IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


පාස්කු ප්‍රහාර පැමිණිල්ල බලරහිත කරන්නැයි මෛත්‍රීපාලගෙන් පෙත්සමක්

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

ආරක්ෂක අමාත්‍යවරයාව සිට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන දැනත් එය වලක්වා නොගත්තේ යැයි කියමින් තමාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පවරා ඇති අපරාධ පැමිණිල්ල බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් අද (30) ගොනු කරනු ලැබ ඇත.

එමෙන්ම එම පැමිණිල්ල විභාගයට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද හිටපු ජනාධිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සහ එහි රෙජිස්ට්‍රාර්වරිය නම් කරනු ලැබ ඇත.

ආරක්ෂක අමාත්‍යවරයාව සිට පාස්කු ඉරිදා තස්ත්‍ර ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන දැනත් එය වලක්වා නොගත්තේ යැයි කියන සිද්ධියකට අදාළව කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලබන ඔක්තෝබර් මස 14 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්කවරයා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නොතීසි නිකුත් කළේ ඉකුත් 16 වැනිදාය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පාදයක් අහිමි වූ යේසුරාජ් ගනේෂන් මහතා සහ සිරිල් ගාමිණී පියතුමා කොටුව  මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ පෞද්ගලික පැමිණිල්ලක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබින.

 



අදහස් (6)

පාස්කු ප්‍රහාර පැමිණිල්ල බලරහිත කරන්නැයි මෛත්‍රීපාලගෙන් පෙත්සමක්

de silva Friday, 30 September 2022 04:16 PM

එහෙම කරන්න කිසිම අවශ්යතවයක් නැහැ තමන් එම කලයෙ අරක්ශක ඇමතිකම දැරුවනම් , ඔත්තුව කලින් ලැබිලත් නොසලකා සිටියනම්, තමන් මෙකට රටට සහ පුරවසියන්ට වගකියන්න ඔනෙ , එම කලය තුල දීමනා සහ වරප්‍රරසාද රටෙ බදු ගෙවන ජනතාව විසින් ඔබට ගෙවා ඇත.

:       1       37

BamunuarachchiSaturday, 01 October 2022 06:52 AM

ඇයි හලෝ ඔහේගේ මොලේ විකාර වෙලාද? කාගේ වත් පාරම්පාරික ආගමික ආරවුල් වලට් බෞද්ධ අපි පලිද? මේ ආගමික ආරවුල් වල සුල මුල සොයා බලන්න. මේවා අවුරුදු දහස් ගණනක් පැරණි ආරවුල්. රට පාලනය කරන පැරණි ක්‍රිස්තියානි නායකයාට චෝදනා නැහැල්ලු.

:       0       0

sanjeewa Friday, 30 September 2022 04:22 PM

ඔතුව ලැබිලත් මොහු වගකිම් ඉටු නොකල නිස 300 පමන මැරිල 200 පමන සදාකාලික අබ්බගාත වෙලා , රටට්ට ඩොලර් කොටි ගනනක ආර්තික විනශයක් වෙලා , හරි නම් මොහු ඉන්න ඔනෙ හිරෙ, තවමත් අපෙ බදු මුදලින් නිල නිවස , බෙන්ස් කාර් සහ අරක්ශකයො අතුලු වරප්‍රසාද ලබමින් සුපිරි ජිවිතයක් ගත කරන්ව , කරපු වැරදි ඔප්පු කරල මොහු හිරෙ අරිමු රටට විශල මුදලක් ඉතුරු වෙනව, මොහුට වියඩම් කරන මුඩලෙන් ඩුපත් පවු 100 කට කන්න ඩෙන්න පුලුවන්,

:       1       36

BamunuarachchiMonday, 03 October 2022 07:46 AM

පාස්කු ප්‍රහාරය දැනගෙන පුතාට පල්ලියන්නෙපා කිව්වා ක්‍රිස්තියානි කාරයෝ එබව කාදිනල්ට නොකිව්වා කියලද ඔබ හිතන්නේ? පිස්සු කෙලින්න එපා හලෝ ඔවුන්ගේ ආගමික අරගල බේරන්න අපි මැදිහත් වෙන්නේ මොකටද?

:       0       0

NANDANA Friday, 30 September 2022 09:32 PM

මෛත්‍රී රට කෑව

:       0       0

Bamunuarachchi Saturday, 01 October 2022 06:55 AM

සිරිසේන මහතා යහපාලකන් කාලේ හමබ්යෝ කඩු 6000 පමණ ගෙන්වා පල්ලිවලට බෙදා හැරීම ගැන ප්‍රශ්න කරන්න.

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත


පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 31 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 132 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 666 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 510 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 1158 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 416 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1909 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site