IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් ජනපතිට පැමිණිල්ලක්

(අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුව ආරම්භයේ මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න වෙනුවෙන් වෙන් කරන පැයක කාලය නිසි ප්‍රයෝජනයට නොගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම කටයුතු කිරීමෙන් ජනතා මුදල් නිකරුනේ විනාශ වන බවත් එය වැලැක්වීමට මැදිහත් වන ලෙසත් ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් හා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලා තිබේ.

ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇත්තේ ඇමති මණ්ඩල රැස්වීමෙන් පසු ජනාධිපති කාර්යාලයේදීය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වන ප්‍රේමනාත් සී  දොලවත්ත, මධුර විතානගේ, ජගත් සමරවික්‍රම මහත්වරුන් ඇතුළු  මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා සමඟ පැමිණ  මෙම ඉල්ලීම කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක්  වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න විමසන අවස්ථාවේ අනවශ්‍ය කරුණු ඉදිරිපත් කරමින් නියමිත  කාලය අභිබවා කටයුතු කිරීම නිසා  ආණ්ඩු පක්ෂය ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරන අණ පනත් ඉදිරිපත් කිරීමට නොහැකි වන බව මේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා වෙත පෙන්වා දී ඇත.

මෙලෙස පාර්ලිමේන්තුවේ  උදෑසන කාලය කළමනාකරණය නොවීම  නිසා සවස් වන විට පසුපෙළ මන්ත්‍රීවරුන්ට විවාදයේද කතා කිරීමට පවා අවස්ථාව අහිමි වන බවද ඔවුන් පෙන්වා දී තිබේ.

මේ නිසා තමන්ට විවාදවලට සම්බන්ධ වීමට ඇති අවස්ථාව අහිමිවීමෙන් අසාධාරණයක් වන බවද ඔවුන් පෙන්වාදී ඇත. 

එසේම පාර්ලිමේන්තුව පැවැත්වීම වෙනුවෙන් දිනකට වැය වන ලක්ෂ 40 ට වඩා වැඩි මුදල විපක්ෂ නායකවරයා මාධ්‍යයට පෙනී සිටීමේ ආසාව වෙනුවෙන් විනාශ කරමින් සිටින බවද පසුපෙළ මන්ත්‍රීවරුන්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ කියා තිබේ.

එම නිසා මෙම කාරණය වෙනුවෙන් මැදිහත් වන ලෙස මන්ත්‍රීවරු කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා  කියා ඇත්තේ මෙම කාරණය ගැන කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණ ගැසී සාකච්ඡා කරන බවයි.



අදහස් (1)

පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් ජනපතිට පැමිණිල්ලක්

fairoos Monday, 28 August 2023 05:33 PM

අනේ පව්... පසුපෙළ මන්ත්‍රීවරුන් ජනතාව වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද? 

:       2       7

ඔබේ අදහස් එවන්න

දියත

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1074 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 1975 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 274 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 884 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 8892 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3196 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 348 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 428 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1373 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site