(නිමන්ති රණසිංහ)
මෙරට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවකු සමග ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට පත්වූ අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ ප්‍රබල නායකයකු සමීප සම්බන්ධතා පවත්වා ඇතැයි එරටින් තොරතුරු දැනුම් දුන් බව ත්‍රස්ත මර්දන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා ඉදිරියේ අද (21) කරුණු වාර්තා කරමින් සදහන් කළේය.
ඕස්ට්‍රේලියාවේදි අත්අඩංගුවට පත්වූ අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයා මාලදිවයින් ජාතිකයකු වන අතර, එරට ආරක්ෂක අංශ ඔහුගෙන් කරනු ලැබූ ප්‍රශ්න කිරීමේදී මෙරට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවකු වන ‘මොහොමඩ් ඊබ්‍රහීම් සාදික් අබ්දුල්ලා හක්’ නමැත්තා සම්බන්ධයෙන් එලෙස කරුණු අනාවරණය වූ බව ත්‍රස්ත මර්දන හා විමර්ශන අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා ලබන 25 වැනිදා සිට 28 වැනිදා දක්වා අතර කාලයේදී මෙම සැකකරු බූස්ස බන්ධනාගාරයේ සිට තම කොට්ඨාසය වෙත මුදා හරින ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් ලබා දෙන්නැයි ත්‍රස්ත මර්දන කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම සැකකරු ලබන 25 වැනිදා සිට දින තුනක කාලයක් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයට මුදා හරින ලෙසට බන්ධනාගාර අධිකාරියට නියෝග කළේය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
විගණකාධිපති ධූරය සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
කඩවත සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට අද උදේ 7.30 ට පමණ හල්දුම්මුල්ල නගර ආසන්නයේ දී කඳු මුදුනින් පෙරළි ආ ගල් කීපයක් මෝටර් රථය මතට වැටීම
කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටී වයස අවුරුදු එක හාමරක පමණ කුඩා පිරිමි දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය සදහන් ක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පාස්කු බෝම්බ සැකකරු ගැන ඕස්ට්‍රේලියාවෙන් තොරතුරු
Alfread Saturday, 22 April 2023 09:16 AM
අනේ මුස්ලිම් අය එහෙම නෑ. එයාලා හරිම අහිංසකයි. බලන්න ලෝකය පුරාම එයාලා සාමෙන් සමාදානෙන් ඉන්න කොච්චර අහිංසක අයද කියලා... කාටවත් වචනෙකින්වත් වරදක් කරන්නේ නෑනේ...
kamal Saturday, 22 April 2023 09:33 AM
දැක්කනේ අර අහිංසක ජනාධිපතිව මරන් කන්න හදනවා, වැරැද්ද ඕස්ට්‍රේලියාවේනේ...!
දාස Saturday, 22 April 2023 05:52 PM
මේත් නාට්‍ය පිටපතක් මේ රටේ හොර දේශපාලුවො බේරගන්න...
Bamunuarachchi Sunday, 23 April 2023 02:52 PM
ඔය මොන සැකකරුවෙක්, පොකට් මොහොමඩ්, ඇල්ලුවත් වැඩක් නැහැ...
Bamunuarachchi Sunday, 23 April 2023 10:34 PM
මොන සැකකරුවා ඇල්ලුවත් වැඩක් නැහැ... ලිස්ට් එකේ ඉන්න කෙනා අල්ලන්නේ නැතුව. පොකට් මොහොමඩ් ඇල්ලුවත් වැඩක් නැහැ...