(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කන්කසන්තුරේ තිස්ස රජ මහා විහාරයට ඇතැම් ද්‍රවිඩ දේශපාලඥයන් වරින්වර පැමිණ වන්දනා නඩවලට අවහිරයක් වන අන්දමින් කටයුතු කිරීම ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී තොරතුරු අනාවරණයවිය.
මුලින් පැමිණියේ කුඩා පිරිසක් වුවත් කල් ගතවන විට එය හතළිහක් පමණ පිරිසක් දක්වා වර්ධනයවී ඇතැයිද කාරක සභාව පෙන්වා දෙයි.
මේ අතර මෙම විහාරස්ථානයේ පෞද්ගලික ඉඩම් පවතී නම් එම ඉඩම් හිමියන්ට ඒ ආසන්නයෙන් වෙනත් ඉඩම් ලබා දෙන ලෙසත් ඉඩම මායිමට පෞද්ගලික ඉඩම් අයත්වී ඇත්නම් ඒවා නිදහස් කිරීමට කටයුතු කරන ලෙසත් කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරයේ ඉඩම සම්බන්ධයෙන් පවතින ගැටලු කෙරෙහි ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී දැඩි අවධානය යොමු විය.
අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත
තමන්ට අපහාස වන අයුරින් තමාගේ හිටපු මාධ්‍ය ලේකම්වරයෙකු ඔහුගේම මුහුණු පොත හරහා අපහාස උපහාස සිදුකිරීම සහ තම සමීපමතමයන්ට දුරකථනයෙන් මරණ තර්ජන සිදු කිරී
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පිස්සු නටන දේශපාලන පිරිසකට මැතිසභා කමිටුවෙන් රතු එළියක්
saman Thursday, 28 March 2024 12:27 PM
අනුන්ගේ තැන්වල අටවාගෙන දැන් "ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක්" මරු
චන්දන Thursday, 28 March 2024 05:45 PM
රජ මහා විහාරස්ථාන අනුන්ගේ වෙන්නේ කොහොමද? උතුරු, නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීමේ වැඩ පිළිවෙළ ඉතා ප්‍රසිද්ධ දෙයක්...
Prabha Thursday, 28 March 2024 06:28 PM
හරි වැරැද්ද බලන්නේ නැතිව සුළු ජාතියට ආවඩන එක අලුත්ම ට්‍රෙන්ඩ් එක වෙලා.
Prabha Thursday, 28 March 2024 02:02 PM
රජමහා විහාරයක් නම් කොහොමද අනුන්ගේ ඉඩමක තියෙන්නේ
chandima Thursday, 28 March 2024 08:05 PM
රතු එලි වලට නවත්තන රටක්ද මේ ලංකාව.රාළහාමිලා මැදට පැනලා ඇත දැම්මත් රාලහාමිව යට කරගෙන යනවා අහලා නැතිද ?
kotiya Friday, 29 March 2024 12:10 AM
රජමහා විහාරේ පෞද්ගලික ඉඩමක නෙවෙයි, රජමහා විහාරේ ඉඩම් හොරෙන් අල්ල ගත්ත උන් දැන් ඒවාට අයිතිවාසිකම් කියනවා. කාඅලවරෝද නීතිය අනුව උන් පෙන්නන්නේ යුද්ධේ තිබ්බ අවුරුදු 30ම උන් ඒ ඉඩම් භුක්තිවින්දා ඒ නිසා උන්ට අයින් වෙන්න බෑ කියලා. දැන්වත් ඔය ප්‍රභාකරන්ගේ අහවල් එක ලෙව කන එක නවත්තපල්ලා....
chandima Friday, 29 March 2024 04:16 AM
ඒ පළාතේ බෞද්ධයෝ නැතිනම් ගල් කණුවක් දැකපු පලියට පන්සල් අටවගන්න එපා.ඒකෙන් වෙන්නේ ජාතික සංහිඳියාවට මාර ප්‍රශ්නයක්