(හර්ෂණ තුෂාර සිල්වා )
සැප්තැම්බර් මාසයේ දී මෙරට උද්ධමනය සියයට 5.7ක් දක්වා පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ඒ අනුව ඉකුත් අගෝස්තු මාසයේ දී උද්ධමනය සියයට 6.0ක් ව පැවැති මෙරට උද්ධමනය සැප්තැම්බර් මාසයේ දී මෙලෙස සියයට 5.7ක් දක්වා පහළ ගොස් ඇත.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය මෙලෙස පහළ ගොස් තිබේ.
පසුගිය වසරේ (2020) සැප්තැම්බර් මාසයේ පැවැති ඉහළ පදනම් අගය මඟින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම ඊට හේතු වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මේ වසරේ අගෝස්තු මාසයේ දී සියයට 11.5ක පැවැති අතර ඒය සැප්තැම්බර් මාසයේ දී සියයට 10.0ක් දක්වා පහළ ගොස් ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 වසරේ අගෝස්තු මාසයේ දී සියයට 3.5ක්ව පැවැති අතර එය 2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී සියයට 3.8ක් දක්වා ඉහළ ගොස් ඇත.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වෙනස මේ වසරේ අගෝස්තු මාසයේ දී සියයට 4.3ක්ව පැවැති අතර සැප්තැම්බර් මාසයේ දී එය සියයට 4.5ක් දක්වා ඉහළ ගොස් ඇත.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පසුගිය මාසයේදී ලංකාවේ උද්දමනය පහළට
Perera Friday, 01 October 2021 11:27 AM
හොරාගේ අම්මාගෙන් පේන අහලා වැඩක් නෑ...
දාස Friday, 01 October 2021 11:40 AM
ඉලක්කන් එහාට මෙහාට කරලා වෙන්න ඇති... හැබැයි පුතෝ යථාර්තය ඕකෙ අනිත් පැත්ත....
අප්පුහාමි Friday, 01 October 2021 12:28 PM
අදට අවුරුදු බර ගණනකට පෙර අපේ යහලුවෙක් උද්දමනය මනින ආයනයක වැඩ කලා එයා කිව්වා කට්ටිය ජනවාරි මාසයේ දවසකුත් ජුනි හෝ ජූලි මාසයේ දවසකුත් ක්ෂෙත්‍රයේදී ගන්නා තොරතුරු අනෙකුත් මාසවල ඉලක්කම් මාරකර සකසා යවනවා කියලා මේකත් එහෙම එකක් පමණක් නොවෙයි ජනතාව හරි හැටි ආහාරයක් නොගෙන කොටුවී සිටීම නිසා සිදුවීමක් මිස රජයේ දක්ෂතාව නොවෙයි
Rohana Friday, 01 October 2021 03:16 PM
බඩු මිල වැඩි වෙනවා .උද්ඝෝෂණ අඩු වෙනවා .අමුතුම සොයාගැනීමක්