(සුමිත් ප්‍රේමතිලක)
ඔටුන්නක් වගේ එකක් දාගෙන ඉන්නේ ටෙලිනාට්‍ය රගපාන නළුවෝ වගේ වෙන්න නොවෙයි ජනතාවගේ දුක වෙනුවෙන් පෙනී සිටින්න, ඒක කරන්න බැරිනම් අපි මේවා ගලවලා දාලා යන්න ඕනේ යනුවෙන් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ වාද්දුවේ දී පැවසූහ.
වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද කීවේය.
පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වූ කොමිෂන් සභා වාර්තාවල නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නැහැ. මේ ප්‍රහාරයේ මතුපිටින් පෙනෙන දේට වඩා යටින් ඊට වඩා ලොකු වැඩපිලිවලක් තිබුණා කියලා අපිට එන්න එන්නම වැටහෙනවා.
අපිට කාගෙන්වත් පලිගන්න ඕන කමක්, රුදාවක් නැහැ. නමුත් අපිට ඇත්ත දැනගන්න ඕන. මේ ප්‍රහාරය දැනගෙන උසස් තනතුරු දරපු පොරොන්දු දුන්න උදවිය දැන් මොකුත් දන්නේ නෑ වගේ ඉන්නවා. ඒක තමයි අපට දරාගන්න බැරි කාරණාව . මේකට එයාලගේ වගකීමක් තියෙනවද කියලා අපිට සැකයක් තියෙනවා .
ඒ නිසා මේ ප්‍රශ්නය නිමවන තුරු එකට නැගී සිටින ලෙස සියලු කතෝලික ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා යනුවෙන්ද පැවසීය.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත‍්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
’පාස්කු ප්‍රහාරයේ මතුපිටින් පෙනෙන දේට වඩා වැඩි යමක් තියෙනවා’
hira Wednesday, 24 November 2021 04:20 PM
මේ ප්‍රහාරය එල්ල වෙනකොටත්, එල්ල වුණාට පසුවත් දෙවියන් කෝ? මොකද මෙහෙම අහන්නේ අපේ හමුදාවේ කොල්ලෝ තාමත් පල්ලි මුරකරනවා. මෙතන හිතන්න යමක් නැද්ද මම අහන්නේ...
JayWednesday, 24 November 2021 08:18 PM
අපේ හමුදාව කිව්වේ කවුද?
ගජමිතුරු Thursday, 25 November 2021 06:54 AM
අපේ හමුදාව කියන්නෙ ජනතා මුදලින් වැටුප් ලබන රජයේ හමුදාව කියලා හිතාගන්න
PereraThursday, 25 November 2021 04:10 AM
දෙවියන්ගේ සාපය දැනෙන්නේ, පෙනෙන්නේ නැද්ද.?
JudeThursday, 25 November 2021 12:41 PM
ඔය සාපේ ලෝකෙටම වැදිල තියෙන්නෙ මොකද කියලත් කියනවා. ලෝකෙ හැම රටකම බඩු මිල වැඩි වෙලා, උද්ඝෝෂණ, වර්ජන රැලි හැමතැනම. ඕස්ට්‍රේලියා, එංගලන්තෙ, ඇමරිකාවට ඔය සාපෙ වැදුනෙ මොකද?
VithanaThursday, 25 November 2021 10:45 AM
අනුරාධපුරේ ජය ශ්‍රී මහා බෝධිය ළඟ කොටි ඝාතන සිදු වෙද්දී කවුරුවත් ඇහුවද කෝ දෙවියෝ බුදුන් කියලා? නිකන් පිස්සු කතා කියන්න එපා.
කිරි පුතා Wednesday, 24 November 2021 04:32 PM
කතෝලික ජනතාව පමණක් නොවෙයි, සමස්ථ නීති ගරුක මහ ජනතාවම මේ කාරණය ගැන අවධියෙන් ඉන්නේ... කාගේත් ජීවිත එකයි. මේ සිදුවීම මහා ගැටළුකාරී එකක් වග දැනෙනවා. මේ ලෝකයේ සිදුවන ඇතැම් දේවල් පෙනෙනවට වඩා වියවුල්...
ravin Wednesday, 24 November 2021 04:39 PM
ලංකාවේ උදවිය ගොනාට ඇන්දවූ අවස්ථා පැරැණි රජ දවස සිට පැවතෙන්නක් බව ඉතිහාසය සාක්ෂි දරයි. එය අදත් එසේමයි, හෙටත් එසේම වේවි..
යෝගා Wednesday, 24 November 2021 05:01 PM
සැකය මත පදනම්ව පමණක් ප්‍රකාශ නොකර දන්න දේවල් හෙළිකරන්න. එහෙම කරන්නේ නැත්නම් මේක වෙන ගේමක්...
බද්රානි Wednesday, 24 November 2021 05:09 PM
බල තණ්හාව වෙනුවෙන් සියල්ල සංවිධානය කළ, මහා මොළකරුවන්, ප්‍රහාරය වළක්වා නොගත් එවකට හිටපු ජනාධිපති, ඇතුළු බුද්ධි අංශ නිලධාරීන්, මහමොලකරුවන් විසින් අනුග්‍රහය දැක්වූ ප්‍රහාරය සිදුකල මුස්ලිම් තරුණයින් ඇතුළු අන්තවාදී සංවිධානය වගේම මුස්ලිම් සිංහල ගැටුමක් නිර්මාණය කල සිංහල බෞද්ධ තලෙයිබාන් පූජක කල්ලිය එකට එක්ව සිදුකල සාපරාධී නින්දිත ක්‍රියාවක් මේක... සමහරවිට මේ අන්තවාදී කල්ලි දෙක බෝම්බ ප්‍රහාරයේ සැලසුම හා වේලාව දැන නොසිටින්නට ඇති. නමුත් හිටපු ජනාධිපති ඇතුළු ආරක්ෂක අංශ මේ පිළිබඳව දැනුවත් වී ඇති බව තහවුරුයි. අද මහමොලකරුවන්ට සිදුවී තිබෙන්නේ, එකට එකතුව සිදුකළ මේ බෝම්බ ප්‍රහාරයේ සියලු චූදිතයින් ආරක්ෂා කිරීමයි. නීතියෙන් බේරුණත්, මොවුන්ට මේ ශාපය ඵලදෙනවාමයි...!!
SamanWednesday, 24 November 2021 08:38 PM
හැම දේකටම බෞද්ධ භික්ෂූන් වහන්සේලා ගාවගන්න එපා. ක්‍රිස්තියානි, මුස්ලිම් ගැටුම් ලෝකයේ එදා ඉඳලාම තියෙනවා. බෞද්ධයින් ඒකට පළි නැහැ.
VithanaThursday, 25 November 2021 10:41 AM
හැමෝටම බෞද්ධ භික්ෂූන් වහන්සේලා කියන්නත් බෑ.
බන්ටිThursday, 25 November 2021 07:05 AM
හැමෝට ප්‍රහාරය දවස සිහිකර ගන්න එදා ආරක්ෂක ලේකම් කිව්වෙ මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවෙ නැහැ කිව්වා එදාම හිටපු ජනපති රටේත් නැහැ දැනගෙනත් ආවෙ නැහැ අගමැතිවරයාට ආරක්ෂක කමිටුව රැස්කරන්න බාධා කලා අගමැතිට ආරක්ෂක ලේකම් ලගට යන්න සිදුකලා.අගමැති එහෙමවත් නොකලානම් මොකෙන් මොකක් වේද හිතාගන්න බැහැ ඇත්තටම මෙහි යම් සැගවීමක් තියෙන්න පුළුවන්
VithanaThursday, 25 November 2021 10:43 AM
සාපය දැන්ම ඵල දීලා තියෙන්නේ. ගැසට් එකක් ගැහුවත් ෆුල් අවුල්.
JudeThursday, 25 November 2021 11:32 AM
ඇයි මේ අය ඔය ත්‍රස්ථ කල්ලි පුහුණු කරපු බටහිර රටවල් වලින් ඕව ගැන අහන්නෙ නැත්තෙ? මෙයාල පුදුම උත්සාහයක් දරන්නෙ මේ ආණ්ඩුව පෙරලවන්න.
දාස Wednesday, 24 November 2021 05:28 PM
රටේ ජනතාවට මෙය පිටුපස සිටින්නේ කව්ද කියා දැනගත යුතුයි. ඔබ වහන්සේ මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරෙන් බලකිරීමක්.... මෙම ආණ්ඩුවට එල්ල නොකළහොත් මොවුන් මෙය යටගහනවා නොඅනුමානයි. මතක ඇති එංගලන්තයෙන් පැමිණි සංචාරකයෙකුගේ පෙම්වතියකට අතවර කිරීමට එරෙහිවුණු ඇයගේ පෙම්වතා ,පොහොට්ටු දේශපාලුවකු විසින් ඝාතනය කළ සිද්ධිය. බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය යුක්තිය ඉෂ්ඨ කරගැනීමට මැදිහත් නොවුණි නම් තාමත් මිනීමරුවා නිදැල්ලේය. කාදිනල් හිමියනි, මීට වඩා මේ කරුණු ගැන උනන්දුවෙන් කටයුතු කරන්න. මේ පාලකයින් බොරුවෙන් උපන්, බොරුව සමග ජීවත්වන අයයි...
VithanaThursday, 25 November 2021 10:51 AM
අනිවාර්යෙන්ම මේ පරීක්ෂණයේදී නම සඳහන් උනු නිළදාරීන් මේ ආණ්ඩුවේ උසස් තනතුරු දරනවා. ඒකම ඇති සැක හිතන්න. ජාත්‍යන්තර බලපෑමක් කල යුතුමයි.
ගමේ එකාලා Wednesday, 24 November 2021 05:50 PM
නීතියෙන් ගැළවුනත් පාපයෙන් සහ හෘද සාක්ෂියෙන් ගැළවීමක් නැහැ. මහ මොළකාරයින්ට සහ මේ වගේ මහා මිනිස් ජීවිත රැසක් විනාශ කරපු අයට, ඒවාට සම්බන්ධ වූ සියලුම දෙනාට විඳව විඳවා මැරෙන්න දඬුවම් ලැබෙයි...
අතුල සෞදි Wednesday, 24 November 2021 06:28 PM
නාඩගම්කාරයෝ-2...
විපරමා Wednesday, 24 November 2021 08:23 PM
ආරක්ෂාවට වගකියන නායකයෙක් කියලා බලයට ආවේ නිකම්ද? යටිකූට්ටු සහ අරමුණු ගැන ලෝකයා නොදන්නවා නෙවෙයි...
FedricThursday, 25 November 2021 11:35 AM
ත්‍රස්ථ පැටව් මරපු එකේ වෛරයත් එක්ක ආණ්ඩුව පිටින් පාස්කුව යවන්න හදන්නේ.
VithanaFriday, 26 November 2021 02:41 PM
ත්‍රස්ත පැටව් මැරුවේ මේ ආණ්ඩුවේ නායකයින්ද? එතකොට හමුදාපති මොනවාද කළේ? ඇයි එතුමාව මේ ආණ්ඩුවේ නායකයින් හිරේ දැම්මේ...?
SomindaraSaturday, 27 November 2021 06:12 AM
අනේ ඔව් රිවස් වෙන්න නැතුව ගැසට් එකක් ගහන්ඩ බැරි කෙනා, යසට යුද්ධේ කරන්ඩම ඇති. හමුදාවේ ඉන්න කාලේ යුධ පෙරමුණකට වත් යන්නේ නැතුව පිටරටකට පැනපු කෙනා, යුද්ධයක් තියා හමුදා අනුඛන්ඩයක් වත් පාලනය කරන්ඩ දනීද. මොකක්හරි හරියට කරපු එකකින් ලකුණු දාගන්නවා මිසක් වෙන කරන්ඩ පුළුවන් දෙයක් මෙයාට නෑ.
Lelwala Thursday, 25 November 2021 06:14 AM
වැඩි යමක් ඇත්නම් ඔබ තුමා ඉදිරියට විත් ඒ බව පවසන්න කට උත්තරයක් දෙන්න. සිංහල බෞදධ නිලධාරින් , සිංහල බෞද්ධ නායකයින් නොකරපු වරදකට ඔහුන් වරදකරැවන් කර හිරගෙවල් වල හිර කරන්න සිංහල බෞද්ධ ජනතාව අනුමත නොකරමි.
Amuthu PlanThursday, 25 November 2021 02:29 PM
කඩුවෙන්, තුවක්කුවෙන් ආගම පතුරවලා දැන් සුදු ඇඳගෙන ඉන්න මේ නඩේ විශ්වාස කරනවා නම් මනස විකාර වෙච්ච අය වෙන්න ඕන. සෝම හාමුදුරුවොත් අපවත් කරේ මෙයාලම තමයි. 95 වතාවක් පොලීසියට කියපු ඉන්දියාව එක වතාවක් මෙයාලට කිව්වෙ නැද්ද? අනේ අපේ ගොන්නුන්ටම හොඳයි මේවා.
VithanaFriday, 26 November 2021 02:44 PM
ඇයි ආණ්ඩුව මේ පරීක්ෂණවලදී නම සඳහන් වුණු නිලධාරින්ව ආරක්ෂා කරන්නේ?
Rakitha Thursday, 25 November 2021 11:53 AM
සහරාන්ගේ හඬ පටයේ තියෙන්නේ නවසිලන්තේ සිද්ධියට පලිගැනීමක් කියලා.
VithanaFriday, 26 November 2021 02:42 PM
මේක අමුතුම කතාවක්. කොළඹ සී.අයි.ඩී. එකට ගිහින් කිව්වා නම් හරි...