(ඉන්දිකා රාමනායක)
පාස්කු දින එල්ල වු බෝම්බ ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති ත‍්‍රස්තවාදී සැකකරුවන් හා ඔවුන්ට ආධාර අනුබල දුන් 41 දෙනකුට අයත් බැංකු ගිණුම් 100 ක් අත්හිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම ගිණුම්වල රුපියල් මිලියන 134 ක අධික මුදලක් තිබූ බවද හෙතෙම කීය.
මෙම ත‍්‍රස්තවාදී කණ්ඩායම සතුව තිබු රුපියල් මිලියන 20 ක ට අධික මුදල් ප‍්‍රමාණයක් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇති බවද හෙතෙම කියා සිටියේය.
මෙම ත‍්‍රස්තවාදී සැකකරුවන් සතුව තිබු බිලියන 7 ක වත්කම් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරගෙන ඇති බවත් ඒවා අකි‍්‍රය කිරීම සඳහා අවශ්‍ය විමර්ශන කරමින් පවතින බවද හෙතෙම පැවසීය.
මෙම දේපළ අතරට ඉඩම්, ගොඩනැගිලි හා නිවාස අයත් බවත් ඒවා තහනම් කිරීමට අවශ්‍ය පරීක්ෂණ සිදුකරමින් පවතින බවත් හෙතෙම කීය.
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) දහවල් වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සි
ලැගුම්හලකදී කාන්තාවක මරා ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ බස් නැවතුම්පොලේ දමා යෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු
ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා අද (24) ගෞරව දැක්වූහ.
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන අප්‍රේල් 26 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 41කගේ බැංකු ගිණුම් 100ක් අත්හිටුවයි
rim Thursday, 05 September 2019 10:10 AM
තවත් කල්මරන්නේ නැතව ඉක්මන් කරලා සියලුම දේවල් රාජසන්තක කරන්න.
sirimal Thursday, 05 September 2019 10:42 AM
ඔක්කොටම කලින් ප්‍රදාන සැක කරුගේ ව්‍යාපාර තම දුවන්නේ කොහොමද
කණ්ඩුල Thursday, 05 September 2019 11:00 AM
දැන් පරක්කු වැඩියි. ඕවා යෙන් සැහෙන්න අරන් ඇති
lankasri Thursday, 05 September 2019 11:23 AM
අපේ අයට ඔයතරමින්වත් ඇස් පෑදුණා ඇති...
Indhika Thursday, 05 September 2019 11:45 AM
ඉක්මන් වැඩි නැද්ද? එක්කෙනෙක් නම් තමන්ගේ ගිණුමේ තිබ්බ කෝටි 400කට වැඩි ගානක් 35,000ට බස්සලාලු.
surath Thursday, 05 September 2019 06:56 PM
මන්දගාමිව හෝ මෙවැනි පියවරක් ගැනීම ගැන බලධාරීන්ට ස්තුතිය .
Francis Fernando Friday, 06 September 2019 02:27 AM
ගොඩාක් ස්තූතියි. මින් ඉදිරියටත් මෙවාගේ ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටනට අපි එකතුවෙමු
Mahee Friday, 06 September 2019 03:06 AM
ඔව් ඔව් ඒ මිනිස්සුත් එකේ ඉලක්කම් 10 කින් තමයි ඔය ගිණුම් ඇරලා ඇත්තේ. හොයා ගන්න ලේසි වෙයි. අල්ලන්න තමයි අමාරු වෙන්නේ, හරියට අර කිරුලපනද කොහද තියෙන ගිණුම වගේ. ඇල්ලුවත් හපන්න බැරි වෙයි.
jayath Friday, 06 September 2019 03:31 AM
අරයගෙ ඒවත් මේ අතර තියනවද ?
උපුල Friday, 06 September 2019 04:37 AM
එතකොට අර බෝම්බෙන් පස්සේ මඩකලපු විශ්ව විද්‍යාලයේ බැංකු ගිණුම අත් හිටෙව්වේ එකේ තියෙන සල්ලි බිලියන 5න් රුපියල් 36000/- වෙනකන් සල්ලි ඇද්දයින් පස්සෙද? නිකන් දැන් මේ බින් කුන්ඩන්ගේ බැංකු ගිණුම් ගැන කතා කරන්න වෙලාතියෙන්නේ හෙළුවෙන් නාගත්තට පස්සේ රෙදි හොය හොය විලි වහගන්න. දැන් අපිද ගොනාට ඇඳගෙන ඉන්නේ නැත්තන් යහ පාලකයෝද ?
Chanak los angeles Saturday, 07 September 2019 09:47 PM
පාර්ලිමේන්තු කාරක සභාවට පැමිණ අහන ලද ප්‍රශ්න වලට දුන් පිළිතුරුවලට අනුව නම් යහපාලගේ ගිණුමත් මේ අත්හිටුවීමේ ලේඛනයට ඇතුලත් වෙන්න ඕනේ...