(යොහාන් භාසුර)
අස්වැසුම ප්‍රතිලාභ හිමි පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන ළමුන් සඳහා දෙන රුපියල් 6,000ක දීමනාව අස්වැසුම බැංකු ගිණුම්වලට යොමුකළ බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
එම මුදල් පසුගිය සිකුරාදා බැංකුවට යොමු කළ බවත් ආර්ථික අර්බුදයෙන් ඇතිවූ අහිතකර ප්‍රතිඵල හේතුවෙන් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි සැළකිය යුතු සෘණාත්මක බලපෑමක් සිදු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කළ සමීක්ෂණයකින් හෙළවී ඇතිති බවත් එම අමාත්‍යාංශය සදහන් කරයි.
බලපෑමට ලක්වූ ළමුන් අතරින් සියයට 53.2ක් පාසල් ලිපිද්‍රව්‍ය මිලදී ගැනීම අවම කර හෝ මුළුමනින්ම නවත්වා ඇති බවත් සියයට 26.1ක් පෙර භාවිතා කළ පාසල් ලිපි ද්‍රව්‍ය නැවත භාවිතා කිරීමට යොමු වී ඇති බවත් එම සමීක්ෂණ ප්‍රතිඵලයෙන් අනාවරණය වී තිබේ.
එලෙස අවදානමට ලක්වූ පාසල් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි වන අහිතකර බලපෑම අවම කිරීම අරමුණින් ලබන වසරේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පාසල් ලිපි ද්‍රව්‍ය මිලදීගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව අස්වැසුම පවුල්වල දරුවන්ට මෙම රුපියල් 6000ක දීමනාව දීමට තීරණය කළේය.
මහරගම අපේක්ෂා රෝහල සඳහා වන පරිත්‍යාග ගිණුමේ රුපියල් කෝටි හතළිහකට වැඩි මුදලක් තිබූ නමුත් පසුගිය වසර දෙකේදී මෙම අරමුදල් කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භ
පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.
සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක
සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
පාසල් ලිපිද්‍රව්‍ය ගන්න රුපියල් 6000ක් බැංකු ගිණුමට
ගනේ ගමගේ ඉශානි ලක්ෂිකා Monday, 30 December 2024 06:36 PM
අස්වැසුම නැති අපේ දරුවන්ටත් ඒ දීමනාව දෙන්න.. අපිටත් කිසිම ආදායම් මාර්ගයක් නැත.
FreemanHAT Tuesday, 31 December 2024 02:55 AM
බොරු වැඩ නොකර ලිපි ද්‍රව්‍ය වලට පැනවූ VAT බද්ද ඉවත් කරන්න. හැම දරැවෙක් වෙනුවෙන්ම.
Lalla Tuesday, 31 December 2024 08:07 AM
පොහොර සහනාධාරය වගේම අපතේ යන මහජන බදු මුදල්...කසිප්පු ගංජා කුඩු ගහන්න නිකමුන්ට දෙන සල්ලි.මේක ජාතික අපරාධයක්..... විමර්ශනය කර තත්ත්වය හොයල බලන්න..