IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


පාස්කු ප්‍රහාරයේ වගකීම රාජ්‍ය බුද්ධි ලොක්කන් කරපිටට

(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)

පාස්කු ඉරුදින ප්‍රහාරයේ මූලික වගකීම රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධානීන් බාරගත යුතු බව එම ප්‍රහාරය පිළිබඳව කරුණු සෙවූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාවේ සඳහන් වෙයි.

මෙයට අමතරව ජාතික බුද්ධි ප්‍රධානී ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්, හිටපු පොලිස්පති යන ප්‍රධානීන්ද මෙම සිද්ධියට වගකිව යුතු බව සඳහන් කරන එම වාර්තාව ජනාධිපති, අගමැති හා ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා අතින්ද යම් යම් අතපසුවීම් සිදුවී තිබෙන බව අනාවරණය කරයි.

රාජ්‍ය බුද්ධි සේවයේ අඩුපාඩු රැසක් සිදුවී තිබූ අතර එහි ප්‍රධානීන් නිසි පරිදි රාජකාරි කර නොතිබිණැයි ද වාර්තාවේ දැක්වෙයි.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ නියෝජ්‍ය සභාපති ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා විසින් මැතිසබයට ඊයේ (23) ඉදිරිපත් කරනු ලැබීය.

සහරාන් ඇතුළු ත්‍රස්තවාදී කල්ලිය පිළිබඳව කල්තියා තොරතුරු ලැබී තිබියදීත් අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග නිකුත් කර තිබියදීත් වගකිවයුතු අංශ ඔවුන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කර නොතිබූ බවත් මුල සිට අවධානයෙන් හා වගකීමෙන් කටයුතු කළේ නම් මේ ප්‍රහාරය වළක්වා ගත හැකිව තිබූ බවත් විශේෂ කාරක සභාවේ වාර්තාවේ සඳහන් වෙයි.

මේ ප්‍රහාරය පිළිබඳව කල්තියා තොරතුරු දැනගත් අවස්ථාවේදී ඒ පිළිබඳව කාදිනල්තුමන් දැනුම්වත් කළේ නම් ප්‍රහාරය වළක්වා ගත හැකිව තිබූ බව කියන වාර්තාව සහරාන් කල්ලිය ක්‍රියාත්මක වූ නැගෙනහිර පළාතේ පොලිස් ප්‍රධානීන් කිසිවකුටත් මේ සිද්ධිය පිළිබඳව දැනුම් නොදීම විශාල අඩුපාඩුවක් බවද ප්‍රකාශ කරයි.

අන්තවාදී කණ්ඩායම් ගැන රාජ්‍ය බුද්ධි සේවය හා ත්‍රස්තවාදී විමර්ශන අංශය මුල සිට විමර්ශන කළද 2018න් පසුව ඒ කටයුතු රාජ්‍ය බුද්ධි සේවයට පවරා ත්‍රස්ත විමර්ශන අංශය ඒ කටයුතුවලින් ඉවත් කළ බවද එහි සඳහන් වෙයි.

ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා හා රාජ්‍ය ඇමැතිවරයා ආරක්ෂක මණ්ඩලයෙන් ඉවත් කරනු ලැබ තිබුණත් ප්‍රහාරය සිදුවන තුරුම එසේ ඉවත් කළේ ඇයි දැයි විමසීම් කර නොතිබූ බවද වාර්තාවේ දැක්වෙයි.

වගකීම් විරහිත වෛරී ප්‍රකාශ කිරීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාටද චෝදනා නගා ඇත. සහරාන්ලාට ක්‍රියාත්මකවීමට යම් යම් දේශපාලන ශක්තීන් ලැබුණේ දැයි වෙනම විමර්ශන කළ යුතු බවද එහි දැක්වෙයි.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාව මගින් විශේෂ නිර්දේශ අටක්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇත.

ආරක්ෂක හා බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කිරීම, ශක්තිමත් මූල්‍ය අධීක්ෂණ යාන්ත්‍රණයක් ඇති කිරීම, ආගමික අන්තවාදය පාලනය හා අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාව, අධිකරණ ප්‍රමාදයන් වැළැක්වීමට නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධාන කිරීම, වහබ්වාදයට, ඉස්ලාම් අන්තවාදයට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීම, මාධ්‍ය වාර්තා කරණය හා ව්‍යාජ පුවත් ගැන අවධානය යොමු කිරීම, දේශපාලනඥයන් ජනතාව වෙනුවෙන් වගවීමට සැලැස්වීම හා නැගී එන අන්තවාදය මැඩපැවැත්වීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇති කිරීම ඒ නිර්දේශ අටයි.

මේ වාර්තාව කතානායකවරයා විසින් නීතිපතිවරයාට යොමු කර ඒ මාර්ගයෙන් අවශ්‍ය අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකි බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පවසයි.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව පිළිබඳ දින දෙකක විවාදයක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.



අදහස් (29)

පාස්කු ප්‍රහාරයේ වගකීම රාජ්‍ය බුද්ධි ලොක්කන් කරපිටට

වීරවිජේ Thursday, 24 October 2019 04:40 AM

නැහැ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ යහපාලන ආණ්ඩුව බාරගන්න ඕන‍ේ..

:       525       645

samThursday, 24 October 2019 05:36 AM

දේශපාලන අධිකාරිය ලෙස ඔවුන් සියලුම ජයග්‍රහණයන් තමන්ගේ එකවුන්ට් එකට දාගන්නවා නම් මේ 'පරාජයත්' ඔවුන් බාරගතයුතු තමයි. ඉංග්‍රීසි භාෂාවේ තිබෙනවා රෙස්පොන්සිබිලිටි සහ අකවුන්ටබිලිටි කියා වචන දෙකක්. ආණ්ඩු සහ පරිපාලනයේදී රෙස්පොන්සිබිලිටි තිබෙන්නේ රාජ්‍ය නිලධාරීන් අතේ. අකවුන්ටබිලිටි හෙවත් ඉහලම වගකීම අන්තිමට යන්නේ දේශපාලන අධිකාරිය හෙවත් ඇමතිවරයාට සහ ආණ්ඩුවට. දේශපාලන අධිකාරිය ක්‍රියාදාමයන්ට සම්බන්ධ නොවුනාට මහජනතාවට වගකියන්නේ ඔවුනුයි. මම මේ කියන්නේ මම ජීවත්වන රටේ පරිපාලන තන්ත්‍රයේ ක්‍රමවේදය ගැන. එය තමා බොහෝවිට අනික් රටවලත් කරන්නේ. නමුත් අපේ දැන් ඉන්න ලොක්කෝ දෙන්න නම් තමන්ගේ යටතේ ඉන්න අයටයි අකවුන්ටබිලිටි දෙන්නේත්.

:       34       287

RaveendraThursday, 24 October 2019 07:25 AM

නැහැ නැහැ හැලිවදුරන් 225 ම සුදනෝ. තුන් හිතකින්වත් කුරා කුඹියෙකුටවත් අවැඩක් නොකරන අය බැවින් මේ සදහා සම්පුර්ණ වගකීම ගත යුත්තේ අදාළ මහජන ආරක්ෂක අංශ බව අපද සදහන් කරන්නෙමු. එක්තරා ඇමති කෙනෙකුගේ පියා විසින් හීනෙන් දොඩවන ලද විස්තරයක් හැරෙන්නට මෙම හැලිවදුරන් මෙම පාපකර්මය පිලිබදව කිසිදු හෝඩුවාවක් නොදන්නා බවද මෙමගින් පැහැදිලි නොවන්නේද? එබැවින් මෙම 225 ම මෙම චෝදනාවෙන් නිදහස් කිරීම වඩාත් සුදුසු බව අපගේ හැගීමයි.

:       52       195

MuhanThursday, 24 October 2019 08:01 AM

නිලධාරින්ට මෙහි වගකීමෙන් ගැලවෙන්න බැහැ. ඔවුන් මේකට වගකිව යුතුයි. ඔවුන් තමාගේ වගකීම පැහැර හැරලා තියෙනවා. නිලධාරීන්ගේ වැඩ ගැන සොයා බැලීම දේශපාලන අධිකාරියේද වගකීමක්... ජාතික ආරක්ෂාව ජනාධිපතිවරයාගේ වගකීම ජනාධිපතිද වගකිව යුතුයි. නමුත් එතුමා පෙර ආත්මයක රැස්කළ පින් නිසාදෝ එජාපය එකවත්, විපක්ෂයවත් එතුමාට මේකට බනින්නේ නැහැ...

:       4       289

Perera Thursday, 24 October 2019 04:50 AM

කෝටි ගාණක් වියදම් කරලා සැකකාරයෝ, නඩු කාරයෝ කරලා නඩු අහලා අන්තිමට නටපු තොවිලෙකුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ. අපේ කාදිනල්තුමා කියූ දේ 100%ක් නිවැරදියි. මාස 6ක් කාලා කරපු මගුලක් නැහැ. ආණ්ඩුවේ කතෝලික මන්ත්‍රීවරුනි, ඡන්ද හිඟමනේ ගෙවල් ගානේ එන්න එපා...

:       188       1033

naweenThursday, 24 October 2019 05:21 AM

2009දී ලක්ෂ 3කට තිබූ සංචාරක පැමිණීම 2014දී ලක්ෂ 22ට නැංවූවට, 2018දී ආවේ ලක්ෂ 24කි. දැන් මේ අවුරුද්දේ ඒක ලක්ෂ 14යි. වෙනස හරිම සැපයි.

:       163       259

SilvaThursday, 24 October 2019 05:30 AM

කාලිංග ජයවර්ධන, හෙක්ටර් අප්පුහාමිගේ රෙදි තියෙනවද දන්නේ නැහැ. දැන් ප්‍රහාරයට මාස 6යි. අහුවුණු අය පුනරුත්ථාපනය වත් නොකර ඇප පිට නිදහස්...

:       123       332

NishanFriday, 25 October 2019 08:37 AM

පෙරේරා ගිහින් පොහොට්ටුවට ඡන්දෙ දුන්නට කමක් නැහැ. එත් ක්‍රිස්තියානි මිනිස්සු දන්නවා මේකේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. සහරාන්ලට පඩි ගෙවලා ඇති දැඩි කළේ කවුද කියලා... එයාලා ගැන ඔවුන් බලා ගනී.

:       16       1

හිරාන් Thursday, 24 October 2019 04:55 AM

මේ ප්‍රහාර වළක්වා ගන්න තිබුණු හොඳ අවස්ථාව තමයි වනාථවිල්ලුව ලැක්ටෝ වත්ත බෝම්බ සොයාගැනීම.. එතැනදී සිදුවූ පරික්ෂණ ප්‍රමාණවත් මදි කියලා කියන්න පුළුවන්... හැබැයි එම සිද්ධියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ව ගැට ගහලා තිබුණා වාගේ ආරංචි වුණා. ඒ නිසා සමහර පරීක්ෂණ යට ගියා.

:       111       413

Sugath Premalal Thursday, 24 October 2019 05:12 AM

ලංකාවේ නීතිය බල්ලට ගිහින්... බෙල්ල කැපුවත් ඇත්ත කියන්න ඕනෑ.. රටේ නීතිය ස්වාධීන වෙන්න ඕනෑ.. එ්ත් දැන් එහෙම නැහැ.. රටේ නීතියත් රටේ පාලකයන් අතට අරගෙන.. ඔය කියන කොමිසමට කොච්චර නම් මුදලක් වැය කළාද? මිනිසුන්ගේ වටිනා කාලය, ඇත්තටම අහිංසක මිනිසුන්ගේ අස්ස වහලා කරන ලද බොළඳ රංගනයක් විතරයි ඔය කියන කොමිසම කලේ...

:       134       252

dd Thursday, 24 October 2019 05:16 AM

දේශපාලුවෝ?

:       1       8

Rasika Pradeep Thursday, 24 October 2019 05:18 AM

"අන්තවාදී කණ්ඩායම් ගැන රාජ්‍ය බුද්ධි සේවය හා ත්‍රස්තවාදී විමර්ශන අංශය මුල සිට විමර්ශන කළද 2018න් පසුව ඒ කටයුතු රාජ්‍ය බුද්ධි සේවයට පවරා ත්‍රස්ත විමර්ශන අංශය ඒ කටයුතුවලින් ඉවත් කළ බවද එහි සඳහන් වෙයි" මේ වාර්තාවේ හිතන්නම ඕනේ තැන මේක. ත්‍රස්තවාදයට ඕනේ විදියට වැඩෙන්න පසුබිම හදලා දුන්නේ ඔතැනින්. රට, අාගම සහ ජාතිය ගැන හැඟීමක් නැති බලය විතරක් පාර්ලිමේන්තුව ඇතුලේ ඔළුගෙඩි වලින් තියාගන්න ඕනේ කියලා හිතන කාලකන්නි අමන පාලනයක් සහ පාලකයෝ හින්දා මේ සිද්ධිය වුනේ කියන එක රහසක් නෙවෙයි. රනිල්ට බලයේ සහ පක්ෂ නායකකමේ ඉන්න කරන්න බැරි දෙයක් නෑ කියලා මිනිහ ඔප්පු කරලා ඉවරයි. එ්ක රටක් ඇතුලේ නිදහසේ සාමයෙන් සහජීවනයෙන් ඉන්න බැරි දේශපාලන විෂබීජ ටික නැති කරනකන් එක එක මුහුණුවරින් මේ ප්‍රශ්නේ කාලෙන් කාලෙට මතුවෙයි. යහපාලන ආණ්ඩුවට මේ වගකීමෙන් කොහොමත් ගැලවෙන්න බැහැ.

:       106       202

kolam boss Thursday, 24 October 2019 05:41 AM

"අන්තවාදී කණ්ඩායම් ගැන රාජ්‍ය බුද්ධි සේවය හා ත්‍රස්තවාදී විමර්ශන අංශය මුල සිට විමර්ශන කළද 2018න් පසුව ඒ කටයුතු රාජ්‍ය බුද්ධි සේවයට පවරා ත්‍රස්ත විමර්ශන අංශය ඒ කටයුතුවලින් ඉවත් කළ බවද එහි සඳහන් වෙයි." මෙතන නේද පළමු සහ තීරණාත්මක වැරැද්ද වෙලා තියෙන්නේ .. කවුද මෙසේ කරන්න තීරණය කලේ කියල සඳහන් නැත්තේ මොකද ?

:       1       187

kolam boss Thursday, 24 October 2019 05:47 AM

ලොක්කා මැරෙන්න බයට ආරක්ෂා වෙන්න ගත්ත තීන්දු තීරණ හින්දා රටත් ආරාජිකවෙලා කඩාවැටිලා... මහා පරිමාණ බෝම්බ වැලකුත් ගිහින් නැවතුනේ කියලා හිතෙන්නේ මට විතරද?

:       68       117

sas Thursday, 24 October 2019 06:06 AM

නීතිපති දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂම ඔය ත්‍රස්තවාදී ක්‍රියාවට රුකුලක් වී තිබුනා. සහරාන්ලා සම්බන්ධ ලිපි ගොනුවක් එක රජයේ නීතිවේදියෙක් ලග අවුරුද්දක් විතර කිසිම වැඩක් නොකර තියාගෙන ඉදලා තියෙනවා. ඒ ගැන ද පරීක්ෂණයක් කල යුතුය.

:       0       139

sayuriThursday, 24 October 2019 07:09 AM

නීතිඥයත් එයාලගේ නැගෙනහිර එක්කෙනෙක්.

:       1       12

Hafeel Thursday, 24 October 2019 06:13 AM

ජනාධිපති, අගමැති හා ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා අතින්ද යම් යම් අතපසුවීම් සිදුවී තිබෙනවා. 300 ජීවිත අහිමි වෙලා, ආබාධිත වෙලා, දෙමව්පියන් අහිමි වෙලා, නමුත් යම් යම් අතපසුවීම්. මේ වාර්තාව කොහොමටත් පිළිගන්න බැහැ. ජනාධිපති අගමැති අතර තිබු බල තන්නාව නිසා මේ ඛේදවාචකය වුනේ. ඒකයි සත්‍ය.

:       48       58

amith Thursday, 24 October 2019 06:14 AM

යන්තම් ඇති අර බදුර්ධීන් සහ හකීම් බේරුනා. නැත්නම් ඉඳලා ඉවරයි.

:       11       66

de silva Thursday, 24 October 2019 06:37 AM

මෙයට මුලින්ම වගකියන්න ඕනේ රටේ ආරක්ෂක ඇමති. හේතුව ඔහු තමා රටේ ත්‍රිවිධ හමුදා ප්‍රධානියා සහ ආරක්ෂක ලේකම්, පොලිස්පති වැනි ආරක්ෂාවට වැදගත් වන නිලධාරීන් පත් කරන්නේ. මෙම සිද්ධිය වෙනකොට නීතිය සහ සාමය ඇමතිකම තිබුනෙත් ඔහු යටතේ.දෙවනුව නියෝජ්‍ය ආරක්ෂක ඇමති... ආරක්ෂක මණ්ඩල රැස්වීම් වලට සහභාගී වෙන්න ඔහුට ආරාධනා පත්‍ර අවශ්‍ය නැහැ. ඒක ඔහුගේ වගකීමක්. යම්කිසි පුද්ගලයෙක් ඒකට බාධා කරනවානම් ඔහුට පුළුවන් ඒගැන අගමැතිට, කතානායකට හෝ ජනපතිට ලිඛිතව දන්වන්න. එහෙම දෙයක් සිදුවෙලා නෑ. අගමැතිත් මෙම තත්වය දැනගෙන නිහඩව සිටීම වරදක්. එම කාලයේ මෙම රැස්වීමට සහභාගී වුන සියලු දෙනාම මේ වගකීම භාරගන්න ඕනේ.

:       1       117

Gamarala Thursday, 24 October 2019 06:46 AM

මේ කතාවේ සාරාංශයනම් මෙම සිද්ධිය පිළිබදව වගකීම සම්පුර්ණයෙන්ම පවතින රජය භාරගත යුතු බවයි. ගෞරවය රැකගැනීමට බලාපොරොත්තු වන්නේනම් වහාම ජනතාවට ප්‍රකාශයක් කර බලයෙන් ඉවත්වන්න.

:       17       81

Ranabahu Thursday, 24 October 2019 07:15 AM

කොහොමටත් මේ කාරක සභාව පත්කරන්නේ ජනාධිපති අගමැති හා නියෝජ්‍ය ආරක්ෂක ඇමතිව ආරක්ෂා කරලා නිලධාරීන්ව ගස් යවන්න බලාපොරොත්තුවෙන් තමයි. මේ අය සේරම එකම අත්තේ වහන කුරුල්ලෝ.

:       0       116

gobbasena Thursday, 24 October 2019 07:38 AM

අන්තිමට වතුර බහින්නේ පල්ලෙහම තැනින්නේ...

:       0       41

matirala Thursday, 24 October 2019 07:40 AM

පුදුමයි පල්ලි ගිය අය වැරදිකාරයෝ නොවුන එක.....

:       0       130

Nuwan Thursday, 24 October 2019 09:28 AM

මම හැමදාම කියනවා වගේ මගේ මාතෘ භූමිය විනාශ කලේ මේ දේශපාලුවෝ.

:       14       52

Chanakya Thursday, 24 October 2019 09:51 AM

පාස්කු විපත්තියට හේතුව කෙටියෙන් මෙයයි . 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රධාන වරදයි. මෙයින් රටට නායකයෙක් නැතිවිය. නායකයෙක් නැති නිසා පහළ ස්ථතරයේද නායකත්වයක් නැතිවිය. ඒ නිසා වගකීමක් බාරගන්න කෙනෙක් නැති විය. ලැබුණු පණිවිඩ හුළගේ පාවිය. මෙසේ බලනවිට 19 ගෙන ආපු පාර්ලිමේන්තු ලොක්කෝ වරදකරුවෝය.

:       11       45

chandima Thursday, 24 October 2019 03:11 PM

රාජ්‍ය නිලධාරීන් ගිරයට අසුවුණු පුවකක් වගෙයි. යම් තීරණයක් අරන් වැඩක් කරන්න ගියාම අයි අපෙන් අනුමැතිය නොගෙන කලේ කියලා අසනවා. වැඩේ වැරදුණාම ඇයි ඒ වැඩේ නොකළේ කියලා අහනවා. මේ සේරටම මුල ආරම්භයේ පටන්ම ඉහළ රාජ්‍ය නිලධාරීන් තමන් සතු නිල බලය පසෙකලා දේශපාලකයින් ඉදිරියේ තාන්න මාන්න උසස්වීම් වෙනුවෙන් දෙකට නැමීමයි. දැන්වත් ඔබලාව කටින් බය කරගෙන සිටින මේ හොරුන්ට යටත් නොවී තමන්ගේ රාජකාරි බලතල ක්‍රියාත්මක කරනවා නම් ඔවුන්ගේ නීත්‍යානුකූල නොවන නියෝග ඉවතලනවා නම්, ඒ වෙනුවෙන් නීතිය ඉදිරිය කටයුතු කරනවා නම්, ඔවුන් කැනහිලුන් මෙන් නැට්ට හකුලා ගන්නවා සිකුරුයි. පසුගියදා මාධ්‍ය මගින් අප දුටු කොමිසම්වල ප්‍රශ්නකිරීම් වලදී, ඉහළ රජයේ නිලධාරීන්ට ඔවුන් කතා කළ විලාශයෙන්ම ඔවුන් කොතරම් ඔලුව උදුම්මවාගත් අමනයින්දැයි අපට පැහැදිලි වුණා. එයට හේතුව ඔවුන්ගේ තනතුරු වෙනස් කිරීමට හෝ ඔවුන් වෙනුවට වෙනත් නියම ජනතා නියෝජිතයින් පත්කර ගැනීමට හෝ ඇති සියලුමන් ඔවුන් විසින්ම අවුරා ඇති බව ඔවුන් දන්නා නිසයි...

:       0       0

tony Thursday, 24 October 2019 03:28 PM

මට කියන්න තියෙන්නේ මැල්කම් කාදිනල් තුමා කිව්වා වගේ කරුණාකරලා දැන් ගෙදර යන්න කාළේ ඇවිත් ඇත. වෛර නොකරන්න

:       2       30

NishanFriday, 25 October 2019 08:38 AM

එතකොට සහරාන්ලට පඩි ගෙවලා ඇති දැඩි කරපු අය ගේන්නද ඕනේ?

:       10       53

vidya Sunday, 27 October 2019 12:32 AM

එතකොට ජනාධිපතිණේද මෙම දවස් වල ආරක්ෂක ඇමති . එයාගේ වග කීම කුමක්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වැස්ස
2024 නොවැම්බර් මස 27 2 0

පවතින අධික වැසි හේතුවෙන් වැව් විශාල ප්‍රමාණයක් වාන් දමමින් පවතින අතර ප්‍රධාන ජලාශ බොහෝමයකද වාන් දොරටු හැර තිබේ.


බී ලූනූ සොරාගත් ලොරි රියදුරු- සහායක ඇතුළු 12ක් මාට්ටු
2024 නොවැම්බර් මස 27 161 0

ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ 6 කට ආසන්න වටිනා බී ලූනූ තොගයක් සොරාගත් එම ලොරියේ රියදුරු , සහයකයා ඇතුළු 12 දෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව ප


බෝවතැන්න ගලයි:ගම් තුනක් තනිවෙයි
2024 නොවැම්බර් මස 27 179 0

නාවුල බෝවතැන්න ජලාශයේ වාන්දොරටු හයක් අඩි දෙක බැගින් විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟ දෙපස ගම්මාන 09 ක ජනතාවට දින දෙකක සිට ගමනා ගමන කටයුතු සහ ගමෙන් පිටවීමට න


බඹරු ඇන 18 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 27 51 0

කිතුල් ගසක බැද තිබූ බඹර කූඩුවකට උකුස්සෙකු පහරදීම හේතුවෙන් කුඩුව ඇවිස්සීමෙන් පසු බඹර ප්‍රහාරයට ලක්ව පුද්ගලයන් 18 දෙනෙකු පමණ තුවාල ලබා පිඹුර රෝහලට ඇතුළු


‘ග්ලේන්ෆෝල්‘ ඇල්ල නාය යයි
2024 නොවැම්බර් මස 27 610 0

පවතින අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය නගරය සමීපයේ පිහිටි ග්ලේන්ෆෝල් දියඇල්ලේ පහළ ප්‍රදේශයේ කොටසක් නායයෑමකට ලක්ව තිබේ.


ජලාශ බාර නිලධරයන්ගේ නිවාඩු අවලංගු කරයි
2024 නොවැම්බර් මස 27 300 0

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හා මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉන්ජිනේරුවරුන් හා තාක්ෂණික නිලධාරීන් තම සේවා ස්ථානවල රැඳී සිටිය යුතු බව කෘෂිකර්ම, පශු සම්පත්,


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 556 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 758 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2128 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site