(රංජිත් රාජපක්ෂ)
පාසල් සිසුවෙකු උස්සා පොළවේ ගැසු තිදරු පියෙකු අද (12) දින සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසයි.
බගවන්තලාව ප්‍රදේශයේ පාසලක 5 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන 10 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් උරණ වී පහරකෑමට ලක්වූ බව කියන සිසුවාගේ පියා, පහර දුන්නැයි කියන සිසුවාගේ නිවසට ගොස් මෙලෙස සිසුවා පොළවේ ගසා තිබේ.
සිද්ධියෙන් තුවාල ලැබූ පාසල් සිසුවා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇත.
පාසල තුලදි පාසල් සිසුන් දෙදෙනා අතර ඇති වු ගැටුම සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයා සහ ආචාර්යය මණ්ඩලය ද ගැටුමට සම්බන්ධ පාසල් සිසුන් දෙදෙනාට දැඩි ලෙස අවවාද කර හැරීමෙන් පසුව සැකකරු පාසල් සිසුවාගේ නිවසට පැමිණ මෙසේ පහර දි උස්සා පොළොවේ ගසා තිබේ.
බගවන්තලාව පොලිසියට ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙ ඇති අතර, හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාසල් සිසුවෙකු උස්සා පොළවේ ගැසූ පුද්ගලයකු අත්අඩංගුවට
wgama Saturday, 12 September 2020 07:45 AM
ඔයා රාජපක්ෂ කෙනෙක්ද?
සුදෙශ් බන්ඩාරනායක Saturday, 12 September 2020 11:18 AM
ළමයින්ගේ රණ්ඩුවලට දෙමාපියන් මෙලෙස මැදිහත් වීම අනුමත කරන්න බෑ! නමුත් තදබල ලෙස යමක් පාසලේදී සිදුවී ඇතිබව පෙනේ..!! එසේ නම් එතරම් රණ්ඩු වනතුරු ගුරුවරුන් නිදා සිටියාද? පාසලත් වගකිව යුතුයි..!
saman Saturday, 12 September 2020 01:34 PM
කොයි ඉස්කෝලෙත් ඉන්නවා නොසණ්ඩාලයන්. මේ සිසුවා එවැනි කෙනෙක් විය හැකියි...
Champa Saturday, 12 September 2020 03:34 PM
මොනවද අපි මේ අහන්නේ දකින්නේ මට නම් තේරෙන්නේ නැහැ. මුළු සමාජයම විකෘති වෙලා. දරුවෙක් උස්සලා පොළොවේ ගහන්න එම වයසේම තව දරුවෙකුගේ තාත්ත කෙනෙක්ට පුළුවන්ද? පාසල ඇතුලේ 05 වසර දරුවෝ දෙන්නෙක් ගහ ගන්නකම් පාසලේ විදුහල්පති සහ ගුරුවරු මොකද කලේ? අනික මේ ප්‍රශ්නය විසඳූ විදිහත් වැරදියි. ගුටි කාපු දරුවන් ගෙදර ගිහින් දෙමව්පියන්ට ඒ බව කියනවාමයි. එක්කෝ ගෙදර ගිහාම තනියම අඬනවා. එහෙම නොවුණත් දරුවාගේ හැසිරීමෙන් හෝ ගුටි කාපු සීරීම් ලක්ෂණවලින් හෝ දෙමව්පියන් දැන ගන්නවා පාසලේදී යම් සිද්ධියක් වෙලා තියෙනවා කියලා. එහෙම නැතිවුණත් බොහෝ දෙමව්පියන් දරුවන්ගෙන් පාසැලේ එදිනෙදා විස්තර අහන කොට ගුටිකාපු කතාව දරුවා කියනවා. ඒ හින්දා පාසලට කරන්න තිබ්බේ දෙන්නගේම දෙමව්පියන්ට ඒ වෙලාවේම ඒ බව දැනුම් දීලා එදාම හෝ පහුවෙනිදා දෙමව්පියන් දෙගොල්ලන්ටම පාසැලට එන්න කියන එක... විදුහල්පතිවරු වගේම ගුරුවරුන් දැනගන්න ඕනේ දරුවෙක් සම්බන්ධයෙන් සෑම දෙමව්පියෙක්ගේම හැසිරීම ඒකාකාර නැති බව. දැන් ඉතින් අර ගුටිකාපු දරුවා නැවත පාසලට ආවහම ඒ දරුවට වෙනස්කම් කරන්න එපා. කරුණාවෙන් සලකන්න. පියාගේ ගෝත්‍රික හැසිරීමට අහිංසක දරුවන් පළි නැහැ.