IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ගේ අයිතිවාසිකම් කඩවීම ගැන දොස්තර කාවින්ද ජිනීවාහීදී කියයි

(නිමල කොඩිතුවක්කු)

ජිනීවා නුවර පැවැත්වෙන 51 වන මානව හිමිකම් සැසිවාරයේදී සමගි ජනබලවේගයේ මානව හිමිකම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා අදහස් දැක්වීය.

අරගලයේ ක්‍රියාකාරීන් මර් දනය කිරීම සහ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ගේ අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් එහිදී මන්ත්‍රීවරයා මානව හිමිකම් සැසිවාරයේදී අදහස් දැක්වූ අතර එහිදී තවදුරටත් මෙසේද කීවේය.

   “පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවුනේ අවුරුදු තුනකට කලින්. ජනාධිපති කොමිසමේ වාර්තාව ජනතාවට විවෘත කරලා එහි තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලා අපි ආණ්ඩුවට කිව්වා. විනිවිද භාවය වගවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් කරන්න ආණ්ඩුව පොරොන්දු වුණා.ආණ්ඩුවේ වියදම් වලින් සියයට 15 ක් ජාතික ආරක්ෂාවට වැය කරනවා. අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට ඊට වඩා අඩු ප්‍රමාණයක් තමයි වියදම් කරන්නේ.

ඒ වගේම සාමකාමී විරෝධතාකරුවන් මර්ධනය කිරීමටත් අත්අඩංගුවට ගැනීමටත් පියවර ගෙන තිබෙනවා. දැනට රට තුළ සිදුවන මෙවැනි දෑ අපි හෙලා දකිනවා. ඒ වගේම මහකොමසාරිස්වරියගේ කැපවීම අපි අගය කරනවා යැයිද ඔහු එහිදී පැවසීය.

රට පත්ව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ වැඩි අවධානයක් යොමුව ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
රටේ මානව හිමිකම් පිළිබඳවත්, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳවත්, ජනතාවට සිදුව ඇති ආර්ථික අර්බුදය පිළිබඳවත් මානව හිමිකම් කවුන්සලයේ මෙවර වාර්තාවේ පැහැදිලිව සඳහන්ව ඇති බවත් ජයවර්ධන මහතා පැවසීය.
මෙවර මානව හිමිකම් සැසිවාරය ශ්‍රී ලංකාවට ඉතාම වැදගත් සැසිවාරයක් බැවින් තමන් ඇතුළු නියෝජිත පිරිස සහභාගී වූ බවත් ඔහු තවදුරටත් කීවේය.

ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරය සඳහා සමගි ජනබලවේගයේ නියෝජිතයින් පිරිසක් එක්ව සිටි අතර මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ නීතිඥ එරන්ද වැලිඅංගේ යන මහත්වරු එක්ව සිටියහ.



අදහස් (10)

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ගේ අයිතිවාසිකම් කඩවීම ගැන දොස්තර කාවින්ද ජිනීවාහීදී කියයි

Piyal Wednesday, 14 September 2022 09:43 PM

පාස්කු ප්‍රහාරයෙන් අසරණ වෙච්චි ජනතාවට පිහිට වෙන්න. සාධාරණය ඉටුකර දෙන්න. ජනතාවට කියන්න කෙනෙක් නෑ. කියන්න තියෙන එකම තැන ජිනීවා විතරයි. ලංකාවේ සිටින කිසිම දේශපාලුවෙක්ගෙන් අසරණ වෙච්චි ජනතාවට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නෑ...

:       0       1

dilshan Thursday, 15 September 2022 06:38 AM

තමන්ට බලේ ගන්න බලන් ඉන්නේ...!

:       0       0

Senarath Thursday, 15 September 2022 09:59 AM

කවුරුත් බලය නැතුව විපක්ශයෙ ඉන්නකොට හොද මිනිස්සු. මිනිස්සුන්ගෙ ප්‍රශ්න ගැන කතාවෙනව. එ උනාට බලයෙ ඉන්නකොට මෙ ඔක්කොම අමතකවෙලා මරනින්දට වැටෙනව. මෙ හාදයො ටිකත් පාස්කු ප්‍රහරය වෙනකොට බලයෙ හිටියෙ දැන් ඉන්න ජනපතිත් සමග . එදා මොනවද කලේ ?

:       2       65

lankan lover Thursday, 15 September 2022 10:26 AM

ප්‍රශ්ණ තියෙනවනම් රට අතුලෙ විසදගන්නව ඔයි. තැන තැන ගිහින් රට විනාස කරන්නෙ නැතුව..

:       10       128

ChinthakaThursday, 15 September 2022 11:10 AM

ඇත්ත , මේ මිනිහගේ තාත්තත් ඉන්නකල් කෙරුවේ ඔයවගේ වැඩ

:       7       59

ගමේ එකාලාThursday, 15 September 2022 04:21 PM

මොලේ උඩද ඉන්නේ? රටම හොරාකාලා,ජනතාව මහපාරට ඇදලා දාපු ,රට කාබාසීනියා කරපු දුශිත දේසපාලුවෝ ඉන්න රටේ ප්‍රශ්න විසදන්නේ කොහොමද ?

:       2       3

Hafeel Thursday, 15 September 2022 05:16 PM

සිද්ධිය වෙලා දැනට අවුරුදු තුනටත් වැඩි. වින්දිතයන්ට සාධාරණ ඉටුවුනාද? ඒ වෙනුවට ආණ්ඩුව කළේ ජනාධිපති කොමිසම් වාර්තාවේ පිටු 26ක් හැංගුවා. ඕවා හැලි කළේ නැහැ. ආණ්ඩුව අවංක නම්, ඇයි හංගන්න ඕනේ? ඔ ජනාධිපති කොමිසමට වියදම් කළේත් රටේ මහජන මුදල්. ඒ නිසා මහජනයාට අයිතිය තියනවා ඔ පිටු 26 හැලි කරන්න. තවද එදා සහ්රාන් භාවිතා කල ජීප් රථයත් අද භාවිතා කරන්නෙත් ආණ්ඩුවේ ප්‍රබල මන්ත්‍රී කෙනක්. තවම නඩු අවසන් වෙලාත් නැති මොහොතේ නඩු භාන්ධයක් කොහොමද ඔහු භාවිතා කරන්නේ? ඒ නිසා අගතියට පත්වූ පාර්ශවය ජනීවා ගිය එක සාධාරණයි. ඔවුන් ජනීවා ගියේ රටට එරහිව නොවේ, රජයට එරහිව. රට ජනතාවගේ සහ රජය දුශිතයන්ගේ. ඔන්න එකයි වෙනස.

:       0       1

rocky Thursday, 15 September 2022 12:14 PM

තියන ප්‍රශ්න ලංකාව ඇතුලෙම විසඳන්නේ නැත්නම් බකන් නිලාගෙන ඉන්න කියලද lanka lover කියන්නේ?

:       9       5

sharm warnThursday, 15 September 2022 01:59 PM

තියෙන ප්‍රශ්න ලංකාව ඇතුළේම විසඳුවේ නැහැ කියලාවත් මේගොල්ලෝ දන්නේ නැහැ. අඩුගානේ ලංකාවේ ප්‍රශ්න තියෙනවද? ඒ මොනවද කියලාවත් කිසිම අවබෝධයක් නැතිව.., අවදිවෙලා කෑගහනවා. හැබැයි නමට ලංකා ලවර්...

:       0       0

BamunuarachchiFriday, 16 September 2022 07:15 AM

පාස්කු ප්‍රහාරය 75%ක් සිටින සිංහල බෞද්ධයින්ගේ ප්‍රශ්නයක් නොවෙයි. කාගේවත් ආගමික ප්‍රශ්න අපේ ප්‍රශ්න කරගෙන දඟලන්නේ මොන එහෙකටද? ඕවා පටන් ගත්තේ අවුරුදු දහස් ගණනකට පෙර තව අවුරුදු දහස් ගණනක් ඉදිරියට යනවා. ඒගොල්ලෝ ඒවා සමථයකට පත්කර ගත්තාවේ.. හැබැයි අපේ වියදමින් නොවෙයි.

:       2       0

ඔබේ අදහස් එවන්න

දියත

දිලිත් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට
2024 නොවැම්බර් මස 17 172 0

‘සර්වජන බලය’ පක්‍ෂයේ නෘයක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා එම පක්‍ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පත්කරන බව එම පක්‍ෂයේ මහ ලේකම් නීතඥ රන්ජන් ස


මත් ජාවාරමට සම්බන්ධ කොස්තාපල්වරයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 328 1

ප්‍රසිද්ධ ටෙලි නළුවකුගේ පුතෙකු ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ප


කෙසෙල් කැනේ හබේ දුර දිග ගිහින් පොල්ලකින් ගසා මරලා
2024 නොවැම්බර් මස 17 336 1

කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද


‘මිනී පෙට්ටි අවන්හලක්‘
2024 නොවැම්බර් මස 17 813 0

ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’ම


නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට
2024 නොවැම්බර් මස 17 375 0

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .


දියණියගේ පෙමට උරණවී පෙම්වතාට පහරදුන් පියා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 908 3

පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 338 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1781 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site