IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


පසුගිය මාස 10දී කෝටි දහනව දහසක කනකර උකස් කරලා

(සුජිත් හේවාජුලිගේ)

දිවයින පුරා ලක්ෂ හතළිහක  පමණ පිරිසක් මේ වසරේ මුල් මාස දහයක කාලයේදී  රුපියල් කෝටි දහ නව දහස් තුන්  සියයකට (19,300) වැඩි වටිනා කනකර ආභරණ  (රත්රන් බඩු) ප්‍රමාණයක් විවිධ ආයතනවලට  උසස් කර ඇතැයි අධ්‍යයනයකදී තොරතුරු හෙළි වූ බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ලංකාදීපයට පැවැසීය.

මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ ප්‍රධාන බලපත්‍රලාභී වාණිජ බැංකු ඇතුළු මූල්‍ය සමාගම් දහතුනක් සහ ප්‍රධාන උකස් සමාගම් දහයක්  යොදාගෙන කළ විශේෂ අධ්‍යයනයකදීය.

මේ වසරේදී උකස් කරන ලද මේ  කනකර ආභරණ ප්‍රමාණය  ඊට කලින් වසරේදී  උකස් කරන ලද කනකර ආභරණවල ප්‍රමාණයට  සාපේක්ෂව ලොකු වැඩිවීමක් පෙන්නුම් කරන බවද   මහාචාර්යවරයා කීවේය.

සිය කණකර ආභරණ උකස් කර ඇති පිරිසෙන් වැඩි දෙනකු මධ්‍යම පාන්තික පවුල්වල අය බව  පැවසූ අතුකෝරල මහතා කනකර ආභරණ  වැඩි ප්‍රමාණයක් උසස් කර ඇත්තේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සහ  අමුද්‍රව්‍ය මිලදී ගැනීමට බවද ප්‍රකාශ කළේය.

මෙයට අමතරව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මුදල් නොමැතිවීම, ආදායම් අහිමිවීම සහ පාරිභෝගික අවශ්‍යතා යනාදී කාරණා පදනම් කරගෙනද කනකර ආභරණ විශාල වශයෙන් උකස් කර ඇතැයි  එම අධ්‍යයනයේදී  තොරතුරු අනාවරණයවී ඇත.

ජනතාව සිය කනකර ආභරණ උකස් කිරීම සඳහා වර්තමානයේ පෞද්ගලික උකස් මධ්‍යස්ථානවලට වැඩි වශයෙන් යෑමට  පෙළඹුණු තත්වයක් දක්නට ලැබුණු බවත් කනකර සඳහා පෞද්ගලික උකස් මධ්‍යස්ථාන වැඩි මුදලක් ලබාදීම ඊට හේතුව වශයෙන් පෙනී ගිය බවත්  වසන්ත අතුකෝරල මහතා පැවසීය.

මහාචාර්යවරයා පවසන අන්දමට මේ වසරේ පමණක් රත්රන් මිල සියයට අසූවකින් පමණ වැඩිවී ඇත. අද වනවිට  වෙළෙඳපොළේ රන් පවුමක මිල ලෙස සටහන් වන්නේ රුපියල් එක්ලක්ෂ   හැත්තෑ දහස් එකසිය  පනහකි. රන් පවුමක මිල මීට වසර කිහිපයකට පෙර පැවතුණේ  රුපියල් හැටදහස  හැත්තෑ දහස අතර සීමාවේය.



අදහස් (6)

පසුගිය මාස 10දී කෝටි දහනව දහසක කනකර උකස් කරලා

Sunil Saturday, 10 December 2022 02:03 PM

අපේ රන් බඩුත් උකස් කළා. විකල්පයක් නැත... සෞභාග්‍යය දෝරෙ ගලනවෝ...

:       0       29

ranjith Saturday, 10 December 2022 02:39 PM

සර්ට පවුලේ, ආසියාවේ ආශ්චර්යය සහ සෞභාග්‍යෙය් දැක්ම... ඒ පවුලට නම් සෞභාග්‍යය උදාකරගත්තු ජනතාව අන්ත අසරණ තත්වයට පත් කරලා...

:       0       24

siriSaturday, 10 December 2022 09:12 PM

සාටක පවුලේ ආශ්චර්යය තමයි...

:       0       9

Ku.ara Saturday, 10 December 2022 05:53 PM

තවත් මේ රටේ වහල්ලු පලයල්ලා... කපුටු, මීයන්ගේ, නරින්ගේ පස්සේ...!

:       0       19

siri Sunday, 11 December 2022 06:41 AM

හීන් නුලෙන් දුප්පතුන් නැවතත් සූරාකන ක්‍රමයක් මේක. වැඩි පොලියට දුප්පතුන් කනකර උගස් කරනවා මිලියන ගණන් ස්ථීර තැන්පතු දාන අයට වැඩි පොලියක්.

:       0       3

fairoos Sunday, 11 December 2022 01:18 PM

නන්දසේන සහ සෙට් එක රටට කරපු අපරාධයට නම් හෙණ වදිනවා. මොවුන්ට කඩේ යන සෙට් එකට හොඳක් සිද්ද වෙන්නේ නැහැ...

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු
2024 නොවැම්බර් මස 20 100 0

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග


ට්‍රැක්ටර් රියදුරු ට්‍රැක්ටරයටම බිලි
2024 නොවැම්බර් මස 20 369 0

ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප


කාන්තාවකට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 250 0

පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ


හරීන් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 4370 0

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


පස් කණ්ඩිය නිවසට කඩා වැටී සිසුවා මරුට
2024 නොවැම්බර් මස 20 356 0

තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ


හොර ලේඛන අරන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගන්න ආ අ18 ක් මාට්ටු
2024 නොවැම්බර් මස 20 836 0

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 410 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1904 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site