IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


පහුගිය මැතිසබේ වැඩිම දායකත්වය කිරිඇල්ලගෙන්

(සුජිත් හේවාජුලිගේ)

පසුගිය පාර්ලිමේන්තුවේ කටයුතුවලදී වැඩිම  දායකත්වය දැක්වූ මන්ත්‍රීවරුන් පස්දෙනා  පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව  විමර්ශන කරන මන්ත්‍රී ඩොට් එල්.කේ වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

මේ අනුව පසුගිය පාර්ලිමේන්තුවේදී   වැඩිම දායකත්වය දැක්වූ  මන්ත්‍රීවරයා වන්නේ විපක්ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ  ලක්ෂ්මන් කිරිඇල්ල මහතාය. ඔහු පාර්ලිමේන්තුවේ සභා වාර 383කට සහභාගිවී ඇත.

ඊට පසු පාර්ලිමේන්තුවේ කටයුතුවලට වැඩිම දායකත්වය දක්වා ඇත්තේ හිටපු සභානායක සහ  හිටපු අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාය. ඔහු සහභාගිවී ඇති සභා වාර සංඛ්‍යාව 358කි.

ඊට පසු වැඩිම සභා වාර සංඛ්‍යාවකට සහභාගි වී ඇත්තේ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වන අතර ඔහු සහභාගි වී ඇති සභා වාර සංඛ්‍යාව 344කි. ඔහු වැඩිම දායකත්වය දක්වා ඇත්තේ ආර්ථික සහ මූල්‍ය ක්ෂේත්‍ර  සම්බන්ධයෙනි.

මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තු සභා වාර 307කට සහභාගිවී සිවු වැනි තැනට වැඩිම දායකත්වය දක්වා ඇත.

පස්වැනි තැනට වැඩිම දායකත්වය දක්වා ඇත්තේ හිටපු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාය.

ඔහු සහභාගි වී ඇති සභා වාර සංඛ්‍යාව 292කි.



අදහස් (8)

පහුගිය මැතිසබේ වැඩිම දායකත්වය කිරිඇල්ලගෙන්

Rasi Thursday, 17 October 2024 05:20 AM

කට වාචාලය වගේ කියවනවා. අවුරුදු ගානක විපක්ෂේ හිටිය කිසිම වැඩක් වුනේ නැහැ. රටට වැඩක් වුනෙත් නැහැ. කතා කරපු නායකයට වැඩක් වුනෙත් නැහැ. මේ සැරේ ගෙදර කිරි කෝඩු දූ ඩින්ග එවනවා.

:       0       0

Soyaza Thursday, 17 October 2024 06:09 AM

ඔය ගමන්ම අඩුම දායකත්වය දුන්නු දහදෙනා කවුද කිව්වොත් ඊළඟ වතාවේ අපේක්ෂක හැටියට ඉදිරිපත් වුණාම ජනතාවට පුළුවන් වේවි ඔහු හෝ ඇයට මනාපය නොදී ගෙදරට කොටු කරන්න. ඇත්තටම එහෙම තමන්ට ලැබුණු වගකීම ඉටු නොකරන අයට අපේක්ෂක කෙනෙක් හැටියට ඉදිරිපත් වීම නුසුදුසු කමක් හැටියට සලකනවා නම් රටට සේවයක් වේවි...!

:       0       0

Kazi Shajahan Thursday, 17 October 2024 08:36 AM

පන්තියක කිසිම වැඩක් කරන්නේ නැති, කරදරකාරී ළමයත් හැමදාම පාසල් එනවා. ඒත් හැමදාම ආවා කියලා කිසිම වැඩක් වුණේ නැහැ.. ඉස්කෝලෙට අන්තිමට...!

:       0       0

Colombo Citizen Thursday, 17 October 2024 09:48 AM

ඒ හා සමානව, වැඩිම චෝදනා ගණනකට මුහුණ දෙන පුද්ගලයා.

:       0       0

පිටරටවැසියා Thursday, 17 October 2024 10:17 AM

හොරාකන්නත් වැඩිම දායකත්වයක් දක්වපු කෙනෙක්. මෙයාගේ මෑත ඉතිහාසයේ හොඳම කාලය, යහපාලන රජයේ ඇමතිකම්.

:       0       5

Nimal 1 Thursday, 17 October 2024 10:21 AM

හොරා කෑමේ දායකත්වය.

:       0       3

බණ්ඩා Thursday, 17 October 2024 12:54 PM

එතකොට හිටපු ඔක්කොටම දෙස් දෙවොල් තියපු අපි විතරයි හරියට කරන්නේ කියලා කියපු වර්තමාන ජනාධිපති ඇතුළු අනිත් අය කවුරුවත් මේකේ නෑනේ.

:       0       1

fairoos Thursday, 17 October 2024 01:54 PM

කාලකණ්ණි ආණ්ඩුව ඉවරයි... පොහොට්ටුවේ අයනම් ඇවිල්ලාම නැතිව ඇති...

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ඩීසල් නැව් හතරක් ගන්න කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවට
2024 නොවැම්බර් මස 26 204 0

ඩීසල් (0.05% M.S.) නැව් තොග 4ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


අයවැය එන දවස ටක්කෙටම කියයි
2024 නොවැම්බර් මස 26 349 0

2025 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


චීනයට එන්නැයි ජනපතිට ආරාධනයක්
2024 නොවැම්බර් මස 26 236 0

චීනයේ නිල සංචාරයකට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට ආරාධනයක් ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


මහ බැංකු වංචාවට අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි
2024 නොවැම්බර් මස 26 724 0

2015 වසරේ ශ්‍රී ලංකා මහා බැංකු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් දූෂණය නම් වරද සිදු කර ඇතැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට පෙබරව


අර්චුනා රාමනාදන්ට වරෙන්තු
2024 නොවැම්බර් මස 26 1845 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහ


E 8 ගැන සීඅයිඩියට පැමිණිල්ලක්
2024 නොවැම්බර් මස 26 560 0

E8 වීසා ක්‍රමවේදය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 544 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2079 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site