IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පාස්පෝට් කාර්යාලයේ උණුසුම් තත්වයක්

(යොහාන් භාසුර)

විදේශ ගමන් බලපත්‍ර ගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරගැනීමේ ක්‍රමවේදය අද (19) සිට නැවත ආරම්භ කිරීමත් සමඟ බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට නොසන්සුන්කාරී තත්වයක් අද පෙරවරුවේ ඇතිවිය.

මෙම නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීම සඳහා පොලිසිය සහ පොලිස් කැරළි මර්දන ඒකකය කැඳවීමට පියවර ගත් අතර ජනතාව දෙපාර්තමේන්තුව තුළට යොමු කිරීමට පොලිසියට මැදිහත්වීමට සිදුවිය.

සේවා ගැනීමට පැමිණි ජනතාවට ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට මාර්ගයේ දිගු පොලිම්වල රැදී සිටීමට සිදුවිය.

එහි රැදී සිටින ජනතාව පැවසුවේ දිනයක් සහ වේලාවක් වෙන්කිරීම අනිවාර්ය යැයි ජනතාව නිසිපරිදි දැනුවත් නොමැති බවත් යාපනය, මඩකළපුව, පොළොන්නරුව ආදි රට පුරා දුර බැහැර ප්‍රදේශවලින් පැමිණි ජනතාව මෙම තත්වයෙන් අපහසුතාවට පත්ව සිටින බවයි.

ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතාගෙන් මෙම තත්වය පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ එක්දින සහ සාමාන්‍ය සේවා සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරගැනීම අනිවාර්ය බවත් දිනයක් සහ වේලාවක් වෙන්නොකර එන පුද්ගලයන්ට සේවා සපයන්නේ නැති බවයි.

දිනයක් සහ වේලාවක් වෙන්නොකර කාර්යාලයට පැමිණ විවිධ ආකාරය බලපෑම් කළ හොත් සේවා සැපයීම කළ නොහැකි තත්වයකට පත්වන බව ද ආගමන විගමන පාලක ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (13)

පාස්පෝට් කාර්යාලයේ උණුසුම් තත්වයක්

pakeer Friday, 19 July 2024 01:29 PM

පේනවා නේද මේ මේ වලෙන් මිනිස්සු එළියට යන්න හදන්න විදිහ? පාලකවරු ලැජ්ජ වෙන්න ඕනේ

:       3       25

de silva berlin Friday, 19 July 2024 01:30 PM

මේක හොර ගුහාවක් ,පගාව ගහන්න දමන උප්පරවැට්ටියක් මොකක්ද මේ විහිලුව? වැඩි මුදලක් ගෙවල තනි දවසින් මනුස්සයෙක් පාස්පෝර්ට් එකක් ගන්න එන්නේ හදිසි අවශ්‍යතාවයකට , එකට කලින් දිනයක් වෙන්කරගන්න කියන එක අසාධාරණය. ලංකාවේ අවශ්‍ය ප්‍රමාණයට වැඩිය තුන්ගුණයක් පමණ රජයේ සේවකයන් ඉන්නවා , සියලු සැපපහසුකම් සහිත නවීන විශාල ගොඩනැගිල්ලක් බත්තරමුල්ලේ තිබෙනවා. තවත් ශාකා කාර්යාල රටේ විවිධ නගරවල තිබෙනවා. මිනිස්සු පාස්පෝර්ට් ගන්නේ නිකන් නොවේ සල්ලි ගෙවලා , ලංකාවේ මිනිස්සුන්ගේ වැටුප සමඟ සන්සන්ධනය කරන කොට මේක විශාල මුදලක් , ඉතින් විශාල පෝලිම්වල නොසිට එන කෙනෙකුට එදින පාස්පෝර්ට් එක අරන් යන්න ක්‍රමවේදයක් හදන්න බැරි මොකද? බැරිනම් කොමසාරිස්ව අස්කරලා පුළුවන් කෙනෙක් පත්කරගන්න. මේවා තමා අපි ඉල්ලන සිස්ටම් චේන්ජ්, පුරවැසි අපි ඉර හඳ ඉල්ලන්නේ නැහැ.

:       3       49

Hafeel Friday, 19 July 2024 02:00 PM

හර්ෂ එතකොට අර බ්‍රිතාන්‍ය ජාතික ඩයනාට පාස්පෝට් නිකුත් කලේ නීත්‍යානුකූලවද?

:       2       22

wsk Friday, 19 July 2024 02:06 PM

දවසින් දවස එක එක දේවල් දානවා. රටට ධනයක් උපයන රට ... යන්න හදන තැන ඉඳලාම අවුල්...

:       1       18

බද්රානි Friday, 19 July 2024 02:12 PM

ගුවන් බලපත්‍රයක් නිසි ක්‍රම වේදයකට අනුව, පෝලිම් වල රස්තියාදුවකින් තොරව ලබා දීමට කිසියම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි, පාලකයින්ට හා ඊට අදාළ රාජ්‍ය නිලධාරීන්ට හැකියාවක් නොමැති නම්, මේ රටේ බදුගෙවන ජනතාව කොහොමද මේ කාලකන්නිත් එක්ක මේ රටේ ජීවත් වෙන්නේ...?අනික ලෝකයේ බල්ලෙක් වත් පිලි නොගන්න මේ සිරිලංකා පාස්පොර්ට් එකට ගන්න ගාන නම් අය කරනවා ඉහලින්ම... අහල පහල තියන සිංගප්පුරු රටේ ඉලෙක්ට්‍රොනික ගුවන් බලපත්‍රයෙන් ගෞරාන්විතව සංක්‍රමණය කරන ඒ රටේ ගුවන් මගීන්ට එයාර්පෝර්ට් දොරවල් ඉබේටම විවර වෙද්දී, ලෝකයේ ප්‍රෞඩ ජාතිය කියලා මනෝ විකාරෙන් හිතාගෙන ඉන්න සිරි ලාංකික යක්ඛ පුතුන් හා යක්ඛ දියණියන් බලු කුක්කන් මෙන් ඒ රටවලත් පෝලිම් ගස්සවා ප්‍රශ්න කර මුදාහැරීමේදී දැනෙන ජාතික අභිමානය ගැන නම් කියල වැඩක් නැහැ නේද..?ලෝකෙටම ලොක්කෝ කියලා හිතාගෙන හිටියට ලංකාවේ ඇතුලෙත් බලු කුක්කෝ බන් උඹලා... පුහු දේශප්‍රේමෙන් ඔද්දල්වී තව කඹුරපල්ලා ලංකාවේ පාලකයින්ට!!!.

:       2       37

duminda Friday, 19 July 2024 02:22 PM

ඉන්න දෙන්නේත් නැ යන්න දෙන්නේත් නැ මාර කරුමයක් මේක

:       1       27

R.T.sarath Friday, 19 July 2024 02:40 PM

එක්දින පාස්පෝර්ට් ගන්න එන්න දින වෙන් කරගන්නේ මොන මගුලකටද ?මොකක්ද මේ නිලධාරීන්ට වෙලා තිබෙන්නේ ? මුන් නිකරුනේ බොරු පෝලිම් හදනවා පගාව ගහන්න , පසුගිය දිනවල පාස්පෝර්ට් එකේ මිල වැඩි කලට සපයන සේවය නම් සාධාරණ නැහැ ,යම්කිසි ක්‍රමවේදයක් සකස් කරලා ඉල්ලුමේ විදිහට සැපයුම දෙන්න බැරිද ? පසුගිය දවස්වල මේකේ ලොක්ක මදය වල ලොකු ටෝක් දුන්නට වැඩ අවුල් ,ඇමති නිදිද ? රනිල් වැඩ පෙන්වන්න ඔන්න අවස්ථාවක් ,

:       1       17

Harsha Friday, 19 July 2024 02:55 PM

අත යටින් ගණුදෙනුවක් කරලා පැය 2න් පාස්පෝට් එක හදලා දෙන අය ඕනෑතරම් ඉන්නවා ඕකේ. ඉලුක්පිටියත් කන බොන මිනිහා...

:       1       19

sanath Friday, 19 July 2024 03:01 PM

මෙම නිලධාරීන්ට අහිංසක දුප්පත් ජනතාව තදනයට පිඩනයට ලක් කරන්න හැමදාම ඉඩ දෙන්න බැහැ ,හැමෝම සංවිධානය වෙලා මේවා වටකරන්න ඕනේ , නිලධාරීන් ඉන්නේ අපිට සේවය කරන්න මිසක් අපි ඔවුන්ගේ වහලුන් නොවන බව සිතට ගන්න ඕනේ .

:       0       11

සි. සි. කුලරත්න Friday, 19 July 2024 03:33 PM

ආගමන පාලක ජනරාල් කිව්වාට, අදම දිනයක් ගන්න පුළුවන් රුපියල් තිස්දාහක් දෙනවා නම්, ඔය දෙපාර්තමේන්තුවේ හැම නිලධාරියෙක්ටම දිනකට එක බැගින් කෝටාවක් දිලා තියෙනවා. ඒක එළියේ තැරැව්කරුවන් හරහා රුපියල් තිස්දාහකට විකුණනවා...

:       0       8

de silva Friday, 19 July 2024 03:35 PM

පගාව ගහලා හම්බකරන මුදල් සමූපකාර ක්‍රමයට හැමෝටම ලැබෙනවා ලොක්කන්ගේ ෂෙයාර් එක වැඩියි...

:       0       5

ජගත් ලියනගේ Friday, 19 July 2024 04:32 PM

අද ගියා විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයට අලුත් කරන්න. එපා වුණා. පුදුම වදයක් දුන්නා අපිට. ඇයි එහෙම කරන්නේ?

:       0       5

fairoos Saturday, 20 July 2024 11:29 AM

එතැන ඉතාම ලස්සනට වැඩ කරගෙන ගියා ගෝටා ආවාට පස්සේ සේරම ඉවරය

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2775 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2000 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2873 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2888 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 654 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1299 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36034 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24124 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 170 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 516 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site