන්ගේම ඡන්දයෙන් පත්වුනේ කොහොමද කියන එකයි.

:       0       1

Yathikawa Saturday, 21 August 2021 10:14 PM

ඔබගේ දෙවියන් වහන්සේට, දෙවියන් වැඩ සිටිනා ස්ථානයේ දෙවියන් යදිමින් සිටි මිනිසුන්ගේ ජීවිත බේරා ගැනීමට නොහැකි වී නම්, ඒ දෙවියන් අන් දෙයකට පිහිට වේද?

:       26       113

bandara Saturday, 21 August 2021 11:05 PM

පැවැති රජයත්, වත්මන් රජයත් මෙම සිදුවීමේදී අසමත් වී ඇත. වසර 2 මාස 4ක් තුළ කළදෙයක් නැත. ජනාධිපති කොමිසමේ නිර්දේශ ලිපිගොනු අතර සැඟවී ඇත. චුදිතයින් පාර්ලිමේන්තුවේම ඇත. ඔවුන්ගේ ඉදිරියෙන් කැරට් අලයක් තබා ඇත. පිටුපසින් කිනිස්සක් තබා ඇත. මේ තරම් නීතිය නවන රටක් ලෝකයේ තවත් තිබේද?

:       81       39

Demuni de Saturday, 21 August 2021 11:38 PM

අතිගරු මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමණි - "ඔබට එය නැවත කියන්න පුළුවන්!"

:       22       4

සිරිබිරිස් Sunday, 22 August 2021 12:25 AM

ඔබ වහන්සේ නොදැක්කාට , අපි නං ඒ නොපෙනෙන පැත්ත දැක්කා ඒ දවස් වලම .

:       23       66

අතුල සෞදි Sunday, 22 August 2021 12:51 AM

නොපෙනෙන පැත්ත තමයි " අඳුරු කුටිය තුල දොරගුළු ලාගෙන ගයන ගීතිකා යදින යාචිලා දෙවියන් හට නෑසේ "

:       7       172

බද්රානි Sunday, 22 August 2021 02:28 AM

පුදුමේ කියන්නේ, දේව පුත්‍රයෙක් වූ ඔබ තුමාට දැන් වැටහිලා තියන දේ මෝඩ මට, මීට වසර කීපයකට කලින්ම අවබෝධ වෙලා තුබුන දේනේ. මම, ඔබ තුමාව පහුගිය කාලේ හොඳට නිරීක්ෂණය කළා.

:       4       45

janis Sunday, 22 August 2021 04:50 AM

ඔබ තුමා වහෙන් ඔරෝ නැතුව කෙලින් කතා කරන්නේ නැති එක කතෝලික අපි පුදුමයෙන් ඉන්නේ .ඇයි ඔබ තුමා බය කාටද .කෙලින්ම අත දික් කර මහා ජනතාවට මේක කරපු උපදෙස් දුන්නු අය හෙලි කරන්න .ඔබ තුමා දන්නා බව අපට පෙන්වලා වැඩක් නෑ

:       1       82

දාස Sunday, 22 August 2021 06:23 AM

ඔය බයිල ගගහ ඉදල වැඩක් නැහැ. මේ පාලකයො ඔවා ගනන් ගන්නෙ නෑ.යන්න ජාත්‍යන්තරේට .මේ අයට රට්ටුන්ට කරන බොරු ඒ අයට කරන්න බැහැ.මතකද අර බ්‍රතාන්‍ය සංචාරකයගෙ පෙම්වතිය දුෂනයකරලා පෙම්වතා මරපු වෙලාවේ එය කල දේශපාලුවා සම්බන්ද පරික්ෂන මහරජා යට ගහන්න යනකොට බ්‍රතාන්‍ය ආණ්ඩුව මැදිහත් වුනා . ඒ ප්‍රථිපලය තමයි ඒ තක්කඩි කුපාඩි රැලට දඩුවම් ලැබුනේ.ස්වාමිනි අපට මේ ප්‍රහාරය පිටු පස ඉන්න අය ගැන දැන ගන්න ඕන .කරුණාකර ජාත්‍යන්නරයට බලකරන්න මෙයට මැදිහත් වන්න.

:       101       36

C.K.Lankaputhra. Sunday, 22 August 2021 07:06 AM

සුලඟ එන්න එන්නම වැඩිවෙන පාටයි.

:       47       14

මුණසිංහ Sunday, 22 August 2021 07:36 AM

දැන් අපිට ඔබ වහන්සේ ගැනත් ප්‍රසාදය අඩු වේගෙනයි යන්නේ . අපිට පේන විදියට ඔබ වහන්සේ දන්නා දෙයක් සඟවමින් ඉන්නවා. බය නැතිව ඒ සියල්ල හෙළි කරන්න. එතකොට යථාර්ථය තේරෙනවා. කාටවත්ම කරගන්න දෙයක් නැතිව යනව. පරීක්ෂණ වල අඩුපාඩු හැදේවි.

:       3       80

Jameel Sunday, 22 August 2021 10:01 AM

මෙතන බොරු කියලා ජාතිවාදේ ඇති කරන්න එපා.

:       34       81

පප්පSunday, 22 August 2021 11:12 AM

මේ අපරාදය පිටුපස ඉන්න අය හොයන්න කියන එක ජාතිවාදය ඇවිස්සීමක් වෙන්නෙ කොහොමද මහත්තයො.

:       7       40

asanga Sunday, 22 August 2021 10:42 AM

අපිටත් පේනවා මෙතන මොකක්හරි ලොකු දෙයක් තියෙනවා කියලා.

:       12       56

Jude perera Sunday, 22 August 2021 11:13 AM

ලඟදී නැවක් ආවේ නැතැයි

:       5       72

antani perera Sunday, 22 August 2021 11:55 AM

ඇත්තවශයෙන් මමනම් පෙනෙන පැත්තට වඩා නොපෙනෙන පැත්ත දැක්කේ.

:       1       40

Aruna Sunday, 22 August 2021 12:57 PM

ගරු පියතුමනි, ඔබේ හැසිරීම මහා නිගාවකි. ත්‍රස්තවාදීන්ට ඔබතුමාගේ පූජකයින්ගේ අනුග්‍රහය නොමඳව ලැබෙන කල අැස්, කන් පියාගෙන සිට දැන් මෙවන් දුෂ්කර අවස්ථාවක සියල්ල පෙනිපෙනී ඔබ කරන මේ රඟපෑම අඩුවක්ව තිබූ අාගමික යුද්ධයකට අතපෑමකි...

:       12       165

කනිෂ්ක Sunday, 22 August 2021 12:59 PM

අයි එස් ත්‍රස්තයින් සිරියාවෙන් බිහිව ඉරාකයේ බොහෝ ප්‍රදේශ අල්ලා ගත්තා. පසුව ඔවුන් ඉතා ප්‍රබල වුණා. ඒ අතර ඔවුන්ගේ අනාගත ඉස්ලාම් සිහින රාජ්‍යයේ සිතියමද මුදා හැරියා. ලොව ජිහාඩ්වාදී තරුණ අයගේ ආකර්ශණය ඒ වෙත යොමු වුණා. ඒ සිහින රාජ්‍ය වෙනුවෙන්.., ලොව බොහෝ රටවලින් ජිහාඩ්වාදීන් සිරියාවට පැමිණ අයි.එස්.. සටන්කාමීන් හා එක්වුණා. සෙසු අය තමන් ජීවත් වන රටේ සිට කුමක් හෝ ත්‍රස්ත ක්‍රියාවක් කර තම දායකත්වය ලබා දුන්නා... බොහෝ දේ සිදුවූයේ ලොව තනි ආගමක්, සහ ඉස්ලාම් රාජ්‍යයක් වෙනුවෙන්.. අපේ රටේ විතරක් වෙනස් සංකල්පයක්.. එහෙත්, සෙසු අයි.එස්. වාදීන් හැම ත්‍රස්ත ක්‍රියාවක් කලේ ස්වේච්ඡාවෙන්...

:       5       56

චන්දිම ෆොන්සේකා Sunday, 22 August 2021 01:00 PM

මම බෞධයකු වුණත් කාදිනල්තුමාට බෙහෙවින් ගරු කරනවා. මට හිතෙන විදියට උන්වහන්සේ මේ ගන්නා නොපසුබට උත්සාහය අපි අතිශයින් අගේ කළයුතුයි. එය නොසලකා හැර එයට විවිධ අවමන් කොට මෙම අපරාධය කළවුන්ට ගැලවී ඇමට ඉඩ හළොත් තරයේ හොඳට මතක තියාගන්න.. ඔව්, හොඳට මතක තියාගන්න කවදාහරි අපට වෙන්නේ අර ඇෆ්ගනිස්ථානයේ අහිංසක මිනිස්සුන්ට සිද්ධවෙලා තියෙන ඒ මහා විනාශයට මුහුණ දෙන්නයි. එදාට අපට උදව් කරන්න මොන සක්කරයාටවත් බැහැ.

:       143       21

සෙනෙවිරත්න Sunday, 22 August 2021 01:16 PM

දඩයම කරතියගෙන දිව්ව උන් බවට අපිට නම් පැහැදිලියි. ලංකාවෙ තිබිච්ච චැනල් දෙකක් මේක මාස දෙකක් තුනක් ප්‍රධාන මාතෘකාව කරල නිවුස් දැම්මෙ අපරාධකරුවන් හොයන්න නෙවෙයි.. ඡන්ද බාගන්න. ඒවගේ කොට පාරවල් වලින් බලය ලබාගැනීමේ විපාක මේ රටක ජනතාව විඳින දුෂ්කරතා වලට එක් හේතුවක්.

:       105       21

සමන් Sunday, 22 August 2021 02:32 PM

එල් ටී ටී ඊ එක සිංහලය බුරුතුපිටින් මරනකොට එක වචනයක් කිවද උන්ට විරුද්දව එවාට කතෝලික සභාව නෑ.

:       4       72

ගමේ එකාලා Sunday, 22 August 2021 06:10 PM

පාස්කු ප්‍රහාරයේ පිටිපස්සේ ඉන්නේ බලලෝභී, දූෂිත දේශපාලුවන්. රට කුලප්පු කරලා බලය අල්ල ගන්නයි ඔවුන්ට ඕනෑ කලේ... ආරක්ෂාවට වගකියන නායකයෙක් කියලා කියන එකෙන්ම හිතාගන්න පුලුවන්නේ.. කාදිනල්තුමාට අපි ගරුකරනවා. දූෂිත, බලලෝභී පවුල් පාලනේ අයගෙන් සාධාරණයක් ඉෂ්ට වෙන එකක් නැහැ. රජකම් කෙරුවත් කළකම් පළදෙනවා. කර්මය තමුන්ගේ පසු පස්සේ හෙවනැල්ල වගේ එනවා. ස්වභාවධර්මයෙන් කෙදිනක හෝ දඬුවම් ලැබෙයි...

:       34       13

Bamunuarachchi Sunday, 22 August 2021 07:43 PM

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ මතුපිටින් පෙනෙන දේට වඩා ඔබලා නොබලන දේ තිබෙනවා. අල්ලා විශ්වාස නොකරන මිනිස්සු මරපල්ලා කියන දේශනාව ඉස්ලාම් මුලධර්මවාදීන් ක්‍රියාත්මක කරන බව හොයා බැලුවාද? ඒ ගැන සෙව්වා නම් මහා මොලකරුවෙක් සොයන්නේ නැහැ නේද? අද ප්‍රසිද්ද පුවත්පතක කියනවා මේ ආණ්ඩුව පෙරලා දමන්න රුපියල් වලින් කෝටි 85ක් එන්ජීඕ කාරයින්ට එ්වා තිබෙනවා කියලා. මට සාධාරණ සැකයක් තිබෙනවා එම මුදල් දැනටමත් බෙදිලද කියලා...

:       5       3

Bamunuarachchi Sunday, 22 August 2021 07:51 PM

කාදිනල් උන්නාන්සේ නොපෙනෙන දේවල් ඇති. එහෙම දේවල් කියලා නඩු දමන්න බැහැ දඬුවම් කරන්නත් බැහැ. කරුණු කාරණා සහිතව ඔප්පු කරන්න ඕනේ. කාටවත් නොපෙනෙන ඔබට පමණක් පෙනෙන දේවල් තිබෙනවා නම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න. මෙහෙම දෙයක් දැකලා තිබෙනවා පාප් උන්නාන්සේ හෝ කාදිනල් උන්නාන්සේ කෙනෙක් කිව්වොත් ක්‍රිස්තියානි අන්ධයින්ටත් ඒ දේ හොඳට පෙනෙනවා. ඊට පස්සේ කියන්න ඕනේ නැහැනේ...

:       7       4

Bamunuarachchi Monday, 23 August 2021 08:53 AM

බමුනුඅරච්චිගේ පිළිතුර සැර වැඩිද?

:       4       3

Lelwala Monday, 23 August 2021 10:37 PM

යහපාලනය කාලයේදී ඔහු ඉතාමත් නිශ්ශබ්දයි.. දැන් ඔහු බලන්නේ සාධාරණත්වයයි.

:       1       1

ලක්මාල් Tuesday, 24 August 2021 04:51 PM

පාස්කු ප්‍රහාරයට සාධාරණ පරීක්ෂණයක් කවදාවත් සාධාරණ පරීක්ෂණයක් කරන්නේ නෑ. වගකිව යුත්තන්ට දඬුවම් දෙන්නෙත් නෑ. මොකද මේ ප්‍රහාරය පිටිපස්සේ හිටපු මිනිස්සු තමයි අද බලයේ ඉන්නේ... නීතියෙන් බේරුණාට ස්වභාව ධර්මයෙන් දඬුවම් ලැබෙයි කවදාහරි...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 1297 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 337 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 474 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 616 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


සිසුවියෝ සිවු දෙනෙක් වීදුරුවක් මත වැටිලා
2024 නොවැම්බර් මස 07 16 0

පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත


මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
2024 නොවැම්බර් මස 07 1415 0

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 68 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 445 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1396 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site