(අංජුල මහික වීරරත්න)
පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබා දීමේ වැඩසටහන යටතේ අස්වැසුම නොලබන අනෙකුත් සුදුසුකම් ලබන පවුල්වල ළමුන් සඳහා දීමනාව ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල පාසල් ළමුන් සඳහා ලිපිද්‍රව්‍ය ලබා ගැනීම පිණිස රුපියල් 6,000 බැගින් වන දීමනාව මේ වන විටත් එම පවුල්වල බැංකු ගිණුම් හරහා ලබා දීමට පියවර ගනු ලැබ ඇත.
අස්වැසුම ප්‍රතිලාභී පවුල්වලට අයත් නොවන මාපියන් අහිමි ළමුන්, මව හෝ පියා ආබාධිත පවුල්වල ළමුන්, ළමා නිවාසගත පාසල් වයසේ සිටින සියලුම ළමුන් සහ විශේෂ හේතු මත අසරණ භාවයට පත්ව ඇති කාණ්ඩවලට අයත් ළමුන් සඳහා එම දීමනාව ලබා දීම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පවරනු ලැබ ඇත.
එම කාණ්ඩයන්ට අයත් පවුල්වල ළමුන් තෝරා ගැනීම සඳහා යාවත් කාලීන දත්ත පද්ධතියක් දැනට නොමැති වීම සහ යෝජිත ලිපිද්‍රව්‍ය 2025 නව පාසල් වාරය ආරම්භයේදීම ලබා දීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් දිවයින පුරා පිහිටි මුළු පාසල් 10,096 අතුරින් ළමුන් සංඛ්‍යාව 300 ට අඩු පාසල් 6,576 ක අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල සියලුම ළමුන්ට, ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල සිට පාසල් වෙත පැමිණෙන ළමුන්ට සහ පිරිවෙන්වල ඉගෙනුම ලබන ගිහි පැවිදි සිසුන්ට රුපියල් 6,000 ක් බැගින් වූ ලිපිද්‍රව්‍ය දීමනාව ලබා දීමටත්, එකී දීමනාව වඩුවර් පත්‍රයක් මඟින් ලබා දීමටත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම
ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය
මෙවර අපොස උසස් පෙළ විභාගයේ දි වාර්තාවක් තබමින් එකම පවුලේ නිවුන් සොහොයුරන් සහ ඔවුන් අක්කා ජීව විද්‍යා අංශයෙන් උසස් ලෙස සමත්ව සිටිති.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පාසල් ලිපි ද්‍රව්‍ය සහන දෙන පරාසය වැඩි කරයි
dileepa1986 Tuesday, 07 January 2025 03:42 PM
මට හිතෙන්නෙ ඉතාම සීමිත පිරිසකට විතරයි වගේ හම්බ වෙන්නෙ නැත්තෙ. රජයේ සේවකයො හමුදාවල කට්ටියගේ ලමුන්ට නෑ. නමුත් ඔවුනුත් ඉතාමත් දුෂ්කර ලෙස තමයි ලමයින්ට උගන්වන්නෙ. ඒක නිසා හොදම ක්‍රමය මිල අඩුකිරීම
Dgmr Tuesday, 07 January 2025 07:48 PM
ඒක ඇත්ත හැමෝටම ගන්න පුළුවන් විදිහට මිල අඩු කරන්න ඕන.
N.D.Perera. Wednesday, 08 January 2025 09:29 AM
මේ දෙන සියලු දීමනාවල් කපා දාමා බඩු මිල අඩු කරන්න
priyankara Friday, 10 January 2025 11:16 AM
"අපිට තෝපිලගේ සල්ලි ඔනෑ නෑ, මිල අඩුකරපිය, ගහලා තියෙන බදු අඩු කරපිය, ආවේ ඕවා කියලා නේ