(සුජිත් හේවාජුලිගේ)
පාසල් කටයුතු පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් විශේෂ පෙරහුරුවක් පාසල් විවෘත කිරීමට පෙර පැවැත්වීම කෙරෙහි සෞඛ්‍ය අංශවල අවධානය යොමුවී ඇත.
පාසලේ කටයුතු පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් විශේෂ පෙරහුරුවක් ගුරුවරුන් සහ මවුපියන් එකතුවී පැවැත්වීම වැදගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.
පාසල් ආරම්භ කිරීමෙන් පසුව රෝගීන් වාර්තාවීම අවම කර ගැනීමට නම් සෞඛ්‍ය උපදෙස් උපරිමයෙන් පිළිපැඳිය යුතු බව සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරයා දරුවන් පාසල් යෑමට නිවෙසින් පිටවූ අවස්ථාවේ සිට නැවත නිවෙසට පැමිණෙන තෙක් කළ යුතු ක්‍රියාදාමය සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් දැන් සිටම සකස් කළ යුතු බවද සඳහන් කළේය.
පාසල් ආරම්භ කිරීමෙන් පසු දරුවන් ට හැකි තරම් නැවත නැවතත් පාවිච්චි කළ හැකි මුව ආවරණ ලබාදිය යුතු බවද හෙතෙම පැවැසුවේය.
දරුවන් නිවෙසින් පිටත්වූ අවස්ථාවේ සිට නිවෙසට නැවතත් පැමිණෙන තෙක් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව වැඩපිළිවෙළක් සකස් කර එය නිවැරදිව ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බැලීමට පෙරහුරුවක් පැවැත්වීම වැදගත් බවත් එලෙස නිසි ආකාරයට කටයුතු කළහොත් පාසල් නැවත වැසීමෙන් තොරව දිගටම පවත්වාගෙන යා හැකි වනු ඇති බවත් හේමන්ත හේරත් මහතා පැවැසීය.
සිසුන් පාසල් පරිශ්‍රයේදී නිසි පරිදි කළමනාකරණය කිරීම වැදගත් බව පැවසූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දරුවන් විවේක කාලයේදී සහ ආපනශාලාවේ හා ක්‍රීඩාංගණයේ සිටින විට දුරස්ථභාවය ආරක්ෂා වන ආකාරයට කටයුතු කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දිය යුතු බවද ප්‍රකාශ කළේය.
මේ අතර පාසල් දරුවන් සඳහා ප්‍රමිතියකින් යුතු මුව ආවරණයක් ලබාදීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා අවශ්‍ය කෙරෙන පතරොම් දැනටමත් හඳුන්වාදී ඇති බවත් ඔහු කීවේය.
පාසල් ආරම්භයට පෙර ප්‍රවාහනය සම්බන්ධයෙන්ද ක්‍රමවේදයක් සකස් කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාසල් විවෘත කිරීමට පෙර විශේෂ පෙරහුරුවක්