IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


පසුගිය වසරේ මහේදී වී කිලෝ මිලියන 2,696 ක් නිපදවලා

(ජේ.කේ.එල්. චාමින්ද)

මෙරට ඉකුත් වර්ෂයේ  (2023) මහ කන්නයේ දි  වී කිලෝග්‍රැම් මිලියන 2,696ක් නිෂ්පාදනය කොට ඇති  බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

වී නිෂ්පාදනය 2022 වර්ෂයේ මහ කන්නයට සාපේක්ෂව 2023 වර්ෂයේ මහ කන්නයේ දි සියයට  39.6කින් වැඩිවි ඇත.

2022 වර්ෂයේ මහ කන්නයේ  වි නිෂ්පාදනය වී කිලෝග්‍රැම් මිලියන 1931.2කි.ඒ අනුව 2022 වර්ෂයේ  මහකන්නයට සාපේක්ෂව  2023 වර්ෂයේ   මහකන්නයේ දි මෙරට වි නිෂ්පාදනය කිලෝග්‍රැම් මිලියන 764.8කින් වැඩි වි ඇත.

 එමෙන්ම 2023 වර්ෂයේ යල කන්නයේ දි  මෙරට වී නිෂ්පාදනය  වී කිලෝග්‍රැම් මිලියන 1,817.4කි. 2022 වර්ෂයේ යල කන්නයේ වී නිෂ්පාදනය  වී කිලෝග්‍රැම් මිලියන 1,461.7කි

 

 



අදහස් (3)

පසුගිය වසරේ මහේදී වී කිලෝ මිලියන 2,696 ක් නිපදවලා

යෝගා Friday, 08 November 2024 11:39 AM

හරි නම් වී නිෂ්පාදනය වැඩිවෙනකොට හාල් මිල පහත වැටෙන්න ඕනෑ. මෙහේ ඒකේ අනික් පැත්ත. හාල් මාෆියාව ආණ්ඩුවේ ඡන්ද ව්‍යාපාරයට සල්ලි වියදම් කරනකොට ජනතාවට පිළිසරණක් නෑ...

:       7       8

කුඹුරුගමුවFriday, 08 November 2024 02:28 PM

යෝගා කුඹුරක් දැකලා වත් නැහැ කියලා හිතෙනවා. නැත්නම් ඔහොම ගොන් කතා කියන්නේ නැහැ. අතීතයේ ඇමරිකාව අස්වැන්න වැඩිවුණාම කලේ සියළු නිෂ්පාදන මිලට ගෙන රටේ පරිභෝජනය සඳහා ප්‍රමාණවත් කොටස ගබඩාකර ඉතිරි සියල්ලම ගැඹුරු මුහුදේ ගිල්ලනවා. එහෙම කරන්නේ ගොවියා ආරක්ෂා කිරීමට තමයි යෝගා කියන්නේ... නිෂ්පාදන වැඩිවු‍ණොත් ඇහැරිලා සිටින වෙලාවට ෆෝන් එකේ කොටමින් සිට අනෙක් වෙලාවට ඔලුව දණිස්දෙක අතරේ ඔබාගෙන අස්වැසුම නැත්නම් සමුර්ධි සහනාධාර කකා සිටින අයට නොමිලේ දෙන්න කියලාද නිෂ්පාදන වැඩිවුණාම අඩුමිලට දීලා ගොවීන්ට සිදුවන පාඩුව පියවන්නේ කොහොමද යෝගා...?

:       6       4

sunil Friday, 08 November 2024 01:17 PM

පසුගිය වසර ඉවරයි. දැනට සහල් අර්බුදයක් ඇත. මෙවැනි ප්‍රශ්න විසඳුම් දීමේදී, මෙම මහා කන්නයේ කොතරම් අස්වැද්දිය හැකිද? කොතරම් අස්වැන්නක් ලැබේද? යන ප්‍රශ්නයට දැන්ම පුරෝකථන අවශ්‍යයි. ඒ අනුව පෙර සුදානම තිබිය යුතුයි. එසේ නොවුණහොත්, ලබන මැයි, ජුනි වගේ වනවිට සහල් මිල කලමනාකරණයට ප්‍රශ්න ඇතිවේ.

:       1       9

ඔබේ අදහස් එවන්න

දියත

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 2067 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 2241 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 1590 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 309 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම අත්හිටුවයි
2024 නොවැම්බර් මස 26 6 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 841 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 753 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2113 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site