IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


පාස්කු සිද්ධියේ රහසිගත වාර්තා මන්ත්‍රීවරුන්ට පමණයි

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ රහසිගත සාක්ෂි සටහන් ජනතාවට විවෘත කළ නොහැකි බවත් එම තොරතුරු පාර්ලිමේන්තු මහලේකම්වරියගේ අධික්ෂණය යටතේ  පරිශීලනය කළ හැක්කේ පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන්ට පමණක්   බවත් ජනාධිපති ලේකම්වරයා කතානායකවරයාට  ලිපියකින් නැවත වරක් දැනුම්දී ඇත.

ජනාධිපති ලේකම්වරයා පසුගිය 12 දාතමින් එවූ ලිපියකින් මේ බව දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී  අද ( 21) පැවසීය.

අදාල සාක්ෂිකරුවන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම සඳහා එසේ කටයුතු කිරීමට සිදුවන බව  ජනාධිපති ලේකම්වරයා දැනුම්දී ඇතැයිද  කතානායකවරයා පැවසුවේය.

කතානායකවරයා මෙසේ පැවසුවේ  පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව   සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ රහස්‍ය ලිපි ලේඛන මහජනතාවට විවෘත නොකිරීම සම්බන්ධයෙන්  මේ දිනවල ඇතැම්  විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මඟින් සාවද්‍ය තොරතුරු ප්‍රචාරයවෙමින් පවතින බව මහින්ද යාපා අබේවර්ධන මහතා කීවේය.

එම සාක්ෂි සටහන්වල වෙළුම 2-II සහ 2-III හි අඩංගු රහසිගත සාක්ෂිද ඇතුළත්ව  2-I සිට 5 දක්වා වූ සම්පූර්ණ වෙළුම් ඇතුළත් කරමින් සංස්කරණය කළ නොහැකි ආකාරයෙන් (Read Only) සකස් කරන ලද සංයුක්ත තැටි (Compact Disks) 06 ක් බාරදෙන ලද අතර එහි ඇතුළත් 2-II  හා  2-III වෙළුම් පාර්ලිමේන්තුවේ මහලේකම්වරියගේ අධීක්ෂණය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පරිශීලනයට පමණක්  මේ අනුව  අවස්ථාව  සලසාදී   ඇතැයිද  කතානායකවරයා කීවේය.



අදහස් (7)

පාස්කු සිද්ධියේ රහසිගත වාර්තා මන්ත්‍රීවරුන්ට පමණයි

mangala Thursday, 21 September 2023 01:05 PM

දැන් මේ කොමිසමේ වියදම් ඔක්කොම දරන්න ඇත්තේ මේ මන්ත්‍රීලා වෙන්න ඇති. නුඹලා ජහමනයා නිසා නුඹලාට මේ වාර්තා තහනම්. ඔන්න නීතිය. කෝ අර තොරතුරු දැනගැනීමේ එක.

:       4       25

jaye Thursday, 21 September 2023 01:47 PM

සාක්ෂිකරුවන් ආරක්ෂා කර ගන්න ඕනේ ඕකට සම්බන්ධ දේශ පාලුවන්ගෙන්. මහජනතාවට ඇත්ත දැන ගන්න බැරි නම් ඔය කොමිෂන් වල ඇති වැඩේ මොකක් ද? අපරාදෙ ඔ්වට යන සල්ලි.

:       1       7

sena Thursday, 21 September 2023 01:59 PM

ඉතින් මන්ත්‍රීවරුන්ට තියෙන්නේ ඕක පරිශීලනය කරලා ඕක ඒ දේවල පාර්ලිමේන්තුවේ කියන්න

:       0       7

CK.Lankaputhra Thursday, 21 September 2023 02:25 PM

නුඹලාගේ එවුන් මේකට සම්බන්ද හා වගකිය යුතු නිසාත් ඒ බව එලිවෙන නිසා නොවේ නම් වෙන මොන ලබ්බකටද මේ වාර්තා අපට බලන්න නොදෙන්නේ. වරෙල්ලකෝ චන්දෙ හිගාකන්ට. එදාට බලාගමු.

:       0       6

Dharmatileke Thursday, 21 September 2023 02:41 PM

මන්ත්‍රීවරුන්ගේ නෑදෑයෝද මරුනේ ?

:       0       7

Rata Perata Thursday, 21 September 2023 04:15 PM

ජනතා පරමාධිපත්‍ය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති අමනයෝ ටිකක් රටේ තීරණ ගන්නේ ,මේවා ඉක්මනටම වෙනස් කල යුතුයි .පාට ,පක්ෂ බලන්නේ නැතුව එක්වෙමු

:       0       4

Bamunuarachchi Friday, 22 September 2023 05:47 AM

ඒ රහසිගත වාර්තාවේ මහමොල කාරයා කව්ද කියලා සටහන් වෙනවා ෂුවර්. එය ප්‍රසිද්ද උනොත් ආගම් දෙක අතර තව විශාල ගැටුමක්‌ ඇතිවෙනවා ෂුවර්. අපිට තිබෙන්නේ බලාගෙන ඉන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 82 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 1708 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 794 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1018 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 616 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 496 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26037 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 291 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site