IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


පොහොට්ටුවට මහින්ද හැර විකල්ප නැත

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස වර්තමාන නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කටයුතු කරන බවත් මහින්ද රාජපක්‍ක්‍ෂට විකල්ප නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (17) පැවසීය.

එම පක්‍ෂයේ සදාරණීය නායකයා මහින්ද රාජපක්‍ෂ මහතා බව කී කාරියවසම් මහතා ශ්‍රී ලංකාවේ වැඩි සංවර්ධනයක් කළ, වැඩිම මහජන ගෞරවයට පත්වූ මෙන්ම නිදහසෙන් පසුව රටට වැඩි සේවයක් කළ නායකයා මහින්ද රාජපක්‍ෂ මහතා බව ද සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මීට පෙර මාධ්‍ය හමුවේදී අදහස් කළේ නායකත්වයේ වෙනසක් නොව නව මෙහෙයුම් ක්‍රියාවලියක් පිළිබඳව බව ද කාරියවසම් මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (22)

පොහොට්ටුවට මහින්ද හැර විකල්ප නැත

Sunil Monday, 17 April 2023 05:12 PM

මෙයාට දිවවල් කීයක් තිබේද? ඒ කෙසේවෙතත් පොහොට්ටුව දැන් සිටින්නේ මරණ මංචකයේ...! 

:       5       41

වර්ණකුලසූරිය Monday, 17 April 2023 08:45 PM

දිවවල් එකයි තියෙන්නේ. ඒකේ ඇට නැති නිසා කිහිපයක් අවශ්‍ය නොවේ. ආත්ම ගෞරවයක් නැති කෙ⁣නාට ඇට නැතිවීම මහත් වාසියකි.

:       0       1

swene Monday, 17 April 2023 05:20 PM

වැඩියෙන්ම වෙනවෙන දේවල් කරේත් එයාම තමයි...

:       5       29

අරවින්ද මොනරවිල Monday, 17 April 2023 05:59 PM

එපා එපා... නායකත්තය වෙනස් කරන්න එපා... හෙට අනිද්දා ඔය නායකත්වය කනත්තට ගියාම ඔහුත් එක්ක ඔය දූෂිත පක්ෂයත් වළදාන්න පුළුවන්...

:       5       52

විපරමා Monday, 17 April 2023 06:29 PM

මහින්දයා වටා වැඩිපුරම ඉන්නේ හොර දූෂිතයෝ ,ඒ නිසා වෙන විකල්පයක් නැතුව ඇති .1948 න් පස්සෙ ලන්කාවේ හිටපු දූෂිතම බලලෝබි නායකයා දූෂිත පවුල් පාලන ආණ්ඩුවක් ගෙනගිය නායකයා මහින්දයා කියලා ලෝකෙම දන්නවා .

:       1       8

උපාලි Monday, 17 April 2023 06:54 PM

ඒ කියන්නේ ළඟදීම මයිනා මැරෙනකොට පොහොට්ටුවත් ඉවරයි. අනේ වාසනාවන්... ජෙප්පොත් හීන දකිනවා ඇති...

:       5       25

කරෝලිස් Monday, 17 April 2023 06:59 PM

මහින්ද හැර විකල්පයක් නැත. අයියෝ දෙයියනේ මහින්ද ලොක්කා ගිය දවසක ලංකාවත් සියලු ජනතාවත් ඉවරයි නේද? අනේ දෙයියනේ මහින්ද අමරණීය කර ලංකාවත්, සියලු ජනතාවත් බේරා දෙනු මැනව...

:       5       24

දෙයියො Monday, 17 April 2023 09:36 PM

බයවෙන්නෙ එපා බං මිනිහ කියන්නෙ ඔහුට මහින්ද හැර වෙනත් විකල්පයක් ඇත්තෙම නැහැ කියලා තමයි .කිසිම දෙයක් ස්ථිරසාර නැති ලෝකයේ මහින්ද විතරක් ස්ථිර වෙන්නෙ කොහොමද .මහින්ද ගියදවසට පොහොට්ටුවත් ඉවරයි සාගරයත් ඉවරයි කියලා තමයි ඔය කියන්නෙ

:       1       7

piyal weerasinghe Monday, 17 April 2023 07:26 PM

මළ මිනි එක්ක ආයෙත් නැගිට්න්න පුළුවන්ද?

:       4       31

Rata Perata Monday, 17 April 2023 08:42 PM

මුන්ගෙන් ලැබෙන සන්තෝසම් වලට පොඩ්ඩක් ලියන්නම වෙනවා ඉතින් නේද?නැත්නම් මේ ප්‍රවෘර්තියේ තියන ජාතික වැදගත් කම මොකක්ද?

:       1       3

LGPJ Monday, 17 April 2023 09:24 PM

ඔව්. ඔබට කිසිවක් නැත. විකල්ප !!!!!

:       1       3

Nihal D Monday, 17 April 2023 10:57 PM

රට බංකොලොත් කලේ පියා

:       1       7

Perera Monday, 17 April 2023 11:55 PM

ඒ කියන්නේ මහින්ද මළොත් පොහොට්ටුවත් ඉවරයි කියන එකනේ

:       1       6

Kumara Tuesday, 18 April 2023 02:43 AM

අයි බන් අර පුත්තලම් බූරුවා හොඳ මදිද .මේ නාකි මයිනා දැන් මොනවා කරන්නද

:       1       6

Pankumburage Tuesday, 18 April 2023 04:47 AM

මේ යකාට පිස්සුද? ගිය සුමානෙ බැසිල් නායකයා කිව්වා. අද මහින්දලු. කාලකන්නි රෙදි හොදන්නෙක්.

:       1       7

විපුල ගුණතිලක Tuesday, 18 April 2023 06:17 AM

මෙහෙමත් දීන මිනිහෙක් දැකලාම නැහැ

:       1       8

PODDA Tuesday, 18 April 2023 09:06 AM

පොහොට්ටුවට මහින්දට රනිල් හැර විකල්පයක් නැහැ

:       2       3

de silva Tuesday, 18 April 2023 09:34 AM

චන්ද සලකුණ කබරගොයාද ?කපුට ද ?

:       1       7

දාස Tuesday, 18 April 2023 09:35 AM

එහෙනන් වැඩි දවසක් නොගොස් කනත්තෙ ගෙවල් හදාගනිල්ලා , ඒ හාදයත් එක්ක එකට ඉන්න

:       1       6

Senarath Tuesday, 18 April 2023 10:17 AM

ඒ ඔයාලට .ඒත් ජනතාවට ඕනේ තරම් විකල්ප තියනවා චන්දෙදී බලාගන්න

:       1       6

fairoos Tuesday, 18 April 2023 12:24 PM

නිවන් සුව

:       0       4

BamunuarachchiSaturday, 22 April 2023 07:41 PM

බෞද්ධයෝ නිවන්සුව පතනවා. හම්බයෝ ස්වර්ගෙට ගිහිල්ලා කන්‍යාවන් 72ක් පතනවා. මේ වගේ අය මේ සක්වලෙ වෙන නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

බළපිටියේ වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 17 79 0

බළපිටිය මරදාන මහ පාරේදී අද(17) රෑ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.


කෝටි ගණනක මුදල් සහ රන් සමග සැක මෝටර් රියක් දෙවුන්දරින් අල්ලයි
2025 අප්‍රේල් මස 17 124 0

දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේ දී මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් 32840000 මුදල් හා රත්තරන් වළලු, කර


කැකිරාවේ ගෙවත්තක පිළිස්සුණු කාන්තා මළසිරුරක්
2025 අප්‍රේල් මස 17 95 0

කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.


වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 34 0

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


සිරි දළදා වන්දනාවේ පෝලිම කෙළවර බලාගන්න ’’ලින්ක් එකක්’’
2025 අප්‍රේල් මස 17 148 0

සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.


ජනපතිත් හෙට දළදා වඳී
2025 අප්‍රේල් මස 17 142 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 192 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1083 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site