IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


පැසිපන්දු ක්‍රීඩකයන්ට කෑමට දුන් ලක්ෂ 53 ක් ගසාකාලා

(*** නිමන්ති රණසිංහ)

පැසිපන්දු ක්‍රීඩා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබාදීමට නියමිත පෝෂණ දීමනා සහ ක්‍රීඩාපිටි වෙන් කිරීම්වලට අදාළ රජයේ මුදල් රුපියල් ලක්ෂ 53කට අධික සංඛ්‍යාවක් කූඨ ලේඛන ලෙස සකස් කර අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි කොළඹ වංචා විමර්ශන ඒකකය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කරුණු වාර්තා කර ඇත.

කොළඹ 07, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති නිලධාරී වර්ණකුලසූරිය දෙහිවලගේ ගාමිණී කපිල දේව කොස්තා මහතා විසින් කරනු ලැබූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි කොළඹ වංචා විමර්ශන ඒකකය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

පැසිපන්දු ක්‍රීඩා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබාදීමට නියමිත පෝෂණ දීමනා සහ ක්‍රීඩාපිටි වෙන් කිරීම්වලට අදාළව රජයෙන් වෙන් කර ඇති මුදල් රුපියල් පනස් තුන් ලක්ෂ දහ දහස් හාරසියයක මුදලක් රුපියල් (53,10400) මෙලෙස අවභාවිත කර ඇතැයි පැමිණිල්ල සඳහන් කර ඇත.

කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ ඒකක 06 හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කොඩිකාර මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට  කරුණු වාර්තා කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන තෙක් නඩුව බහා තබන ලෙසට වංචා විමර්ශන ඒකකය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට කොළඹ වංචා විමර්ශන ඒකකයට නියම කරමින් නඩුව බහා තැබුවේය.

 



අදහස් (6)

පැසිපන්දු ක්‍රීඩකයන්ට කෑමට දුන් ලක්ෂ 53 ක් ගසාකාලා

Raveendra Thursday, 11 February 2021 07:18 AM

ලැජ්ජයි, තුට්ටු දෙකේ නිලදාරින්නේ මේ..? කරුණාකර මේ හිඟන කාලකන්නි හැත්ත බුරුත්තේ නම්, ගම්, රූපද සමග බියනොවී මිනිසුන්ට දැන ගැනුමට සලස්වන මෙන් අප සියලුම ආයතනවලින් ඉල්ලා සිටින්නෙමු. එවිට මෙවන් තුප්පහියන්ට මෙන්ම පවුල්වල සාමාජිකයන්ටද පාරේ යාමට නොහැකි වෙනු ඇත. එයම ප්‍රමාණවත් මෙවන් ජඩ වැඩ නොකිරීමට බව අප විශ්වාස කරන්නෙමු.

:       0       10

Kamal KoyralaThursday, 11 February 2021 08:07 AM

රාජපක්ෂ කොතනද... එතැන ඔහොම තමයි.

:       4       10

RaveendraThursday, 11 February 2021 08:39 AM

ඔබ සිතන්නේ නම් හුදෙක් රාජපක්ෂ පමණයි යන්න ඒ ඔබ ඔබවම රවටා ගැනීමකි. අප වැඩි පිරිසක් තමන් වන්දනාමාන කරන පක්ෂය දෙස බලා තම අදහස් ඉදිරිපත් කිරීම මොනතරම් අනුවණ ක්‍රියාවක්ද? අපට නම් "කවුරු" බලයේ සිටියත් අදාලම නැත. ඔක්කෝටම කන්න දෙන්නේ අපයි. අප ලංකාමාතාවට ණය නැත. ඇත්ත ඇතිසැටියෙන් දැකීමට අපට ආත්ම ශක්තිය හොඳින් ඇත.

:       4       8

kamalThursday, 11 February 2021 09:03 AM

එහෙම කියන්න එපා. හෙළ කුල සිරිතට උදේ, හවස පිරිත් අහන අපිම තමයි මේ වගේ වැඩ කරන්නේ. පිටරටින් ආපු අය නෙවෙයිනේ...

:       3       7

de costaThursday, 11 February 2021 09:49 AM

ගීතිකා අහන, යාඤ්ඤා කරන උන්දැලා හරිම අහිංසකයි. අනේ මගෙන් මුකුත් අහන්නේ නැතිව ඉන්න...

:       0       6

kamal Thursday, 11 February 2021 10:29 AM

රටේ වැඩිම අපරාද කරන්නේ ගීතිකා ගයන, යාඥා කරන අයට වඩා පිරිත් අහන අයයි.

:       4       3

ඔබේ අදහස් එවන්න

දියත

කමලා හැරිස් පරාජය බාරගනී
2024 නොවැම්බර් මස 07 447 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.


යාපනයේ නිවසකට ආයුධ කල්ලියකින් ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 07 175 0

යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප


‘‘දේශපාලන අත්දැකීම් තිබුණට හොරාකන අත්දැකීම් නෑ‘‘
2024 නොවැම්බර් මස 07 337 0

දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර


ගිනි අවි යළි බාර දීමේ කාලය දිග් කරයි
2024 නොවැම්බර් මස 07 263 0

ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.


ජන්ද කාඩ් බෙදීම අදින් අවසන්
2024 නොවැම්බර් මස 07 91 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.


’’පුළුවන් ශ්‍රී ලංකා’’ගෙනයන්න මාලිමාව අයි.එම්.එෆ් එකට එකඟ වෙලා
2024 නොවැම්බර් මස 07 853 0

අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 47 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 439 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1375 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site