IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පාස්කු බුද්ධි තොරතුරු ගැන හොයන්න ජනාධිපති කමිටුවක්

(අංජුල මහික වීරරත්න)

පාස්කු  බෝම්බ ප්‍රහාර පිළිබඳ ලැබුණු පූර්ව තොරතුරු/බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි ප්‍රධානී (CNI) සහ අනෙකුත් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.

විශ්‍රාමික විනිසුරු ඒ. එන්. ජේ. ද අල්විස් මහත්මියගේ සභාපතීත්වයෙන් මෙම  විමර්ශන කමිටුව පත් කර ඇත. 

ඉන්දීය බුද්ධි අංශ ලබාදුන් තොරතුරු මත පදනම්ව ගනු ලැබූ ක්‍රියාමාර්ග මෙන්ම වව්නතිව්හි දී සිදුවූ ඝාතන වලට එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධ බවට හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය (DMI) විසින් පෙර සිදුකර තිබූ අනාවරණය පිළිබඳව ද මෙම කමිටුව විමර්ශනය කිරීමට නියමිතය.

මෙම කමිටුවේ වාර්තාව සැප්තැම්බර් මස 15 වනදාට පෙර ලබාදිය යුතුව ඇත.



අදහස් (18)

පාස්කු බුද්ධි තොරතුරු ගැන හොයන්න ජනාධිපති කමිටුවක්

Ruwan De Silva Wednesday, 12 June 2024 08:20 PM

පාස්කු ප්‍රහාරයේ නඩුව අයිටීඑන් කොපිකඩේ වගේ අවුරුදු 40ක් විතර ඇද ඇද යයි වගේ.

:       0       0

PATTA hora Wednesday, 12 June 2024 08:27 PM

ඔයත් පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕනේ. උසාවියෙන් බේරිලා ඉන්නේ ජනාධිපති මුක්තිය යටතේ. නැති නම් මෛත්‍රීට වගේම අධිකරණ දඬුවම් , අච්චු ලැබෙනවා. නිකම් බයිලා ගහන්නේ නැතුව ඉන්නවා. අනෙක මහ බැංකුව කොල්ලකෑවේ කවුද කියලා අපි අමතක කරන්නේ නෑ. ඒකටත් දඬුවම් විඳින්න වෙනවා.

:       2       4

පිටරැටියා Wednesday, 12 June 2024 08:31 PM

තමුන් ඒ කාලේ රටේ අගමැති වෙලා හිටියේ?අවුරුදු 5 ක් තිස්සේ තටම තටම ඉදලා දැනුයි මතක් වෙලා තියෙන්නේ ?

:       0       4

සමන් විමල් Wednesday, 12 June 2024 08:40 PM

මහ බැංකුව මංකොල්ලය ගැනත් කොමිසමක් දාමූ

:       7       36

kotiya Wednesday, 12 June 2024 09:22 PM

ඔය මොනවා කලත් වැඩක් නෑ මා පුතී, අවසානයේ කතෝලික සභාව කියන්නේ පරීක්ෂණ හරියට උනේ නෑ. සාධාරනය ඉටු උනේ නෑ. කතෝලික සභාව නොම යැව්වා වගේ දේවල්. ඔයිට හොදයි අගරදගුරු ගෙන් ඇහුවා නම් පාස්කු ප්‍රහාරෙට කාවද එල්ලන්න ඕනේ කියලා. ඒ කියන එකාව එල්ලලා දාලා ඔය ප්‍රශ්නේ ඉවර කලා නම් කතෝලික සභාවත් සතුටින්. අපිත් සතුටින්.

:       31       14

Rohana Wednesday, 12 June 2024 10:01 PM

ජනාධිපතිවරණ කැම්පේන් එක පටන්ගත් වගයි.

:       1       40

Karunajeewa Thursday, 13 June 2024 12:00 AM

සීඅයිඩි ලොක්කෝ දෙන්නා එන්පීපී එකේ විශ්‍රාමික පොලිස් සංසදයට එකතු වුණ එකට ගුලියක් අඹරන්න හදන වැඩක්.. රාජපක්ෂලාට කෙළවෙන එකෙන් බේරා ගන්න. පොලීසියේ අවංක නිලධාරීන්ට උගුල් අටවන්න හදන්නේ.. අපි අහුවෙයි ඕවට ..

:       0       3

Thilina Heenkenda Thursday, 13 June 2024 07:07 AM

අඩේ උඹට පිස්සුද බං

:       0       10

පුරවැසියා Thursday, 13 June 2024 07:58 AM

රැවටීම කලාවක් නම් රනිල් එහි පිකාසෝ වෙයි

:       0       15

Dilshan Thursday, 13 June 2024 08:01 AM

රනිල් මහත්තයා මැතිවරණ නාට්‍ය පටන් ගත්තා.

:       0       4

ටියුඩර් Thursday, 13 June 2024 09:00 AM

ඔය කමිටු වලට වෙනදේ හොයන්නත් කමිටුවක් දැම්මොත් හොදයි. තව සිය ගාණක් මිනී දිහා බල බල කිසිදු කම්පනයකින් තොරව අගමැති හිනාවෙවි ආතල් එකේ හිටපු හැටිත් කියන්න

:       0       19

පිටරටවැසියා Thursday, 13 June 2024 09:32 AM

ප්‍රහාරය සිද්දවෙන අවස්ථාවේ "හිටපු ජනාධිපති (ආරක්ෂක ඇමති), අගමැති සහ ආරක්ෂක රාජ්‍ය ඇමති" ගත් ක්‍රියාමාර්ග පිළිබඳ විමර්ශනය කිරීම සඳහාත් කමිටුවක් හෝ කොමිසමක් පත්කර වාර්තාව ඉදිරි මැතිවරණයට පෙර ජනතාවට ඉදිරිපත් කරන්න.

:       0       21

FMG Fernando Thursday, 13 June 2024 10:24 AM

ඒ සම්බන්ධව කිසිම දෙයක් අහන්න අපි උනන්දු නැහැ. ඔබේ නාට්‍ය දැන් ඉවරයි. අපට අවශ්‍ය වන්නේ ඉක්මනින්ම එම ධුරයෙන් ඉවත් වී ජනාධිපති මන්දිරයෙන් පිටවීමයි.

:       1       10

Asanga samantha Thursday, 13 June 2024 10:28 AM

මේ මගුල තවම ඉවරයක් නද්ද? දලදා මාලිගවට ගාපුවත් ඔයපල්ලකෝ.

:       1       3

Rata Perata Thursday, 13 June 2024 11:45 AM

අනේ නිකම් හිටහන් .කරන්නම ඕන නම් බටලන්දෙන්ම පටන් ගනින්

:       2       11

siri Thursday, 13 June 2024 11:50 AM

මොන්ටිසෝරි දරුවෙකුට දීලා අහමුද .ඔය සිද්ධිය කලින් දැනුම් දීලා තිබිලත් එය වලක්වා නොගත්තානම් කවුද වැරදි කියලා.රටම අද විහිලුවට පත්වෙලා

:       0       10

nanda Thursday, 13 June 2024 12:36 PM

කලින් දැනුම් දුන්න නිසා අඩු ගාණේ ඒ ගැන නිකමට ජනතාව දැනුවත් කරන්නම් ඔය විපත වෙන්නේ නැනේද? නිකන් බොරුවට වටේ කැරකෙනවා.

:       1       7

Kazi Shajahan Thursday, 13 June 2024 03:20 PM

මිනි මරුවන්ගේ ඡන්දෙන් ජනාධිපති වෙලා, මිනිමරුවෝ අල්ලන් යනවා. මොන විහිලුවක් ද මේවා

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 128 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 141 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2530 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 931 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 526 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1577 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37756 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site