IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


පාසල් දරුවන්ගේ ’’කඩ්ඩ’’ජනවාරියේ සිට ’’පොලිෂ්’’ වෙයි

 

 

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

දරුවන් තුළ තුළ පළමු වසරේ සිට ඉංග්‍රීසි කථන හැකියාව ශක්තිමත් කිරීමට ලබන වසරේ සිට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා ප්‍රේමජයන්ත මහතා පැවසීය.

ඒ අනුව සියලු පළාත් නියෝජනය වන පරිදි රජයේ පාසල් වල පළමු සහ දෙවැනි ශ්‍රේණි නියෝජනය කරන ගුරුවර ගුරුවරියන්  ආසන්න වශයෙන් 13,500 ක්  එළඹෙන නොවැම්බර් 18 සහ 19 දෙදින තුළ පුහුණු කරුවන් ලෙස ජාතික අධ්‍යාපන ආයතනය විසින් පුහුණු පුහුණු කරනු ලැබීමට  සියලු කටයුතු සූදානම්  කර ඇති බවද  අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (23)

පාසල් දරුවන්ගේ ’’කඩ්ඩ’’ජනවාරියේ සිට ’’පොලිෂ්’’ වෙයි

sena Saturday, 12 November 2022 11:29 AM

මේවා තමයි ගොන් පාට් කියන්නේ, දවස් දෙකක පුහුණුවකින් දැන් ඉන්න ගුරුවරුන්ගේ කඩ්ඩ පොලිෂ් වෙනවා.?

:       10       25

භාෂාව සංස්කෘතියේ කැටපතයි Saturday, 12 November 2022 03:23 PM

යුද්ධය කාලයේ අනාත අසරණයින් හැටියට රටවල් 125කට ගිය දෙමළ අයගේ දරුවන් අද උගත් ඉහළ රැකියා ඒ රටවල කරන්නේ... රැකියාව කරන තැන හැර ඔවුන් කොහේ ගියත් දෙමළ බසින්මයි කතාව පටන් ගන්නේ..! ඉතින් රටවල් 125 ක දෙමළ බාෂාව කතා කෙරෙනවා..! ඒකට ලංකාවේ..? සිංහල කතා කරන්නෙත් ලංකාවේ විතරයි..! කොළඹ උදවිය ගැන කුමන කතාද..? සිංග්‍රිසියෙන් දිව වනවන නටනවා. ඒ වගේමයි රූපවාහිනිවල යන වෙළඳ දැන්වීම්... ගිහිල්ලා බලන්නකො යාපනයට... දමිළ බසින් පළමුව කතාව පටන් ගන්නේ... ඉන්පසුවයි සිංහළ හෝ ඉංග්‍රීසි කතාව...!

:       16       3

AsankaSaturday, 12 November 2022 06:10 PM

ඔය භාෂාව කර උඩ තියාගෙන ගිහින් තමයි 30 වසරක යුද්දෙටත් ගියේ. ලෝකෙන්ම කොන්වෙලා ඉන්න ලංකාවේ බම්බු සිංහල.

:       7       7

sugathSaturday, 12 November 2022 06:45 PM

මේ පුහුණු කරන්නට යන ගුරුවරුන් බාලංශයෙන් බඳවාගත් අය නොවේ. ඒ අය පුහුණු ගුරුවරුන් වන අතර, දැන් සිදු කරන්නේ ඔවුන්ට ඉංග්‍රීසි බස ඉගැන්වීම පිළිබඳව කෙටි පුහුණුවක් ලබා දීමයි. ඉංග්‍රීසි බස ඉගැන්වීම කොතනින් හෝ ආරම්භ කල යුතුයි. එබැවින් කරන හැම දෙයකම වැරදි හොයන්ට එපා.

:       3       14

NimalSaturday, 12 November 2022 08:43 PM

ලංකාවේ පවත්වාගෙන යනු ලබන පුද්ගලික පාසල් සමග එක්ව කටයුතු කිරීමේ හැකියාව සොයා බැලිය යුතුවේ. මුදල් තිබෙනාවූ සහ මද්යම පන්තික බොහෝ දෙමාපියන් සහ වැඩිහිටියන් ඔවුන්ගේ දරුවන් පුද්ගලික පසල්වෙත යොමු කරනු ලබන මුලික හේතුව ඉංග්‍රීසි අද්‍යාපනය ලබාදීමවේ. පුද්ගලික පසල්වෙත යනු ලබන සාම දරුවකුම ජාත්‍යන්තර බශාවක් වන ඉංග්‍රීසි අදයපනය ලැබීම සතුටුවිය හැකි උවත් ඉංග්‍රීසි බාෂා දැනුම තිබීම අත්‍යවශ්‍ය උවද ඉංග්‍රීසි බාෂාව යනු සියල්ල තීරණය කිරීමට හැකි සුවිශේසී දක්ෂ තත්වයක් ලබාදෙනාවූ වූ හෝ විශේස බුද්දිය ලබාදෙන්නවූ බශාවක් නොවේ. ඉංග්‍රීසි දැනුම නිසා ලෝකය සමග ගනුදෙනු කිරීම හැකියාව ලැබේ. නමුත් පුද්ගලයාගේ බුද්දිය ඉංග්‍රීසි කතා කිරීම හෝ ලිවිම මත තීරණය කරනාවූ රටක් බවට ලංකාව පත්විය යුතු නැත. ලෝකයේ දියුණු රටවල් ඉංග්‍රීසි කතා කිරීම දැනුම අඩු උවත් චීන සහ ජපන් ජාතික පුද්ගලයන් වෙත රැකියා කිරීමේ අවස්ථවන් ලබාදී තිබෙනුයේ ඔවුන්ගේ දක්ෂ තත්වයන් හදුනා ගෙන වේ. ඉංග්‍රීසි චතුර ලෙස කතාකලද, සියලු අද්යපනයන් ඉංග්‍රීසි බෂාවෙන් කලද යම් තීන්දු ගැනීමට ගෝ බුද්දිය මෙහෙයවා හෝ යම් විශ්ලේෂණයක් කිරීමට නොහැකි පිරිස් ඇතුළුව ලෝකයේ රටවල ඕනෑතරම් සිටියි.

:       0       1

සනත් Saturday, 12 November 2022 12:11 PM

අවුරුදු 12 ක් ඉස්කෝලේ ඉංග්‍රීසි ඉගෙන ගෙනත් ඉංග්‍රීසි බැහැ. ප්‍රාථමික පන්තිවල ගුරුවරුන්ට පුඑවන් වෙයිද?

:       2       19

චමින්ද Saturday, 12 November 2022 02:46 PM

දරු දැරියෝ මොන්ටිසෝරි යද්දී සිටම යන්තමින් ඉංග්‍රීසි හෝඩිය පමණක් දන්න කෙල්ලො කොල්ලො සහ සමහරක් ඉංග්‍රීසි ගුරුවරු එලකියුෂන් හා ඉංග්‍රීසි පංති පවත්වනවා. ඉතින් අවුරුදු 12ක්, 15ක් පමණ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. උසස් පෙළ ලියා පාසලෙන් ගියත් ඉංග්‍රීසි බැහැ එහෙම තියෙද්දී දවස් දෙකක සම්මන්ත්‍රණයක් තියලා මොනවා කරන්නද? ඇත්තටම පාසලේදී පෙලපොත් පමණක් කියවා ඉගැන්වීම් නතරකර කතාව කියවීම හා ලිවීමත් ඉංග්‍රීසි අසාලිවීමත් කරන්න පුළුවන් නම් සුළු හැකියාවක් දෙන්න පුළුවන් වේවි.. එනිසා දැන්වත් උසස් පෙළ හා උපාධි සමත් අයට අවුරුදු දෙකක්වත් විධිමත් ඉංග්‍රීසි පුහුණුවක් දීලා ඉංග්‍රීසි ඉගැන්වීමට පත්වීම් දුන්නොත් ටිකක් හෝ හරියාවි...!

:       2       12

kamal Saturday, 12 November 2022 01:45 PM

ඉංග්‍රීසියෙන් මට බඩගිනියි කියන්නේ කොහොමද සර්...?

:       8       3

pakeer Saturday, 12 November 2022 02:33 PM

ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව කරන්න මුලින්ම, ඉන්පස්සේ මොන්ටිසෝරිවලට බඳවාගන්න ටීචර්ස්ලාට අනිවාර්යයෙන් ඉංග්‍රීසි කතාකරන්න පුළුවන් අයව විතරක් ගන්න. මේ ක්‍රමය අවුරුදු 10ක් විතර කරන්න පුළුවන් වුණොත්... මේ වැඩේ හරි යයි. විෂය කරුණුවලට වඩා වැදගත් වන්නේ ඉංග්‍රීසි කතාකරන්න පුළුවන්ද කියන එක...

:       2       16

Sarath Perera Saturday, 12 November 2022 02:51 PM

මම 3 වසරේ සිට ඉංග්‍රීසි ඉගෙනගෙන සා.පෙළට සම්මානයක් ගත්තා. ඉංග්‍රිසියෙන් කියන දේවල් තේරුණත්, ඒකට දන්න විදිහට උත්තර දෙන්න බැරි තත්ත්වයක් තිබුණා. පස්සේ spoken English පන්තියකට ගිහින් ඒක හදාගත්තා. ඕනම භාෂාවක් හරියට භාවිතා කරන්න ව්‍යාකරණ ඕන වුණත් එය ඉගෙනීමට බොහෝ දෙනෙක් දක්වන්නේ අකමැත්තක්. ඒ නිසා ඉංග්‍රීසි ඉගැන්වීමේදී spoken english ගැනත් අවධානය යොමු කිරීම සුදුසුයි. ගතානුගතික ඉගැන්වීම් ක්‍රමවලින් මිදිලා, හොඳට උගන්වනවා කියලා මේ රටේ ජනප්‍රියවෙලා ඉන්න ඉංග්‍රීසි ගුරුවරුන් අනුගමනය කරන ක්‍රම ගැනත් අධ්‍යයනය කරලා සුදුසු විදිහකට ඒවා උපයෝගී කර ගැනීමත් සුදුසුයි...!

:       1       10

වඳ කරමු Saturday, 12 November 2022 02:57 PM

ලොව භාෂාවල් කොපමණ තිබුණද, කටින් කියන දෙය අකුරින්ම ලියයිද? අකුරින් ලියන දෙය කටින්ම කියයිද? ඒ සිංහල බසම බව ඔබලා දන්නවාද..?

:       14       1

kaamlSaturday, 12 November 2022 03:43 PM

අපිට මොන ඉංග්‍රීසිද හබන්.... වංසේ කබල් ගාන්න තියෙනවා නම් මදැයි..!

:       3       4

pathiranaSaturday, 12 November 2022 04:36 PM

අනේ නොදන්නා බහුභූත නොලියා ඉන්න. දකුණු ආසියානු හැම භාෂාවකම එක වගේ ලියන එකම තමයි කියවීමෙදි උච්ඡාරණය කරන්නෙත්. ඔයා සිංහල ඇරණු කොට මේ ලෝකෙ මොනම භාෂාවක්වත් දන්නවද?

:       2       7

"ගොලුවා"Saturday, 12 November 2022 10:23 PM

මට තේරුනා පතිරන මහත්තයො....! ඒකට කියන්නේ සංඥා භාෂාව කියලා...!

:       0       0

sumana Saturday, 12 November 2022 03:39 PM

මේ ඇමැති කියනවා පුහුණු කරුවන් පුහුණු කරන්නේ දවස් 2න් කියලා. මම මේ ඇමැති වගේ වැඩ කළොත්/ කතා කළොත් මගේ පොඩි රස්සාව හෙට ඉඳලා ඉවරයි.

:       2       0

Buddika Saturday, 12 November 2022 04:07 PM

මේක හොඳ දෙයක්. ඒත් දේශපාලකයෝ හැමදාමත් කිව්ව කතාවක්... ඒත් වුණේ නෑ. ඔක්කෝටම කළින් ඉංග්‍රීසි උගන්වන ගුරුවරුන්ගේ කතාව හැදිය යුතුයි. ඉංග්‍රීසි ගුරුවරු බහුතරයකට කතාකරන්න බෑ. මූලිකව ඔවුන් පුහුණුකළ යුතුයි.

:       1       8

Perera Saturday, 12 November 2022 04:19 PM

දරුවන්ට කඩ්ඩ පොලිෂ් කරන්න රජයේ පාසල්වල කඩ්ඩ පොලිෂ් කරගත්තු ගුරුවරු ඉන්නවද?

:       1       5

Kapila Saturday, 12 November 2022 05:41 PM

මෙයාට ගැලපෙන්නේ 'තෙල් බාලා' තනතුර තමයි. අධ්‍යාපනය හරියන්නේ නෑ.

:       7       2

ගමේ එකාලා Saturday, 12 November 2022 06:22 PM

මොළහතා හිටියානම් කඩ්ඩ පොලිෂ් කරගන්ඩ තිබුනා.

:       1       4

santhu Saturday, 12 November 2022 08:57 PM

3 නි වසරෙ සිට ඉංග්‍රීසි පාඩම් උගන් වන වේලාවේදී සතියක් පමන නිවසෙදි, මග තොටදි, පාසලදි එදි නෙදා සිදු වීම් සරලව ඉංග්‍රීසි බසින්ම පමනක් විනෝදයක්සේ කතා කරන්න. වසකට වචන10 ක් වත් ඉගෙන ගැනෙයි. පුංචි දරුවන් ඒ වෙනසට හරි කැමතිය. අත් දැකීමෙන් කියන්නෙ.

:       0       0

ලංකාපුත්‍ර Sunday, 13 November 2022 10:51 AM

ඒ සමගම සිංහල භාෂාව, දෙමළ භාෂාව, ආගම, ඉතිහාසය වගේ විෂයයන් සිංහල හෝ දෙමළ භාෂාවෙනුත් විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි භාෂාව හා සාහිත්‍ය සෞඛ්‍ය විද්‍යාව වැනි විෂයයන් ඉංග්‍රීසි භාෂාවෙනුත් ඉගැන්වීම කළොත් ඉතාමත් සාර්ථක වෙන්න පුළුවන්... දිගුකාලීනව කළයුතු දෙයක් වුණත් කළහැකි නම් හොඳයි...!

:       0       0

sampath Saturday, 12 November 2022 10:14 PM

ඩෙලික් පාඨමාලාව නවතා දැමුවේ කවුද? ඉංග්‍රීශි භාෂාව සහ විදේශ භාෂා සඳහා වෙනම සරසවියක් ආරම්භ කළ යුතුයි. සිංහල ඉංග්‍රීසි දෙකම හොඳින් ඉගෙන ගන්න දරුවන්ට උදව් කරන්න ඕනි.

:       0       0

විපරමා Sunday, 13 November 2022 12:11 AM

සක්විත්තා ගේ ඉන්ග්‍රීසි පන්තියට ගියානම් වැඩේ ගොඩ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 4 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


තෙමහල් ගොඩනැගිල්ල
2024 නොවැම්බර් මස 20 16 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.



පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 568 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 546 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 1023 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 418 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 670 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1912 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site