IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පාස්පෝට් අවුල ලිහන්න පිරිසක් පෝලන්තයට

දිනෙන් දින විදේශ ගමන් බලපත්‍ර අයැදුම්පත් ගොඩගැසෙමින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩරය හේතුවෙන් නිර්මාණය වී ඇති "හදිසි" තත්වයට තාවකාලික පිළියමක් ලෙස කඩිමුඩියේ ඇණවුම් කළ යන්ත්‍රයෙන් කියවිය හැකි විදේශ ගමන් බලපත්‍ර පොත් තොගයේ නිෂ්පාදන ක්‍රියාවලිය පරික්ෂා කිරීම සඳහා ආගමන විගමන පාලක ජනරාල්වරයා සහ නියෝජ්‍ය පාලක ජනරාල්වරයා පෝලන්තයේ අදාළ කර්මාන්තශාලාවේ සංචාරයකට ගොස් ඇත.

යන්ත්‍රයෙන් කියවිය හැකි විදේශ ගමන් බලපත්‍ර තොගයේ නව සැපයුම්කරු වන්නේ තේල්ස් සමාගම වේ.

එම සමාගමේ දේශීය හවුල්කරුවන ජස්ට් ඉන් ටයිම් ටෙක්නොලොජීස් සමාගම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර සඳහා වූ ටෙන්ඩරයද මෙම වසර මුලදී හිමිකර ගත්තේය.

කෙසේ වෙතත්, ලංසු ව්‍යුහයේ සහ කොන්දේසිවල පසුව සිදුවූ වෙනස්කම් හේතුවෙන් ටෙන්ඩරයේ ප්‍රමාදවීමක් ඇතිවූ අතර ඒ හේතුවෙන් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර තොගය නිෂ්පාදනය කිරීම ආරම්භ කිරීමටත් ප්‍රථම ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පැවැති විදේශ ගමන් බලපත්‍ර පොත් තොගය ඉතා ඉක්මණින් අවසන් වීමට පටන් ගත්තේය.

දැනට පවතින විදේශ ගමන් බලපත්‍ර සැපයුම්කරුවන එපික් ලංකා සමාගම සහ ජස්ට් ඉන් ටයිම් ටෙක්නොලොජීස් සමාගම අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවට යන්ත්‍රයෙන් කියවිය හැකි විදේශ ගමන් බලපත්‍ර අලෙවි කිරීම සඳහා තිබූ තරඟකාරී ගැටුම අවසන් කරමින්,විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩරය නිසියාකාරව කළමනාකරණය නොකිරීම හේතුවෙන් පැනනැග ඇති විදේශ ගමන් බලපත්‍ර පොත් හිඟයට තාවකාලික විසඳුමක් ලෙස යන්ත්‍රයෙන් කියවිය හැකි විදේශ ගමන් බලපත්‍ර පොත් 750,000 ක ඇණවුමක් ජස්ට් ඉන් ටයිම් ටෙක්නොලොජීස් සමාගමට ලබාදීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පසුව කටයුතු කළ බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

 



අදහස් (10)

පාස්පෝට් අවුල ලිහන්න පිරිසක් පෝලන්තයට

chandima Monday, 09 September 2024 08:13 AM

දැන් රටේ මිනිස්සු විතරක් නෙමෙයි සුද්දොත් අනුරට එක්වෙලාද මන්දා

:       4       32

Anjana Monday, 09 September 2024 08:22 AM

25000ට ඕක ගන්ඩ පුලුවන් ලු. ඔතන ඉන්න එකෙක් ට දුන්නම ..

:       1       24

Shashika519 Monday, 09 September 2024 09:23 AM

අවසාන විදේශ සංචාරය සදහා සුහපැතුම්

:       1       36

himal Monday, 09 September 2024 09:32 AM

පේන විදිහට වෙලා තියෙන්නේ අලුතින් පාස්පෝට් හදන්න ටෙන්ඩර් දාලා තියෙද්දි තියෙන පාස්පෝට් ක්ෂණිකව ඉවර වෙන එක. මොකද අසාමාන්‍ය විදිහට දවස ගාණේ පාස්පෝට් නිකුත් වෙන කොට ඉවර වෙන එක කරන්න දෙයක් නෑ. කොහොමත් රටේ විගණනය මාර විදිහට ශක්තිමත් කරන්න කියනවා නම් නිලධාරීන් රෙගුලාසි, චක්‍රලේඛ වල හිර වෙන එක නවත්වන්න බෑ. මොකද ක්ෂණිකව පාස්පෝට් දෙන්න ගියා නම් පෝලිම් නැති වෙයි, කවුරු හරි කියයි මෙන්න ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කරලා ගසා කනවා කියලා.

:       16       5

පිටරටවැසියා Monday, 09 September 2024 09:36 AM

රටටම කෙළවුනත් විදේශ සංචාරනම් අනිවාර්යයයි. විෂයභාර ඇමති යන්නෙ නැතෙයි???

:       1       29

Lalla Monday, 09 September 2024 09:52 AM

ඇමතිලා ඉහල නිලධාරීන් සහ පරිගණක අංශයේ නිලධාරීන්ගේ ජරාව කෑම කොහොමද කියල රටටම පේනව නේද?.මේ අර්බුදය අවසාන වන්නේ තේල්ස් සමාගමේ කට්ටිය ලාංකික නියෝජිතයා හරහා දෙපාර්තමේන්තුව තුල ස්ථාවර සේවයට එක්වීමෙන්. දැනට තියෙන ක්‍රමය එපික් ලංකා සේවකයෝ කට්ටියක් පූර්ණ ලෙස සහයෝගය දීම නේද?

:       1       16

ජනරළ Monday, 09 September 2024 10:50 AM

අලස් කපූට් තමයි ඔය.

:       0       11

Perera Monday, 09 September 2024 10:56 AM

පාලකයා බොරදියේ මාලු බානවා. මනුස්සයා පෝලන්තයේ සවාරි යනකොට මිනිස්සු පෝලිමේ කට්ට කනවා.

:       0       10

Karunajeewa Monday, 09 September 2024 11:53 AM

මේ ගැන සියලු විස්තර සහිතව මාධ්‍ය සාකච්ඡාවක්, විජිත හේරත් පා.ම. විසින් අද පැවැත් වූවා.

:       1       7

de silva berlin Tuesday, 10 September 2024 08:59 AM

මේ කාලකන්නි ගියා කියලා පෝලන්තේ මුද්‍රණ සමාගමේ තිබෙන යන්ත්‍ර සුත්‍ර වේගවත් වෙනවාද? මොවුන්ට රට සවාරි නොවේ දෙන්න ඕනේ වැඩ තහනම් කරලා, රාජකාරිය ඉටු නොකිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරලා නඩු දමන්න ඕනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 794 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1800 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2277 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5689 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1697 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6243 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18143 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 277 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site