IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


පොහොට්ටුවේ දහතුනක් විපක්ෂයේ අසුන් ගනිති

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංස්කරණවාදී කණ්ඩායම විපක්ෂයේ අසුන් ගන්නා බව පොදුජන පෙරමුණේ සභාපති ජී.එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

ඒ අනුව පොදු ජන පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු දහතුන් දෙනෙක් විපක්ෂයේ අසුන් ගත්හ.

 මහාචාර්ය ජී.එල් .පීරිස්,ඩලස් අලහප්පෙරුම නීතිඥ ඩිලාන් පෙරේරා ,ආචාර්ය නාලක ගොඩහේවා,මහාචාර්ය චරිත හේරත්,මහාචාර්ය චන්න ජයසුමන,කේ.පී .එස් කුමාරසිරි,ආචාර්ය ගුණපාල රත්නසේකර, වසන්ත යාපා බණ්ඩාර, තිලක් රාජපක්ෂ ,ලලිත් එල්ලාවල,උපුල් ගලප්පත්ති මෙලෙස විපක්ෂයේ අසුන් ගත්හ.


ඩලස්ලා විපක්ෂයට?

(අජන්ත කුමාර අගලකඩ)

පොදුජන පෙරමුණෙන් ඉවත් ව ස්වාධීන වූ ඩලස් අලහප්පෙරුම ඇතුළු පිරිස ⁣විපක්ෂයේ අසුන් ගැැනීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ.

ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රීවරු 12 දෙනකු පමණ පිරිසක් විපක්ෂයෙන් අසුන් ගනු ඇතැයි වාර්තා වේ



අදහස් (33)

පොහොට්ටුවේ දහතුනක් විපක්ෂයේ අසුන් ගනිති

කිරි පුතා Wednesday, 31 August 2022 10:29 AM

කවුරුත් නැති බස් එකකට ඉස්සෙල්ලාම නැග්ගම මටත් මේ වැඩේ වෙලා තියෙනවා. කොතැනද වාඩි වෙන්නේ කියලා හිතාගන්න බැරිව අන්ද මන්ද වෙනවා...

:       9       56

ABWednesday, 31 August 2022 05:14 PM

පාර්ලිමේන්තුවේ කැමති තැනකින් අසුන් ගන්න. ඉදිරියේදි පැවැත්වෙන මැතිවරණකදී ඔබලාට ජනතාව අතරට ගොස් ඔවුන්ගේ ඡන්දය ඉල්ලා සිටිය හැකිද?

:       1       20

sachith Wednesday, 31 August 2022 10:32 AM

තවත් ටෙලිනාට්‍යයක් මෙසේ ආරම්භ වූ වගයි.

:       4       74

පුරවැසියෙක්. Wednesday, 31 August 2022 10:48 AM

රට වැටී ඇති තැනින් ගොඩගැනීමට නොව බලය ගැන සිතීම ඉතා වැදගත්ය. අනේ මෙහෙම තණ්හාවක්. අනේ මෙහෙම ආශාවක්. තවත් වලපල්ලටම යමු...

:       7       63

senaWednesday, 31 August 2022 12:37 PM

ඒක තමයි. දැන් මේ මිනිස්සු විපක්ෂයට එනවා... ආර්ථික අර්බුද බයිලා කියාගෙන ඊළඟ ඡන්දෙට ආපහු පොහොට්ටුවට යනවා. අහවල් රාජපක්ෂ නැතිව රට හදන්න බැහැ කියාගෙන. දැනට තියෙන ජනතා විරෝධයත් වෙනතක හරවනවා. තමන්ගේ සීට් එකත් බේරෙනවා. අපි හැමදාම දුක් විඳිනවා.

:       2       59

යෝගා Wednesday, 31 August 2022 11:15 AM

ඇයි ඉල්ලපු ඇමැතිකම් දෙන්න බෑ කිව්වාද?

:       8       55

Nimal Wednesday, 31 August 2022 11:50 AM

පොහොට්ටුවේ නාට්‍යයක්...!

:       6       54

KUMAINDI Wednesday, 31 August 2022 11:58 AM

අනේ මෙහෙමත් කාලකණ්ණි ටිකක්...!

:       6       60

amila Wednesday, 31 August 2022 12:17 PM

ඒ වුණාට රජය ගන්න ඕනෑම තීරණයකට සහාය දෙනවා නේද?

:       3       40

මැක්ස් Wednesday, 31 August 2022 12:32 PM

චන්න ජයසුමන, ගුණපාල රත්නසේකර වැනි ඉතා සීමිත පිරිසක් හැර ජී.එල්. ඩලස් වැන්නන්ගෙන් බොහෝවිට සිදුවන්නේ සාහිත්‍යමය වචන හරඹ පමණයි. පැන්නා කියා විපක්ෂයට අත්වන සෙතක් නැත...!

:       1       49

Santhu Wednesday, 31 August 2022 12:35 PM

උඩට නගින්න ඉනිමග හදාගන්න තිබුණු මහන්සියක් හැබෑට." එය දැන් අවශ්‍ය නැහැනේ " හිතෙනවා ඇති...!

:       2       20

samaadi Wednesday, 31 August 2022 12:38 PM

මුලු රටම පාරට බැහැලා ඉන්නේ පොහොට්ටුව ගෙදර යවන්න. දැන් සජිත් මේක කරේ දාගත්තාම සමගි ජනබලවේගයට මොකද වෙන්නේ..?

:       6       23

රටවැසියෙක් Wednesday, 31 August 2022 12:42 PM

උගත් පිරිසක් මෙතන ඉන්නවා. ඒ නිසා ඉදිරියේදී මේ පිරිස රටට වැඩක් කරයි කියලා හිතනවා. හොරකම් නොකරපු කට්ටිය මේ පිරිසට එකතුවෙලා හොඳ ගමනක් යන්න පුළුවන්... දැන් ඉන්න අයගෙන් ටිකක් හරි හොඳයි කියලා හිතෙන්නේ මේ පිරිසයි. සුබ ගමන්...!

:       37       22

senaWednesday, 31 August 2022 01:34 PM

අනේ මහත්තයෝ පහුගිය අවුරුදු කීයක් තිස්සේ මේ උදවිය බලයේ හිටියද? කෝ හදපු රට?

:       2       44

fairoos Wednesday, 31 August 2022 12:57 PM

රටට ආදරය කරන අය... වහාම ඡන්දයක් ඉල්ලන්න... නැතිනම් රනිල් රාජපක්ෂ රට තවත් බංකොළොත් කරලයි පස්ස බලන්නේ..!

:       33       38

siri Wednesday, 31 August 2022 01:13 PM

වියත් මගත් අවුල්ද?

:       3       24

සමිත අලුත්ගමගේ. Wednesday, 31 August 2022 01:44 PM

මේ රටේ දේශපාලනය තරම් දුගඳ හමන සුළඟක් ලොව තවත් නැතිව ඇති. ඒ පැත්තෙන් මේ පැත්තට... වාසිනම් ආයෙත් කිසිම හිරිකිතයක් නැතිව ආයෙත් හිටපු පැත්තට.. කෙටියෙන් කියනවා නම්, වාසි පැත්තට හෝයියා.. මොවුන්ට කුමක් හෝ වාසි සහගත වැඩපිළිවෙලක් ඇති. මේ රජයේ වැරදි අඩුපාඩු ඇති. ඒත්, මේ රට ගිලෙමින් පවතින මොහොතේ මෙසේ දේශපාලනයේ නිරත අය භේද භින්න වී කටයුතු කිරීම රටේ වර්තමාන පැවැත්මට හොඳ දෙයක්ද? සැවොම එකමුතුව වැඩ කටයුතු කොට රට ගොඩගෙන ජනතාවට සහන සලසා අනතුරුව මැතිවරණයකට යන්න නේද තියෙන්නේ...? කෙසේ වෙතත්, ඔබලා රටේ බලය ගන්නේ නම්, ප්‍රථමයෙන්ම, මොළ හතාගේ පදයට නටන අය ඉවත්කොට, රාජපක්ෂවරුන් ඇතුළු රටේ මුදල් හා දේපල අවභාවිතය කළ අයගෙන් ඒ මුදල් නැවත ලබාගැනීමට කටයුතු කරන්න. ඒත්, රාජපක්ෂලාට දෙවියන් මෙන් සැලකූ අය පිරිවරාගෙන එසේ සිදුකළ හැකිද යන්න ගැන නැවත සිතා බැලිය යුතුයි...

:       4       23

පොහොට්ටුව Wednesday, 31 August 2022 04:37 PM

චන්දයකදී බලයේ ඉන්න පැත්තට අවාසියි. ඒවගේම පොහොට්ටුවට යන එන මං නැතිවෙන්න පුළුවන් . මේ ගොල්ලො පොහොට්ටුවේ නැහැ කියල වාසියක් ගන්න හදන්නේ. නාලක ගොඩහේවගෙ වියත්මග උපදෙස් අරන් තමයි බදු කපල රට අනාථ කලේ

:       0       0

de silva Wednesday, 31 August 2022 05:54 PM

අප ඔය නාටකවලට රැවටෙන්නේ නැත. මොන ලොබල් එක ගැහුවත් බෝතලේ තිබෙන්නේ පරණ වයින් නම් එපා. ඡන්දෙ දෙන්නේ නැහැ. ලබන ඡන්දෙට අරගලයට සම්බන්ධ තරුණ පිරිස්, අලුත් පක්ෂයක් ඉදිරිපත් කරනවා. අපි ඡන්දෙ දෙන්නේ ඒකට 55ට වැඩි හොරුන් ගෙදර යවනවා.

:       3       9

disanayaka Wednesday, 31 August 2022 06:08 PM

මොවුන්ට ඉතින් එහෙට මෙහෙට පනිනවට වැඩිය වැඩක් නැහැනේ. එක ප්‍රතිපත්තියක් නැති කට්ටිය. පැනපියව් ඊළඟ ඡන්දෙ එනකන්... දෙන්නම් නුඹලාට උඩින්ම යන්න...

:       1       10

indika Wednesday, 31 August 2022 06:38 PM

බේබිගේ ගමන සූදානම් වෙච්චිගමන් දෑත් ශක්තිමත් කරන්න කියලා පරණ කුණු ගොඩටම එකතුවෙයි.

:       0       13

de silva Wednesday, 31 August 2022 06:54 PM

විපක්ෂය වැඩි වුණාට තීරණාත්මක අවස්ථාවකදී ඡන්දෙ දෙන්නේ ආණ්ඩුව බේරගන්න.

:       1       9

Saththaya Wednesday, 31 August 2022 09:58 PM

දැන් පැන්නට, අවරුදු 15 ක් විතර වෙච්ච දුෂණ වංචා වලට උඩගෙඩි දීල රටම බංකොලොත් කරපු අයට සුදනෝ වෙන්න පුලුවන්ද . කාවද ඔය රවටන්න හදන්නේ . ඇයි ඒ දවස්වල නිදාගෙනද හිටියේ . කොච්චර දුෂිටද කියනවනම් , දැන් කප්පම් කොමිස් නැහැනේ , ජනතාව ඇවිස්සිලා තියෙන්නේ . පාරටවත් බහින්න බැරි වෙන්න . ඒනිසා බබා පාර්ට් දානවා නියම සමාජ සේවකයෝ වගේ වෙන්න . වැරදි කරද්දී කැබිනට් එකේ හිටපු අය බංකොලොත් බාවයට වග කියන්න ඕන නැද්ද ? දැන් පැන්නට කව්රුත් චන්දය දෙන්නේ නැහැ . පිළිගැනීමක් ලැබෙන්නෙත් නැහැ . අප්පිරියයි

:       0       0

chandima Wednesday, 31 August 2022 10:16 PM

දැන් ඉතින් අපේ හරක් මේ ගොල්ලෝ හොඳ මිනිස්සු කියලා ඡන්දෙ දෙයි...

:       0       0

විපරමා Thursday, 01 September 2022 02:18 AM

බලලෝබි බඩගොස්තරවාදි දේසපාලුවෝ . ඇමතිකම් නොලැබුනු නිසා විපක්ෂයට යනවා ඇති .රට වැටිල තියෙන ආර්තික අර්බූදයට විසදුම් සෙවීම කෙසේ වෙතත් බලයේ ඉන්ඩ තියෙනවනම් ඊට වැඩිය දෙයක් නැහැ.

:       0       0

mp Thursday, 01 September 2022 04:48 AM

මුන් එකෙක්වක් රටට හෝ රටේ මිනිසුන්ට හිතැති අය නොවේ. තමන්ගේම මඩිය පුරවා ගන්නට උත්සාහ දරන අයයි.

:       0       1

චතුරි Thursday, 01 September 2022 05:48 AM

නම ඉදිරියෙන් තියෙන්නෙ පට්ටම කෙරුවාව ඇහුවොත් බල්ලො බත් කන්නෙ නැහැ උන් නමට තිරිසන් වුනට මුන් තරම් බලු වැඩ කරන්නෙ නැහැ. අත්තෙන් අත්තට පනිනවා මොකද බොක්ක වෙලෙන නිසා. රටට ආදරෙටද. මුන්ට කරන්න ඔන ගෝටාට කරපු දෙ. රටින් එලවන්නම ඔන. මුන්ගෙ ලජ්ජා නහරෙ කපලා තියෙන්නෙ. බලන්නෙ තුනෙන් දෙකක් හදා ගෙන හොර නඩයක් හදගෙන. නැවත පොහොට්ටුව ගෙන්න. අන්තිමට තුනත් නැතිව දුවන්න වෙන්නෙ මෙෆ්හා සැරේ.

:       0       0

ranjith Thursday, 01 September 2022 06:13 AM

ජනතාව මුලා කරලා 69 ලක්ෂයක් අරන් රට විනාස කරපු උන්ට ස්වභාවධර්මයෙන් පටිසන් දෙනවා.

:       0       5

Indika Thursday, 01 September 2022 07:49 AM

මුන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. අවුරුදු 5 ඉවරවෙනකම් එහාට මෙහාට පැන පැන ඉඳපල්ලා. රටට කෙලවෙලා හැදිගෑවිලා යනකම්.

:       0       7

ගෙම්බන් පිළ Thursday, 01 September 2022 10:41 AM

මෙතැන ඉන්නෙ ආචාර්ය මහාචාර්ය සෙට් එකක් ඉතින් උන්දැලා තමයි රටේ උගතුන් බුද්ධිමතුන් යැයි කියන්නේ... එහෙම පිරිසකට සැලසුම් හදලා රටේ අනාගතය කොතැනකට ගතයුතුද කියලා හිතන්න මෙතෙක් බැරුව එක් එක් කෙනාගේ සාරි පොටේ එල්ලිලා ඔඩොක්කුවේ ලැගලා තමයි මෙතෙක් මැති ඇමැති තනතුරු ගත්තේ. එහෙම නැතුව මොවුන්ට හරියට දේශපාලනක් කරන්න පිට කොන්දක් ඇත්තේම නැහැ.. සිටින පක්ෂ නායකයින් ලාහක් අරගෙන අල්ලාගෙන තබා ගත්තට ක්ෂණිකව පනිනවා. රටට කියත්පාර වැදිලා එන්න එන්නම අගාධයට වැටෙනවා..!

:       0       1

බද්රානි Thursday, 01 September 2022 01:17 PM

මේ අමන තක්කඩි රැල කරන මේ නිහීන රංගනය දකිද්දී අපිට නම් අර කොහෙන්ද මන්දා හිනා යනවා. ආත්ම වංචාවෙන් පිරි මේ අධමයින් කාවද මේ ගොනාට අන්දන්නේ? ඇත්තටම මට නම් හිතෙන්නේ මේ තරම් අශිෂ්ඨ තක්කඩි පාලකයින් හා අඥාන ජාතියක් මේ මිහිතලය මත නොමැති බවයි. මෙවන් අධමයින්ට පැවැත්මක් තියෙයිද? දරුවනේ, පැනගනිල්ලා පිටරටකට, එහෙම නැත්නම් නුඹලාට අනාගතයක් නැහැ!! මෙවුන් ඒ තරමටම අසමත්ජාතියක්!!

:       0       5

Lelwala Friday, 02 September 2022 06:37 AM

13 කියන්නේ ලෝකයේම නපුරු අංක හැටියට ලෝකය පිළිගන්නේ... දියාරු වෙලා යයි...

:       0       1

Lelwala Saturday, 03 September 2022 06:21 AM

These politician should be suspended from the party and they just like monkeys. They are not favorite among the people. they have no any political knowledge. They are people who gave wrong instructions to the government.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 195 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වැඩි මිලට ජල බෝතල් විකුණන්නට රතු එළියක්
2025 අප්‍රේල් මස 23 9 0

වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙදුන් සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 244 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 169 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මධ්‍යම තැපැල් හුවමාරුවට කෝටි 15ක මත්ද්‍රව්‍ය ඇවිත්
2025 අප්‍රේල් මස 23 262 0

රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුව පත් කරයි
2025 අප්‍රේල් මස 23 420 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 667 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 480 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site