IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉල්ලා 21 ජනපවුරක්

(මුදිතා දයානන්ද)

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන්ට නීතිය හා යුක්තිය පසිඳලන ලෙස ඉල්ලමින් එම ප්‍රහාරයට වසර 4 ක් සපිරෙන අප්‍රේල් 21 වැනිදා කොළඹ මීගමු මාර්ගයේ ශක්තිමත් ජන පවුරක් ගොඩනගන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

කාදිනල් තුමන් මේ බව සඳහන් කළේ බිෂොප් මන්දිරයේ දී  ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ය.

මෙම ජන පවුර එදින පෙරවරු 8.30 සිට පෙරවරු 9 දක්වා පැය භාගයක කාලයක් කොළඹ මීගමු මාර්ගයේ කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මුනි දේවස්ථානය දක්වා ගොඩනගන බවද අගරදගුරුතුමෝ පැවැසූහ.

එහිදී පාස්කුදා ප්‍රහාරය පළමු බෝම්බ ප්‍රහාරය සිදුවූ පෙරවරු 8.45ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරන බවද අගරදගුරුතුමෝ පැවසූහ.

මෙම ජනපවුර ශක්තිමත් කිරීමට ජාති, ආගම්, කුලමල, පාට පක්ෂ භේද නොසලකා පෙළගැසෙන ලෙස යුක්තිය අගයන  සියලු‍ ජනතාවගෙන් ඉල්ලා සිටින බවද එතනට පැමිණිය නොහැකි සියලු‍ දෙනාට පෙරවරු 8.45ට තමන් වැඩ කරන ස්ථානයේ නැගී සිටිමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටින බවද කාදිනල් තුමෝ සඳහන් කළහ.



අදහස් (15)

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉල්ලා 21 ජනපවුරක්

විපරමා Monday, 17 April 2023 09:29 PM

කාදිනල්තුමා පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් ඉදිරිපත් නොවෙන්නට ,මේ නින්දිත ක්‍රියාවත් සුදුවෑන්,ගාතන,අතුරුදහන් වගේ යටගහන්ඩ තිබුනා.

:       55       6

කවිඳුTuesday, 18 April 2023 01:10 PM

සුදු වෑන් කතාව ගෙනාවෙ ගෝඨා ගැන මිනිස්සු භය කරන්න. ගෝඨා ඉඩි අමීන් වගේ කියලත් කිව්වා. අන්තිමට එක මිනිහෙක් නොමරා ගෝඨා ජනාධිපතිකමත් දාලා යන්න ගියා. සුදු වෑන් කතාව ඇත්ත නම්, ඔය අරගල නායකයො එකෙක් වත් මේ වෙනකොට ඉතුරු වෙන්නෙ නෑ. ගෝඨා අසාර්ථක නායකයෙක්, අදූරදර්ශී මනුස්සයෙක් හැබැයි අහිංසකයෙක්. තමන්ගේම සහෝදරයන්ගේ ගේම් නොවෙන්න ඔහු තවමත් ජනපති වෙලා ඉන්න තිබුනා.

:       0       3

Alfread Monday, 17 April 2023 10:27 PM

පක්ශෙ ලාංඡනේ විතරයි අඩු. සහරාන් ඇතුලු අන්තවාදීන් බෝම්බ ගහනව දැක දැක, ඒකාලේ නායකයො කවුද කියල දැක දැක රාජපක්ශලගෙ ගිනුමට ඒක බැර කරලා මෙයා මිනිස්සු රවට්ටගෙන මඩිය තර කර ගත්තා. අර යුරෝපෙන් හම්බුනු ආධාර වලට මොකද වුනේ සීයේ?

:       6       61

Lelwala Tuesday, 18 April 2023 06:37 AM

පන දෙන්න ත්‍රමයක් තියෙනවද)

:       5       44

Athula Tuesday, 18 April 2023 08:37 AM

ඔහොම්ම පක්ශෙකුත් ලියාපදිංචි කර ගමුද මහත්තයා. ජෙප්පොත් එක්කම පෙලපාලියක් ගිහින්, උද්ඝෝෂනේකුත් කරල ඉන්න බැරියැ.

:       6       38

Senaka Tuesday, 18 April 2023 08:42 AM

ලංකාවෙ දහස් ගනන් හමුදාවෙ කොල්ලො කෙල්ලො මැරෙනකොට ඔය වේදනාව තිබ්බෙ නෑ නේද? 70,000ක් මිනිස්සු මැරුන එක කෙල බිඳක් හෙලුවෙ නෑ. ජිනීවා යන්න, මානව හිමිකම් යන්න හිතුනෙ නෑ. රායප්පු ජෝසප් කොටින්ට කඩේ යනකොට ඔව්වා මතක් උනේ නෑ නේද? අනුන්ට දෙන ගින්දර තමන්ට පත්තු වෙනකොට තමයි ඒක හරියටම තේරෙන්නෙ.

:       6       77

මහමොලකරු Tuesday, 18 April 2023 08:53 AM

මෙයා ඉස්ලාම් අන්තවාදය ගැන කතා කරන්න පට්ට භයයි. රනිල් ගැන කතා කරන්න ඊට භයයි. දන්නව ඒ ගැන කතා කරොත් ඊලඟ පාර හම්බෙන්නේ ඔයිට එහා සම්බුවක් කියලා. ඒක නිසා අර මෝඩ රාජපක්ශ හැත්තගෙ ගිනුමට බෝම්බෙ දාලා ආතල් එකේ උද්ඝෝශනයක් කරගෙන ඉන්නව. එයත් සතුටින්, බෝම්බෙ වැදිල අසරණ වෙච්ච අයත් සතුටින්, අන්තවාදීනුත් සතුටෙන් (දෙපැත්තෙන්ම හිනා වෙනව). අන්න එහෙමයි ප්‍රශ්න විසඳන්නේ.

:       5       85

ගමේ එකාලා Tuesday, 18 April 2023 12:04 PM

පාස්කු ප්‍රහාරය දූෂිත බලලෝබි පවුල් පාලනේ උන් බලයට එන්ඩ ගහපු ගේමක්. ආරක්ෂාවට වගකියන නායකයෙක් කියලා ගෝටා ගේ පෝස්ටර් රටපුරාම ගැහැව්වා .අපරාධ කාරයන්ට ස්වබාව ධර්මයෙන් හෝ දන්ඩුවම් ලැබෙයි .

:       67       6

Darman Tuesday, 18 April 2023 12:34 PM

කාදිනල් තුමා ඕකට ජවිපෙ ජාතික ලැයිස්තුවේ හිටපු ඊබ්‍රාහිම් නානාවත් ගෙන්න ගන්න. එයාල පුත්තු මරාගෙන මලේ කියල දන්නෙ නැහැනෙ. රාජපක්ෂල තමා කොලේ

:       1       27

fairoos Tuesday, 18 April 2023 12:34 PM

මොන දේ කරලත් වැඩක් නැහැ .මේ කාලකන්නි දේශපාලකයන් ඉන්නකම්

:       18       3

AlfreadTuesday, 18 April 2023 01:05 PM

අනේ අහිංසක කට්ටිය කියන කතා. මෙයාලා බහු-ජාතිය උනාම තමයි ඒක හොඳටම බලා ගන්න පුලුවන්. පකිස්තානේ ක‍තෝලිකයන්ව බාබකියු දානව මේ දවස් වල. එහේ ක‍තෝලික කෙල්ලොන්ව බලෙන් මුස්ලිම් අයට කසාද බන්දනවා, ක‍තෝලික විනිසුරුවන් මරනවා. මේවා සී.එන්.එන්. එකෙන් බලා ගන්න පුලුවන්.

:       0       2

Bamunuarachchi Wednesday, 19 April 2023 04:10 AM

කාදිනල් උන්නැහේ ක්‍රිස්තියානි මුස්ලිම් ගැටුම බොහොම පැරණි එකක් නේද? පොකට් මොහොම්මඩ් ක්‍රිස්තියානි කාරයින්ගෙන් කප්පම් ඉල්ලලා කප්පම් නොදීම අවසන් උනේ ක්‍රිස්තියානි ගැහැණියක් මොහොම්මඩ්ට වස දී මරා දැමීමෙන් කියලා කියනවා. ඔය ආරවුල තමයි අවුරුදු 1400 ගණනක් මේ එන්නේ. එහි එක episode එකක් තමයි පාස්කු ප්‍රහාරය. බයිබලයේ සඳහන් වෙන්නේ සියලු දේ සිදුවෙන්නේ දෙවියන්ගේ කැමැත්තට කියලායි. එහෙනම් කලබල වන්නේ ඇයි?දෙවියන් සියල්ල විසඳාවි.

:       0       4

kamal Tuesday, 18 April 2023 01:25 PM

ලංකාවේ සිටින සැබෑ බෞධ්දයා ඔබයි. සටන අත නොහරින්න. සත්‍ය සදා ජය ගනී.

:       1       0

බද්රානි Tuesday, 18 April 2023 01:30 PM

තමන්ගේ කෙනෙකු බෝම්බ ප්‍රහාරයට ලක් නොවූ නිසා හෝ අන්‍ය ආගමිකයින් මේ ප්‍රහාරයට ලක්වුණු නිසාම ඒ සම්බන්ධව කිසිදු සානුකම්පිත හැගීමක් නොමැති අමනුෂ්‍යයින් රැළක් මේ රටේ ජීවත් වෙනවා. මේක තනිකරම දේශපාලන බලය ලබා ගැනීම වෙනුවෙන් සිදුකල ප්‍රහාරයක්. එයට බුද්ධි අංශයත් සම්බන්ධයි. සහරාන් යනු මේ ප්‍රහාරය සිදුකිරීමට යොදාගත් බුද්ධි අංශ සාමාජිකයෙක් පමණයි. බෝම්බ තාක්‍ෂණය, එකම වෙලාවේ ස්ථාන කිහිපයක සිදුවූ සන්නිවේදන කටයුතු සිදු උනේ කෙසේද? අනෙකාගේ විපත තමන්ගේ දේශපාලන සතුට කරගත්තු සම දෙනාටම ඒ විපත ඔවුන්ගේ හිස මත පතිත වේවා!! ඔවුන්ට ශාප වේවා!! එසේ නොමැති උවහොත්, අප අදහන ආගම ධර්මයන් සියල්ල බොරු. කාදිනල් තුමාගේ හඬට මේ රටේ ධර්මිෂ්ඨ ජනතාව එකඟයි, අවනතයි..

:       3       3

Bamunuarachchi Wednesday, 19 April 2023 04:18 AM

කව්දෝ හාදයෙක් පාදිලියන් පිරිවරාගෙන පාස්කු ප්‍රහාරයේ සුලමුල කියන්න අපරාද විමර්ශන ඒකකයට ආවා නේද? ඉතින් මෑන් කිව්වේ නැද්ද කව්ද පාස්කු ප්‍රහාරය කලේ කියලා. කාදිනල් තුමා අඳුරේ අතපත ගානවා නේද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

බළපිටියේ වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 17 86 0

බළපිටිය මරදාන මහ පාරේදී අද(17) රෑ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.


කෝටි ගණනක මුදල් සහ රන් සමග සැක මෝටර් රියක් දෙවුන්දරින් අල්ලයි
2025 අප්‍රේල් මස 17 133 0

දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේ දී මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් 32840000 මුදල් හා රත්තරන් වළලු, කර


කැකිරාවේ ගෙවත්තක පිළිස්සුණු කාන්තා මළසිරුරක්
2025 අප්‍රේල් මස 17 98 0

කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.


වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 37 0

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


සිරි දළදා වන්දනාවේ පෝලිම කෙළවර බලාගන්න ’’ලින්ක් එකක්’’
2025 අප්‍රේල් මස 17 151 0

සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.


ජනපතිත් හෙට දළදා වඳී
2025 අප්‍රේල් මස 17 146 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 192 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1083 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site