IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පාසල් සිසුන්ගේ පැමිණීම අදත් අඩාලයි

(අජිත්ලාල් ශාන්තඋදය, ලලිත් නවරත්න, දීපාල් ද සිල්වා, පාලිත ආරියවංශ, සුදත් එච්.එම්.හේවා, චාපා මධුභාෂිණී, කේෂර ගුණතිලක, ජේ.කේ.එල්.චාමින්ද සහ දිනේෂ් උපේන්ද්‍ර)                                                                                               

සබරගමු පළාතේ රත්නපුර සහ කෑගල්ල යන දිස්ත‍්‍රික්කවල පාසල් දරුවන්ගේ පැමිණීම ඊයේ(06) දිනයටත් වඩා අද(07) අඩු වූ බව සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහින්ද එස්. වීරසුරිය මහතා පැවසුවේය. නාගරික පාසල්වල 3%ක් සහ ගම්බද පාසල්වල 8%ක් වැනි ප‍්‍රතිශතයකින් පැමිණීම සටහන් වූ බවද ඔහු පැවසුවේය.

දිවයිනේ සියලු පාසල්වල 6 සිට 13 ශ්‍රේණිවල දෙවන වාරය සඳහා පාසල් ඊයේ (06)  ආරම්භ කළද දෙවන දිනය වනවිටද ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පැමිණීම එම තත්වයෙන්ම පවතින බවද, ගම්බද පාසල්වල සිසුන් සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට තිබූ බවද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ලංකාදීපයට පැවසීය.

එසේ වුවත් ඊයේ(06) දිනයට වඩා පාසල් ළමුන්ගේ පැමිණීමේ වර්ධනයක් අද(07) පැවති බව අම්බලන්ගොඩ කලාපයේ සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ගම්බද පාසල්වල දක්නට ලැබුණු බව එම පාසල්වල විදුහල්පතිවරු පවසති.

ඊයේ(06)  10%ක් පමණ ළමුන් පැමිණි බවත් අද උදෑසන  20%ට වැඩි ප්‍රමාණයක් ළමුන් පැමිණි බව අම්බලන්ගොඩ, අදාදොළ ශ්‍රීපති මහා විද්‍යලයේ විදුහල්පති ජී. අයි. ද සොයිසා මහතා පැවසීය. මේ අතර නගරබද පාසැල්වල  සිසුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණද ඊයේ දිනට සාපේක්ෂව  වැඩි සිසුන් පිරිසක් පැමිණ සිටිබවද ඔවුහු පැවසූහ.

එසේම 1වන ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණය දක්වා පන්ති ලබන සඳුදා ආරම්භ කිරීමට තීරණය කිරීමත් සමඟ එම දරුවන්ගේ දෙමාපියන් ශ්‍රමදාන පවත්වා  එම ගොඩනැගිලි හා අවට පරිසරය පවිත්‍රකිරීමට පියවරගෙන තිබේ.

මේ අතර හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා ජාතික පාසලේ මුළු සිසුවියන් 1444 න් සිසුවියන් 57 පමණක් පැමිණි අතර අද දිනයේ එම පැමිණීම 109 දක්වා වැඩි වී ඇත. ඒ අනුව මැදිරිගිරිය ජාතික පාසලේ මුළු සිසුන් 3077 ගෙන් ඊයේ පැමිණ සිටියේ සිසුන් 164 කි. ඊයේ දිනයේ සිසුන් 234 සුළු වැඩි වීමක් වී තිබුණි.

හිඟුරක්ගොඩ රජරට විද්‍යාලවල ද සිසුන් 1890 ගෙන් ඊයේ පාසලට පැමිණ සිටියේ සිසුන් 149 වන අතර  අද සිසුන් 202 දක්වා සුළු වැඩිවීමක් සිදුව තිබිණි. දිවුලන්කඩවල මධ්යන මහා විද්යා ලයේ ද මුළු සිසුන් 2300 ගෙන් ඊයේ පාසලට පැමිණ සිටි සිසුන් ගණන 230 වූ අතර අද දිනයේ එය 305 ක් සුළු වැඩි වීමක් තිබුණී.

එසේම මොනරාගල අධ්‍යාපන කලාපයේ රජයේ පාසල්වලට සිසුදරුවන් පැමිණීම අද (7) දිනයේත් බෙහෙවින් අඩුවී ඇති බවද පාසලට පැමිණ සිටියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 311ක් පමණක් බවද විදුහල්පති ඩී.එම්.පී බණ්ඩාර මහතා පැවසීය.

මේ අතර, දකුණු පළාතේ පාසල් දරු දැරියන්ගේ පැමිණීමේ සුළු වර්ධනයක් අද (07) දක්නට ලැබුණු බවද ගාල්ල නගරයේ පාසල්වල දරුවන්ගේ පැමිණීම  ඉතා පහළ මට්ටමක පැවති බවද දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වයි. වික්‍රමසිරි මහතා ලංකාදීපයට පැවසීය.

එසේම, කුලියාපිටිය පාසැල්වල සිසුන්ගේ පැමිණීම අද(07) අවම මට්ටමක පැවති බවත්, කුලියාපිටිය පොලිස් වසම තුළ පාසැල් සිසුන් 6.4%ක් පැමිණ තිබූ බවත් කුලියාපිටිය පොලිසිය කියයි.

(ඡායාරූප - දීපාල් ද සිල්වා)

(ඡායාරූප - පාලිත ආරියවංශ)

( ඡායාරූප - චාපා මධුභාෂිණී)

(ඡායාරූප - කේෂර ගුණතිලක)

 

 

 



අදහස් (11)

පාසල් සිසුන්ගේ පැමිණීම අදත් අඩාලයි

duminda Tuesday, 07 May 2019 08:16 AM

පාසල් පැමිණි සිසුන්ට, දෙමව්පියන්ට, ආරක්ෂක අංශවලට, ගුරුවරුන්ට සියලු දෙනාට පි ස්තූතිවන්ත විය යුතුයි....... මුහුණු පොතේ රඟ දෙන කාඩ්බෝඩ් වීරයන්ට මේ අය නියම උත්තරයක් දීගා තියෙනවා..... රට නැවත සක්‍රීය කරන්න අප හැම දෙනාගේ දායකත්වය අවශ්‍යයයි....

:       251       2

abaranWednesday, 08 May 2019 09:21 AM

හොයලා බලන්න එක අමතියෙකුගේ හරි, මන්ත්‍රී කෙනෙකුගේ හරි දරුවෙක් පාසලකට යැව්වාද කියා...?

:       0       21

hesaWednesday, 08 May 2019 10:48 PM

ඇත්ත මේ තියෙන්නේ සාමාන්‍ය පාසලක පින්තුර. මැති ඇමති වරුන්ගේ ළමයින් යනවද මේවට

:       0       5

thushaara Tuesday, 07 May 2019 09:10 AM

ජනතාවගේ ආණ්ඩුව ගැන තියෙන විශ්වාසය. ඊලග ඡන්දේ ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය

:       48       549

lanka Tuesday, 07 May 2019 10:01 AM

මේ වගේ නිවාඩු ලැබෙනවානම් මම නම් අයෙත් ඉස්කෝලේ යනවා.

:       122       10

sandy123 Tuesday, 07 May 2019 10:44 AM

ඉස්කෝලේ යවන දෙමාපියන් තීරණය කරන්න ඕනේ යවනවද නැත්ද කියලා මේ සතියේ.... ගුරුවරුත් භාගයකට උගන්වලා අනිත් අයට මොනවද කරන්න හදන්නේ?

:       0       67

jayath Tuesday, 07 May 2019 10:45 AM

මහා එවුන් දෙන්නම මුල හෝඩියේ ඉඳන් යැව්වා නම් හරියාවි

:       0       232

wije Tuesday, 07 May 2019 04:00 PM

හැබැයි මටනම් තියන ප්‍රශ්නය ළමයින්ව පාසල් යවන්න බයයි ආරක්ෂාව මදියි කියන දෙමව්පියෝ කිසිම බයක් නැතුව ළමයින්ව ටියුෂන් පන්ති වලට නම් යවනවා. එතකොට ටියුෂන් පන්තිවලට ආරක්ෂාව ලැබෙන්නේ කොහෙන්ද ?

:       103       4

chandima Tuesday, 07 May 2019 04:45 PM

අම්මලා ළමයින්ට අනතුරක් වෙනවට බයේ ළමයිව පාසල් එවන්නේ නැත්තේ. ප්‍රවුර්ති වලට අනුව ලංකාවේ තව තවත් ඇතිවිය හැකි පිපිරවීම් නිසා ඉශ්‍රායලය තමන්ගේ වැසියන්ට ඉවත් වෙන්න කියලා, සවුදි අරාබියත් එහෙම කියලා, ඇමෙරිකානු රහස් ඔත්තු අංශත් ඒ ගැන අනතුරු හඟවලා. ඒ කියන්නේ ආණ්ඩුව ආරක්ෂාව ගැන උදව් ගන්න ඕන කියන රටෙනුත් එහෙම කියලා, යුරෝපයේ රටවල් බොහොමයක් තමන්ගේ වැසියන්ට ලංකාවට යන්න එපා කියලා. මෙහෙම තියෙද්දී ළමයින්ව ඉස්කෝලේ එවන්න කියන්නේ ළමයින්ව ඒ ප්‍රහාරයට හසුකරලා වෙන කෙනෙකුට වරද පටවලා ජනතාව උසිගන්වල ඡන්ද ගන්නද? නැතිනම් රටේ කලබගෑනියක් ඇතිකරලා හොර ඡන්ද දමාගන්නද? රටක මේ තරම් භයානක වාතාවරණයක් තියෙද්දී සමහර සුපිරි මාධ්‍යය වලට තියෙන ප්‍රශ්නේ තමයි ජනාධිපති ඉල්ලා අස්වෙන්නේ නැත්තේ ඇයි කියන එක. හැමෝම හදන්නේ කල දුටු කල වල ඉහගන්න. මේ පාසල් ඇරිල්ලෙන් රැකියාවට බියේ ගුරුවරු පාසල් එනවා. මතක තියාගන්න ඒ නිකන්ම නිකන් රුකඩ නොවෙයි, ඒත් රටේ දරුවන්ගේ අම්මලා තාත්තලා. දරුවෙක් අහිමිවුණා වගේම දරුවන්ට අම්මලා තාත්තලා අහිමි වුනත් ඒ ආනිසන්සේම තමයි.

:       0       290

ranjith Wednesday, 08 May 2019 04:54 AM

ආරක්ෂක හමුදා විස්වාස කරලා ළමයි පාසල් එවන්න කියන මේ අවස්ථාවේ අනිසි බියක් ඇතිවන අන්දමට මාධ්‍ය මගින් දෙමව්පියන් දැනුවත් හොඳ මදි.

:       6       1

suranga Friday, 10 May 2019 04:27 AM

මෙච්චර කඩු තියෙද්දී........

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2080 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2193 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2755 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5792 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1889 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6526 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18450 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site