(පුෂ්පකුමාර මල්ලවාරච්චි, ආනන්ද ඊ ජයකොඩි සහ වතුපිටිවල එස්.යූ.ඩබ්ලිව් කේ. ජයවර්ධන)
පස්යාල ගිරිඋල්ල මාර්ගයේ දන්සැලේ වත්ත ප්‍රදේශයේ දී අද (8) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් කුඩා දරුවකු ඇතුළු කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ මැටියගනේ පදිංචිකරුවන් බව කියන චන්දන පෙරේරා 47 සහ මානෙල් පතිරණ 42 යන අය බවට හඳුනාගෙන ඇතැයි පොලීසිය කියයි.
පස්යාල දෙස සිට මීරිගම දෙසට ගමන් ගත් කන්ටේනර් පටවන තට්ටු ලොරියක් ඉදිරියෙන් පැමිණි වෑන් රියක හා ඒ අසල නවතා තිබූ යතුරු පැදියක ගැටී මෙම අනතුර සිදු වී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත. කන්ටේනර් ලොරියේ ඉදිරිපස මුහුණට මුහුණලා හැපීම හේතුවෙන් වෑන් රථය පොඩිපට්ටම් වී දොර ජනෙල් පවා ගැලවී විසිවී ඇතැයි පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ වෑන් රථයේ රියදුරා සහ එහි පිටුපස ගමන් ගත් කාන්තාවක බව අනාවරණය වී ඇති අතර කුඩා දරුවකු ඇතුළු කිහිප දෙනෙකු ද තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලීසිය සඳහන් කරයි . තරමක් බරපතළ තත්ත්වයේ පසුවූ කුඩා දරුවා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇතැයි වතුපිටිවල රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ය.
යතුරු පැදිය නවතා එහි පැදිකරු ඒ අසළ වෙළඳ සැලකට ගිය අවස්ථාවේ මෙම අනතුර සිදුවීම හේතුවෙන් ඔහුගේ ජීවිතය බේරී ඇත්තේ අනූ නමයෙනි. අනතුර සිදුවන අවස්ථාවේ වැස්ස පැවතී ඇති අතර අනතුරට ලක්වූ ලොරිය කිසියම් හේතුවකින් පාරේ අනෙක් පසට ඇදී යාම නිසා මෙම අනතුර සිදුවී ඇති බවට පොලිසිය සැක පහළ කරයි.
එම ලොරියේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි .
නිට්ටඹුව පොලීසියේ රථවාහන අංශය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි .
ඉන්දියාවේ නාගපට්මන් හා කන්කසන්තුරේ අතර ක්‍රියාත්මකව පැවති මගී නැව් සේවාව ඊයේ (17) සිට තාවකාලිකව නතර කිරීමට එම නැව් සේවා සමාගම තීරණය කර තිබේ.
අවිවාහක රෝගී තත්ත්වයෙන් පෙලෙන තරුණියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කළ පොලිස් සැරයන්වරයකු, ත්‍රී රෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම
ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා(21) සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
නොබෝදා පැවැති පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුරු නියෝගය නිකුත් කළේය.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පත
මීගමුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ රථවාහන වව්චර්පත් 13 ක් ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් 192,400 ක් වංචා කළ බව කියන මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පස්යාලේ දී කන්ටේනර් වෑන් ගැටී දෙකක් බිලි
පාලිත-කඩවත Monday, 08 November 2021 06:29 PM
මෙහි දැක්වෙන කන්ටේනර් ලොරිය ඊයේ, සවස මට හමුවූවා අධිවේගී මාර්ගයේ කඩුවෙල සහ කඩවත අතරදී, එහිදීත් මා නිරීක්ෂණය කරා මෙම රථය පැදවූ රියදුරා ඉතාම අපරික්ෂාකාරී ලෙස අන් අයට බාධාවන අන්දමට අධික වර්ෂාව මධ්‍යයේ රිය පැදවීම සිදුකරේ. ඕක ඔය රථ අයිති සමාගමේ රියදුරන්ගේ හැටියක්....