(රංජන් කටුගම්පල සහ විමුක්ති එස් රොද්‍රිගු)
පාස්කු ඉරුදින සිදු වූ ප්‍රහාරය වැළැක්වීමට සුදුසු පියවර නොගැනීම හේතුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, ජාතික බුද්ධි සේවයේ ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන මහත්වරුන් මූලික අයිතිවාසිකම් කඩකලැයි තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන්ගේ පෞද්ගලික මුදලින් වින්දිතයන්ගේ අරමුදලට වන්දි ගෙවන ලෙස අද නියෝග කලේය.
ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට රුපියල් මිලියන 100ක මුදලක්, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ජාතික රහස් ඔත්තු සේවයේ අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන මහත්වරුන්ට මිලියන 75 බැගින්ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට රුපියල් මිලියන් 50ක් ද, ජාතික බුද්ධි සේවයේ ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාට මිලියන 10ක මුදලක්ද තම පුද්ගලික මුදලින් වින්දිතයන්ගේ වන්දි අරමුදලට බැර කරන ලෙසත්, රජයෙන් රුපියල් මිලියනයක මුදලක් එම අරමුදලට බැර කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කලේය.
ඉන්දියාවේ නාගපට්මන් හා කන්කසන්තුරේ අතර ක්‍රියාත්මකව පැවති මගී නැව් සේවාව ඊයේ (17) සිට තාවකාලිකව නතර කිරීමට එම නැව් සේවා සමාගම තීරණය කර තිබේ.
අවිවාහක රෝගී තත්ත්වයෙන් පෙලෙන තරුණියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කළ පොලිස් සැරයන්වරයකු, ත්‍රී රෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම
ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා(21) සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
නොබෝදා පැවැති පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුරු නියෝගය නිකුත් කළේය.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පත
මීගමුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ රථවාහන වව්චර්පත් 13 ක් ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් 192,400 ක් වංචා කළ බව කියන මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාස්කු සිද්ධියට මෛත්‍රීට ලොකු වන්දියක් ගෙවන්න වෙයි
Senarath Thursday, 12 January 2023 12:25 PM
ඇත්තටම මෙ දඩ මුදල මදි. මැරුනු එක මනුස්සයෙක්ගෙ වටිනකම මුදලින් මිල කරන්න බැහැ.
NimalFriday, 13 January 2023 04:43 PM
ප්‍රහාර පිලිබදව විදෙස් ඔත්තු සේවාවන් දන්වා තිබියදීත් ප්‍රහාර වැළැක්වීමට හමුදාවන්, පොලිසිය, ඔත්තුසේවවන් සහ විදෙස් ඔත්තු සේවාවන් ගෙන් සියලු තොර තුරු ලබා අදාල විෂයයන් සම්බන්ද වගකිවයුතු පුද්ගලයන් සමග සාකජ්ජා කර වලක්වා ගැනීමට තිබූ ප්‍රහාරයක්.
Sanath Kandy Thursday, 12 January 2023 12:33 PM
ශ්‍රේෂ්ඨාධිකරණයේ ශ්‍රේෂ්ඨ තීන් දුවට ජාතියේ උපහාරය
Vajira Thursday, 12 January 2023 12:35 PM
සහල් පාරිභෝගිකයන්ට තමා අවසානයේ මේ වන්දිය ගෙවන්න වෙන්නේ. ඩඩ්ලි මල්ලී සහල් මිල ඉහල දමාවි.
එතෙර අපි Thursday, 12 January 2023 12:41 PM
තීරණය නම් හොදයි. ඒත ජන්දෙ ඉවර උනාට පස්සේ මොකක් වෙයිද දන්නැ. අනික මේ ප්‍රහාරය ට වග කිව යුතු තව සෙට් එකක් ඉන්නවා .. මුලු රටම දන්නවා ඒ කවුරුද කියලා.
කුඩා මොලකරු Thursday, 12 January 2023 12:52 PM
මට තාමත් තියෙන ප්‍රශ්ණයක්. 95 වතාවක් පොලිසියට කෝල් කල ඉන්දීය බුද්ධි අංශ එක පාරක් වත් පල්ලියට කෝල් කරේ නෑ..? හරිම පුදුමයි නේ. ලංකාවේ ආයතන වල තත්ත්වය නොදැන ඉන්න ඉන්දීය බුද්ධි අංශයේ හිටියේ මන්ද බුද්ධිකයොද?
MerilThursday, 12 January 2023 02:00 PM
පල්ලිය දැනන් හිටියා. ඔහොම බෝම්බ ප්‍රහාරයක් එල්ල වුනේ නැත්තන්, එයාලට මෙච්චර බලයක් ලබා ගන්න බැහැනේ. දැන් ලෝකෙම අනුකම්පාව එයාල දිනාගෙන ඉන්නේ, ඒකට ෆුල් පබ්ලිසිටියක් දීලා ඩොලර් මිලියන ගානක වන්දියකුත් ගත්තා. හැබැයි ඒවගෙන් වින්දිතයන්ට ලැබුනෙ සොච්චමයි.
MossaicFriday, 13 January 2023 04:58 AM
මේක සල්ලි ගන්න ගහපු ප්ලෑනක් නම් නෙමේ. පාස්කු ප්‍රහාරය දැන දැන නොදන්න පාට් රඟපෑම, උග්‍ර හමුදා විරෝධය, කොටි සැමරුමට පල්ලි එකතු වීම, දිනපතා සාකච්චා තියා ලංකාවට සල්ලි එවන්න එපා කීම, ලංකාවට විදේශ ප්‍රේශන අඩු වෙලා ආර්ථිකය වැටුනාම අරගලය ගෙන ඒම, අරගලයේදී උග්‍ර බෞද්ධ විරෝධයක් මතු කිරීම, ජෙවිපෙ නායකයන් බෞද්ධ විරෝධී කතා කියමින් බයිබල් පාඨ උපුටා දැක්වීම, ජවිපේ යූටියුබ් කාරයො බෞද්ධයන්ට විරුද්ධව එකපාරම දැවැන්ත මඩ කැම්පේන් එල්ල කිරීම, මේවා එකම ප්ලෑන් එකේ පොඩි පොඩි ඇක්ශන් බව තේරෙන්නෙ නැද්ද?
Rexi Thursday, 12 January 2023 02:25 PM
ඇත්තටම ඔබට ඇත්තේ කුඩා එකක් බව පෙනෙනවා. බුද්දි අංශ තොරතුරු හුවමාරු කරගන්න නියමිත ක්‍රමවේදය අනුව නියමිත මාර්ග හරහා පමණයි
KevinThursday, 12 January 2023 02:53 PM
ඒක නිසා වෙන්න ඇති රෝහලේ ලෙඩ ඇඳේ හිටපු එවුනුත් දැනගෙන තිබුනේ පල්ලියෙන්ම.
Rata Perata Thursday, 12 January 2023 01:02 PM
සූත්තර පුංචා ඒකෙනුත් බේරුනා එහෙනම්.
Fernando Thursday, 12 January 2023 01:02 PM
මේ අපරාධයේ මහමොල කරුවන් විසින් වන්දිය ගෙවා දමාවි. එයාලගෙ බජට් එකේ මේ සල්ලි වෙන් කරලා තියෙන්නේ.
Muthu Thursday, 12 January 2023 01:04 PM
ලංකාවේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න නම්, දේශපාලන බලය නැති වෙන්න ඕන. මේ කීප දෙනා විතරද මීට වග කියන්න ඕන. ඇයි දෙවෙනියා වරදක් කරලා නැද්ද. අධිකරණය ගැන මොකුත් කතා නොකර ඉමු.
Jude perera Thursday, 12 January 2023 01:08 PM
ඔක්කොම එකතු වෙලා හරි වෙනවෙනම හරි අබියාචනාදිකරනයෙ ඇපීල් කරපු ගමන් සල්ලි එගොල්ලො ගාව නැහැ කියල එතකොට ප්‍රතිපලේ බලමුකො මොකද වෙන්නෙ කියල.
චන්දිම ෆොන්සේකාFriday, 13 January 2023 07:17 AM
ශ්‍රේෂ්ටාධිකරණය කියන්නේ අවසාන අභියාචනා අධිකරණයයි. එහි තීන්දුවක් නැවත වෙනස් වෙන්නේ නැහැ. සල්ලි නැහැ කියල බේරෙන්න බැහැ. මේ අයගේ වත්කම් රාජ සන්තක වෙනවා. හිරේ යන්න වේවි.
gunarathnaFriday, 13 January 2023 07:54 AM
මහ අධිකරණයේ සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් දීපු තීන්දුව වෙන කිසිම උසාවියකින් වෙනස් කරන්න බැහැ .නමුත් මුන් මොන උප්පරවැට්ටියක් දාලා හරි මේකෙන් බේරෙන්න බලයි .නමුත් කාදිනල් තුමා මේ වන්දිය අරන් දීලා තමයි පස්ස බලන්නේ
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 12 January 2023 01:13 PM
අධිකරණ තීන්දුවට හිස නමා ආචාර කරමු ... !!! එමෙන්ම ගරු අධිකරණයට හා විනිසුරුතුමන්ලාට ප්‍රශංසා වේවා.මේ වැනි දේශපාලනය විසින් ගිලගත් රටකට අරක්ගත් ඇතැම් දේශපාලන බහිරවයන්ට මේවා ඉතා හොඳ පාඩම්ය.
Kumara Thursday, 12 January 2023 01:31 PM
කලිසමා පොලිත් එක්කම ගෙවයි ලඟදීම.
Somasir Thursday, 12 January 2023 01:39 PM
අඩුම තරමේ අවුරුද්දක් වත් හිරේ දන්නා ඕන හිටන් ව .
පැරකුම්Thursday, 12 January 2023 03:01 PM
හොදට කියවා බලන්න එක චූදිකයෙකුටවත් දඩුවමක් දීලා නැහැ නේ.. වන්දියක් ගෙවීම පමණයි. දඩුවමක් නම් රජයේ ආදායමට එක්වෙන දඩ මුදලක් සහ/හෝ සිර දඩුවමක් තිබියයුතු නේද. මම වැරදි නම් කරුණාකර නිවැරදි කරන්න.
අමනුස්ස Thursday, 12 January 2023 01:48 PM
සල්ලි දුන්නම හරිද?
Saman Thursday, 12 January 2023 02:10 PM
වන්දිය මදි. මීට වඩා අය කලයුතුයි.
lankasri Thursday, 12 January 2023 02:21 PM
හොදයි වැලැක්කුවෙ නැති එවුන්ට මෙහෙමයි කියමුකො එතකොට කරපු එවුන්ට තීන්දුවක් නැද්ද? මේ සේරම ගේම් එකේම ප්ලෑන්.
siril Thursday, 12 January 2023 02:22 PM
කෝ රාජපක්ශලට දඩුවම්.. අ විතරද මුස්ලිම් - සිංහල මිනිසු අවුස්ල කර විනාශ
මහසෙන් Thursday, 12 January 2023 02:25 PM
මෙම දඩුවම පිලිබදව කාදිනල් තුමාගේ මතය පවසනතුරු බලා හිදිම්.
wedageFriday, 13 January 2023 01:21 PM
කාදිනල් තුමා අධිකරණය විවේචනය කරන්නේ නෑ
Hafeel Thursday, 12 January 2023 02:28 PM
බොහෝ දුරට දැන් මෛත්‍රී සේරම හැලි කරන්න ඉඩ කඩ තියනවා. මතක නේද මෛත්‍රී එක් අවස්තාවකදී කිව්වා ඔහුව හිරේ දැම්මුත් සේරම හැලි කරනවයි කියල. තවද බොහෝ දුරට මෛත්‍රී හැලි කරන්න ඉන්න අර ලැයිස්තුවේ ඉන්න අපරාධකරුවන් විසින්ම මෛත්‍රීගේ මිල්ලියන 100 ම ගෙවන්නත් ඉඩ කඩ තියනවා. බලමු ඉස්සරහට බලාගන්න පුළුවන්.
BamunuarachchiFriday, 13 January 2023 07:44 AM
ඒකයි මම නිතරම කියන්නේ හමබයින් මෙරටින් පන්නන්න කටයුතුකරන්න කියලා. දැන් හමබයින් දෙකොනින් හිනා වෙනවා ඇති.
නිහඬ රන්ජා Thursday, 12 January 2023 03:01 PM
මාළුපාං වල මාළු නෑ වගේ පාස්කු නඩු තීන්දුවේ රනිල් නෑ
Buddika Thursday, 12 January 2023 03:43 PM
තරමක හෝ සාධාරණයක් ඉටු උනා. ඒ්ත් එ ජීවිතවලට සමකල හැකි මිලක් නෑ . අනික තව දොසපලකයෙකුටත් චෝදනා තිබ්බ. එත් මුක්තිය නිසා නීතිය වෙන්ස් උනත් හෘද සාක්සියෙන් ගැලවෙන්න බෑ.
BamunuarachchiFriday, 13 January 2023 07:29 AM
මොකද්ද හලෝ සාදාරනය? අනුන්ගේ පාරම්පරික ආරවුල් ඔහේගේ වත්තට ඇවිත් කෙලගත්තාම ඒක ආරවුල බේරුවේ නැහැ කියලා ඔහේ දඬුවම් විඳින්න ඕනෙද? ඒවා අපි පෙනෙන්නේ මන්ද බුද්ධික?
DM Thursday, 12 January 2023 03:44 PM
එතකොට සල්ලි ගෙවලා බේරෙන්න පුළුවන්? වැරිදි කාරයන්ව හිරේ දාන්නේ නැද්ද? පුදුම තීන්දුවක්නේ?
BamunuarachchiFriday, 13 January 2023 07:24 AM
කොහෙවත් ඉන්න එවූන් අපේ ඉඩමට ඇවිත් පාරම්පරික ආරවුල් පිරිමහගත්තාම අපි ආරවුල් බේරුවේ නැහැ කියලා අපිට දඬුවම්.
චින්තක Friday, 13 January 2023 12:53 PM
හිරේ දැම්මම එහේ ඉන්න කාලෙට කන්න බොන්න අදින්න දෙන්නෙ ජනතා මුදල් හිරේ නොයැව්ව නිසා. ඒ මුදල් ඉතිරියි. ඒත් මිලියනයක් ජනතා මුදල් ගෙවන්න කියලා නේද
ලුම්බිණි Thursday, 12 January 2023 04:18 PM
දඬුවම මදි උනත් හොඳ තීන්දුවක්.
රෝයල්පාක් සමන්ත Thursday, 12 January 2023 04:22 PM
වැඩේ හරිම ලාබයි නේ... මරන්න හිටපු එකෙක් නිදහස් කරලා ගත්ත ගානෙන් හාරසීයක් මරපු වන්දිය ගෙවනවා.
amila Thursday, 12 January 2023 04:23 PM
ප්‍රජා අයිතිය අහෝසි කරල අවුරුදු 20ක් වත් හිරෙ යවන්න ඔන. සල්ලිත් අරගෙන.
BamunuarachchiFriday, 13 January 2023 07:16 AM
ඇනකොටා ගත්තේ කවුරුවත් ,පව් ගෙවන්න උනේ සිංහල බෞද්ද්යින්ට. ඒකද ඔබ කියන්නේ? ඔය පාරම්පරික ආරවුල එක කතාංගයක් පමණයි
siri Thursday, 12 January 2023 04:23 PM
පිටිපස්සේ ඉඳල වැඩේ අටවල දේශපාලන වාසි ලබාගත්තාය කියල කියපු අය දැන් හිනාවෙනවා ඇත්තේ කොයි පැත්තෙන්ද ?
ThissaFriday, 13 January 2023 05:57 AM
ශ්‍රේෂ්ඨාධිකරණයේ ශ්‍රේෂ්ඨ තීන්දුවට ජාතියේ උපහාරය
BamunuarachchiFriday, 13 January 2023 07:19 AM
ගොන්කම පැන පැන පෙන්වනවා. ලැබුන ඩිස්ලයික් වලින් ඒක තහවුරු වෙනවා
Ranjit Thursday, 12 January 2023 04:40 PM
"දැන දැන කිම බැඳෙනුයේ වරදේ ලොව කළ කළ දේ පල පල දේ..."
susantha Thursday, 12 January 2023 05:44 PM
දැන් ඉතින් ඔය දඩ මුදල ගෙවන්නත් මුන් තව හොරා කන්න එපැයි, එවත් අන්තිමට රටෙ ජනතවටම තමයි ගෙවන්න වෙන්නෙ අවසානෙට.
නිහාල් Thursday, 12 January 2023 05:51 PM
මේකෙ හුඟක් අය දාන කමෙන්ට් දැක්කම දුකත් හිතෙනවා .හැබැයි සමහරු නම් පිලිගන්නව තමන්ගෙ මොලේ කුඩාබව.
Sugath Dissanayake Thursday, 12 January 2023 06:44 PM
ඒ විතරක් නෙවෙයි. පාස්කු ප්‍රහාරය දැනගෙන තොරතුරු වසන්කළ හැමෝටම දඩුවම් දෙන්න ඕන. තාත්තා කියපු නිසා පල්ලි නොගිය අය. විශේෂයෙන්ම එවකට රටේ දෙවැනි පුරවැසියා විධිහට රනිල් මේ බව දැනගෙන හිටියේ නැද්ද? ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා මේ බව දන්නෙම නැද්ද? බුද්ධි තොරතුරු ඒ අයට ගියේම නැද්ද ?
දිසානායකප Thursday, 12 January 2023 08:45 PM
මියගිය හා ආබාදිතයන් වෙනුවෙන් ඔවුන් මෙම දඩමුදල මදි
Perera Thursday, 12 January 2023 10:26 PM
මුන් ගෙවයි ලබ්බක්
Asela Friday, 13 January 2023 01:13 AM
ඔහු ඉතා අවංක දේශපාලඥයකු නිසා ඔහුට එතරම් මුදලක් නොතිබෙන්නට පුළුවන.
නිමල් Friday, 13 January 2023 06:33 AM
2015 දී යහ පාලනයයි කියා ගත් ආණ්ඩුවේ ව්‍යවස්ථාව අනුව මහා බලවතා වූ මෙයා බෙර ගසමින් ද කවි කියමින් ද රෑ දහයට නින්දට ගොස් පසුවදා පත්තරවලින් රටේ සිදුවන දේ දැනගත්තා යයි තමන්ම කියා ගනිමින් ද තනතුරට නොපෑහෙන ජෝගි නටමිනා තම රාජකාරි ඉතා සැහැල්ලුවට ගත් කෙනෙක් විනා තනතුරේ වගකීම් පිලිබඳ දැනුම්වත්ව සිටි කෙනෙක් නොවේ. මෙම විශාල අය කර ගැනීමේ තීන්දුව ඒ සා විශාල වග කීමේ තරම කියා පාන්නක් වන අතර අනෙකුත් වත්මන් දේශපාලකයනාටත් පෙර දැනුම්වත් කිරීමක්.
Bamunuarachchi Friday, 13 January 2023 07:14 AM
ඇනකොටා ගත්තේ කවුරුවත් ,පව් ගෙවන්න වෙලා තිබෙන්නේ සිංහල බෞද්ධයින්ට . හොහෙවත් ඉන්න එවූන් අපේ ඉඩමට ඇවිත් පාරම්පරික ආරවුල් පිරිමහගත්තාම අපි ආරවුල් බේරුවේ නැහැ කියලා අපිට දඬුවම්.
Bamunuarachchi Friday, 13 January 2023 07:22 AM
සිංහල බෞද්දයින් වෙනුවෙන් පලකරන අදහස් පළකරන්නේ නැහැ වගේ?
Bamunuarachchi Friday, 13 January 2023 07:41 AM
පාස්කු ඉරුදින සිදු වූ ප්‍රහාරය වැළැක්වීමට සුදුසු පියවර නොගැනීම හේතුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, ලාට දඬුවම්ලු. තමන් වඳින්න පැමිණි බැතිමතුන් මේ පරහාරයෙන් බේරාගන්න ලෝකපාලක Almighty දෙවියන් වහ්සේ වත් උනන්දු උනේ නැහැ කියා තේරෙන්නේ මට විතරද? තවදුරටත් දෙවිපිහිට ඉල්ලන්නේ මොන ආපදාවකින් බේරෙන්නද?
Bamunuarachchi Friday, 13 January 2023 07:47 AM
හම්බයෝ සමග සංහිඳියාව හොයන්න ගිහිල්ල කෙලඋනා නේද? අන්තිමට හම්බයින්ට දඬුවම් කරන්න එපා කිව්වා. බෞද්ද අපි දඬුවම් ලැබුවා.
Dasa PFriday, 13 January 2023 05:56 PM
බමුනෝ උඹ එන ආත්මේ හම්බයෙක්ම වෙලා ඉපදියන්.
Sampath Friday, 13 January 2023 08:45 AM
මිලියන 100 ගෙවන්න සල්ලි හොයා ගත්තෙ කොහෙන්ද කියලත් බලන්න වෙයි.
රකිත Friday, 13 January 2023 08:53 AM
ජවිපේ ටොයියෝ ටික එකතු වෙලා ඒකත් මහින්දට පටවන්න හැදුවේ. දැනුත් ට්‍රයි කරයි ඒක කරන්න. මහින්ද කියන්නේ එයාලට ලොකුම අභියෝගය නිසා හතර වටින්ම මඩ ගහනවා හැබැයි වදින්නේ නැහැ. එහෙම කරපු සමහර අය දැන් පරලොව ගිහින්
madaFriday, 13 January 2023 10:31 AM
මඩ ගොඩක ඉන්න එකෙක්ට තව මොන මඩද කොම්ලෝ
randil Friday, 13 January 2023 09:15 AM
ඔක කරපු එවුන්ට කවදාවත්ට්ඩ ඩුවම් දෙන්නෙ නෑ. එටකොට ඔක්කොම රජාල හිරෙ, චන්දෙ ලග නිසා මෙ තීන්දුව දුන්නෙ, කො එතකොට එදා හිටපු නියොජ්‍ය ආරක්ෂක ඇමති.
රත්නසිරි Friday, 13 January 2023 12:59 PM
ඇත්තටම උඹලා එදා ලංකාවෙ හිටියෙ නැද්ද බං. එදා මයිත්රීපාල සිංගප්පූරුවෙ සිටගෙන ආරක්ෂක මණ්ඩලය කැදවීමටත් ඉඩක් දුන්නෙ නැහැ හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමතියාටත් ලේකම් ලගට යන්න වුනේ මිනිහා කන්ද ළගට නොගොස් කන්ද මිනිහා ළගට ආවා වගේ තමයි
Susil Seneviratne Friday, 13 January 2023 11:12 AM
As the Commander in Chief the President is in charge of the entire defense system of the country. When he gets elected as the president it’s his duty to understand that. He should be held responsible for each and every terror attack during his presidency. On top of the fine he should also be given a jail sentence for a minimum period of 2 years.
randil Friday, 13 January 2023 11:20 AM
ඩිස්ලයික් නම් මොනවද? රටම හැට නම ලක්ෂයක් දීලා පත් කරපු ජනාධිපතිටත් ගහලා පැන්නුවේ. ඒ නිසා වැඩි ගණන් තියන ඒවා ගණන් ගන්න බැහැ.
උදය Friday, 13 January 2023 11:48 AM
මුක්තිය නිසා බේරුනාට හරිවිධියට නම් ලොකුම ලොකු මහත්තයත් වින්දිතයන්ට වන්දි ගෙවන්න ඔින අනතුර වලක්වා නොගත්තට.
Sisira Gunasekera Friday, 13 January 2023 12:06 PM
NOW SRI LANKANS SHOULD KNOW WHO IS RESPONSIBLE FOR NOT STOPPING THE ATTACK. WE KNEW WHEN IT HAPPENED WHO IS RESPONSIBLE.
C.K. Friday, 13 January 2023 12:27 PM
බමුනො විතරක් නෙවෙයි, බමුණන්ගේ අාරච්චිලත් මේ රටින් පන්නන්න ඔ්න. එයාල තවමත් කරන්නෙ මහමොලකාරයාව බේරන්න මොකක්ද එක බේරාගෙන ඊට පල්ලෙහ එල්ලෙන එකෙන් වැඩ කරන වගයි. ඔවිවා හොඳයි කොන්ඉෙ බැඳපු චීනන්ට.
ganegoda Friday, 13 January 2023 02:33 PM
මෙච්චර කාලයක් බුඩිදියගෙනද හිටියෙ ??? මෙකත් මතිවරණ සුනාමියක් විතරයි !
Dasa P Friday, 13 January 2023 07:04 PM
වැරදියි. වත්ත අයිති කාරයා නෙමේ මුර කාරයයි උගෙ ගෝල බාලයොයි දඬුවම් විදිය යුතුයි. පඩි ගෙවලා වත්ත මුර කාරයෙකුට බාර දුන්නම ඌ දැනගන්න ඕනි අනුන්ගේ කුණු වත්තට නොගෙන වත්ත ආරක්ෂා කරන්න.
ranji Friday, 13 January 2023 08:33 PM
මහබැංකු හොරකමටත් කවදා හෝ ඔයවගේ දඬුවම් ලැබෙයි.
Sunil Friday, 13 January 2023 08:40 PM
බිත්තර ආප්ප කාලා ගත්තු පට්ටමේ රඟ.
ත්‍රස්ත මාෂල් Friday, 13 January 2023 09:43 PM
පුදුමයි , තව උවමනා කරන කෙනෙක්ව මගහැරුණ හැටි . ඒ තමයි මහා අලියා වෙන්න, එකතු වෙලා කුමන්ත්‍රණය කරපු කෙනා .
චන්දිම ෆොන්සේකා Saturday, 14 January 2023 08:32 AM
අලුතින්ම අහන්න ලැබුණු විග්රහයකට අනුව මෙසේ වරදකරුවන් වී දඩ නියමවූ උදවියට තමන්ගේ රැකියාවල්, විශ්‍රාම වැටුප්, විශ්‍රාම ගත් පසු ලැබෙන ගරු සරු වරප්‍රසාද පමණක් නෙමෙයි සමහරෙකුට මිය ගිය දා ලැබෙන රාජ්‍ය ගවුරවය පවා අහෝසි වෙන තත්වයක් ලු තියෙන්නේ. කට්ටියම නිකම්ම නිකම් මිනිස්සු බවට පත් වෙලාලු. ඔන්න රජකම් කලත් පලදෙන හැටි.