IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


පොහොට්ටුවේ පිරිසක් අලියාට හේත්තු වේ?

(අජන්ත කුමාර අගලකඩ)

ආණ්ඩුව සමග එක්ව සිටින මැති ඇමතිවරුන් රැසක් ඉදිරි කාලයේ දී එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධ වීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ,සමගි ජන බලවේගය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂවලින් ආණ්ඩුවට එක්වන මන්ත්‍රීවරුන් මෙන්ම,පසුගිය කාලයේ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ කිහිප දෙනකු ද මෙසේ එක්සත් ජාතික පක්ෂයට එක්වීමට සූදානමින් සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පිරිසට දැනට කැබිනට් මණ්ඩලය නියෝජනය කරන කිහිප දෙනෙකුද ඇතුළත් වනු ඇති බව පැවසේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට වීමත් සමඟ එක්සත් ජාතික පක්ෂය තුළ ඇතිව තිබෙන පිබිදීමත්,අනෙකුත් පක්ෂ නියෝජනය කරන ඇතැම් මන්ත්‍රීවරුන් එම පක්ෂය සමග ඇතිකරගෙන තිබෙන මත ගැටුම් ආදියත්,හේතුවෙන් ඔවුන් මෙසේ එජාපයට එක් වෙනු ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකදී ,ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් රැසක් එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට තරග කරනු ඇතැයි දැනගන්නට ඇත.

 



අදහස් (34)

පොහොට්ටුවේ පිරිසක් අලියාට හේත්තු වේ?

RAVIN Sunday, 31 July 2022 12:59 PM

එතරම් ලොකු දෙයක් නොවේ. ජනතාවට සේවය පිණිසයි වැසිකිලි වලට, තනතුරු හා අනිකුත් වාසි කෑම මේසයට. ඡන්ද දායකයිනි පුළුවන් නම් කාපල්ලා.

:       5       68

සන්කාMonday, 01 August 2022 11:38 AM

බහුතර ජනයාට මහ මැතිවරණයක අවශ්‍යතාවයක් ඇත. පොහොට්ටුවේ දූෂිත, ගජමිතුරු, දේශපාලනය වෙනුවට, ජනයාට වගවෙන, ජනයාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට නිවැරැදි දැක්මක්, ඉලක්කගත වැඩපිළිවෙළක් සහ උවමනාවක් තිබෙන කණ්ඩායමක් තෝරා පත්කරගැනීමට ජනයාට අවශ්‍යයි. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන් හරහා මහ මැතිවරණයක් දිනාගැනීමට කටයුතු කරමු. ඒ සඳහා වහා 9 වෙනිදා පෙළ ගැසෙමු...

:       4       16

Samantha Sunday, 31 July 2022 01:21 PM

එක්කො තොපි රටින් පලයව්, නැතිනම් අපි රටින් යන්නම්.

:       8       81

AhamedMonday, 01 August 2022 10:50 AM

බය යෙන්න එපා. ඔවුන් ගියත් අපිව යවන්නේ නෑ... හේතුව ඔවුන් ගත්තු ණය ටික ගෙවන්න වෙන්නේ අපට නිසා...

:       0       11

දාස Sunday, 31 July 2022 01:44 PM

මුන්ට ඇමතිකම් ලැබෙනව නම් යකාගෙ පැත්තට හරි යයි.

:       4       85

Prabha Sunday, 31 July 2022 03:45 PM

එක පක්ෂයක අවුරුදු 10ක් හිටිය කෙනෙක් ඔය කියන පක්ෂවල ඉන්නවද? වාසි අතට හෝයියා...

:       0       9

fairoos Sunday, 31 July 2022 03:57 PM

අවස්ථාවාදීන්ට හොඳ අවස්ථාවක්. රටට හෙණ ගැහුවත් මේ අයට කමක් නෑ..

:       2       49

BamunuarachchiTuesday, 02 August 2022 03:37 PM

අසව් අසව් අම්මටසිරි මේ කතා කොරන්නේ අපේ ගම්මිරිස් රටින් ගෙන්වූ බාල ගම්මිරිස් සමග කවළං කර විකුණා අපේ ගම්මිරිස් කර්මාන්තය බිංදුවට බස්සපු ජාති හිතයිෂී සහෝදරයෙක්. පිළිගන්න වෙඩිමුර 21 තියන්න.

:       0       2

Udaya Sunday, 31 July 2022 04:05 PM

කන්න දෙනවා නම්, අපිට බොන්න දෙනවා නම් අපිට... මොන කෙන්ගෙඩියද? තව ඕනැ කියන්නේ.

:       1       43

janahitha Sunday, 31 July 2022 04:09 PM

එක්කෝ නුඹලා රටින් යන්න, නැතිනම් අපි රටින් යන්නම්. නුඹලාම කාපල්ලා රට...

:       2       30

Def Sunday, 31 July 2022 04:10 PM

ඇත්තටම පක්ෂ කියලා දෙයක් නැහැ පුතා... මේ ඔක්කොම ජීවත් වෙන්න දාන ගැට.... වෙනස අපි ඒවට අහුවෙන එකයි.

:       1       41

POLIYAA Sunday, 31 July 2022 04:30 PM

අරමුණ, මානය ඉතා පැහැදිලියි. 2024 ඊළග චන්දෙ එනකං රනිල් මැතිදු කරතියාගෙන නොගියොත් බඩ කපා ගෙන මැරෙන්න තමයි වෙන්නෙ. මනාපෙට හිටු කියල ණය අරං වියදමි කරපු සල්ලි ආපහු ගෙවා ගන්නත් සල්ලි ඕනෙ වෙනවනේ

:       2       29

ගමේ එකාලා Sunday, 31 July 2022 04:33 PM

එහෙට මෙහෙට වාසියට, පැවැත්මට පනින එක දේශපාලුවන්ගේ හැටියක්. මහින්දගේ දෑත් ශක්තිමත් කරන්ඩ කියලා පැනපු කට්ටිය ගැනත් අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ.

:       0       29

Kumara Sunday, 31 July 2022 04:36 PM

එහෙට මෙහෙට පනින දේශපාලකයන්ගේ අවසාන කාලයයි

:       1       28

ganegoda Sunday, 31 July 2022 05:05 PM

මෙවැනි දේවල් වලට අපිත් විරුද්ධයි. 9 වැනිදා ගාලු මුවදොරදී හමුවෙමු.

:       8       30

චන්දන Sunday, 31 July 2022 05:36 PM

කෙහොමටත් අච්චාරු පක්ෂයක්නේ. පුදුම වෙන්න දෙයක් නැහැ...

:       1       18

Bamunuarachchi Sunday, 31 July 2022 05:55 PM

ඇමතිකම් හා වරදාන බලාගෙන වාසී පැත්තට සමහර පිරිස් අත ඔසවනවා.

:       7       24

sharm warnMonday, 01 August 2022 10:14 AM

ආ.. ඇත්තද? එහෙම කරනවද? ඇයි දන්නේ නැහැ නේද? එයාලා හරිම අහිංසක, රට වෙනුවෙන් වැඩ කරන්න ආව, ගරු කටයුතු සමාජ සේවකයෝ නේද?

:       2       5

BamunuarachchiMonday, 01 August 2022 05:12 PM

මොන දේශපාලඥයත් හොරු, පුටින්ගේ නමත් පැන්ඩෝරා පේපර්ස්වල තිබුණා, හොරු අතරින් රටට වැඩක් කළ හොරු තමයි රාජපක්ෂලා. 1977 පස්සේ රාජපක්ෂලා තරම් රටට වැඩකළ දේශපාලඥයෙකුගේ නමක් කියන්න.

:       9       3

ganegoda Monday, 01 August 2022 12:39 PM

ආරච්චි මහත්තයෝ ඔබතුමාත් පොහොට්ටුවේ කෙනෙක් නේද?

:       0       4

BamunuarachchiMonday, 01 August 2022 05:18 PM

නැතුව පුතේ නැතුව. හරියට කියනවා නම් දේශපාලනය ගැන දැනගත් දවසේ සිටම මම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්... අන්තිම බණ්ඩාරනායක පුරුක රට කෑවාට පසුව රට බේරාගන්න ඉදිරියට ආවේ රාජපක්ෂලා එදා ඉඳන් මම රාජපක්ෂලා වෙනුවෙන් කතා කරනවා. පොහොට්ටුද පිපිලද මම දන්නේ නැත. මම කතා කරන්නේ රාජපක්ෂලා දෙදෙනෙක්, මහින්ද සහ ඝෝඨාභය වෙනුවෙන්. ඊට සාධාරණ හේතු තිබෙනවා...

:       6       3

Chandima Sunday, 31 July 2022 06:40 PM

දැන් බලපුවාම පක්ෂ, ප්‍රතිපත්ති අනුව පක්ෂවලට ඡන්දෙ දෙනවා කියන එකත් ප්‍රෝඩාවක්..?

:       0       22

ganegoda Sunday, 31 July 2022 08:22 PM

පොහොට්ටුවේ පිරිස වෙනත් පක්ෂ එක්ක එකතු වෙලා තමන්ට වාසි ලබාගන්නවා

:       2       21

dhamneth Sunday, 31 July 2022 10:36 PM

බොහෝදෙනා කියන්නේ වරින්වර එක්සත් ජාතික පක්ෂය පැරදුණාට මෙරට ජනතාවට සහන සලසා තිබෙන්නේත් අද කවුරුත් කතා කරන ඩොලර් ලැබෙන මාර්ග සලසා තිබෙන්නේත් එක්සත් ජාතික පක්ෂයෙන් කියා. ජේ.ආර්. නිදහස් වෙළඳ කලාප සංචාරක ව්‍යාපාරය, රණසිංහ ප්‍රේමදාස ඇඟලුම් කර්මාන්තය... මේවායින් විශාල පිරිසකට රැකියාත් ලැබුණා.

:       6       5

ජගත් ලියනගේ Sunday, 31 July 2022 11:32 PM

මහින්ද මහත්තයත් එකතුවෙනවද?

:       0       6

Perera Monday, 01 August 2022 12:42 AM

අලියට ඔක්ස්ජන් දෙන්නේ පොහොට්ටුව... මේවා මාස්ටර් ප්ලෑන්..!

:       0       6

Demuni Uduwara Monday, 01 August 2022 06:48 AM

උන් ඔක්කොම යාළුවො මල්ලි සියළු පාර්ළිමේන්තු මන්ත්‍රීල

:       0       4

de silva Monday, 01 August 2022 07:01 AM

ඔය දෙකෙම ඉන්නෙ මහ බැංකු හොරු , එතනෝල් කාරයො , කුඩු කාරයො මිනිමරුවො , කොච්චි වල මල කඩපු පික් පොකට් කරයො , ඔය ගොල්ල හොඳට ගලපෙනව , එතනොල් බිස්නස් කරන අය සහ කුඩු බිස්නස් කරන අය , ගමිනි ලොකුගෙ වැනි බොහෝ දෙනෙක් කලින් හිටියෙ එජාපෙ.

:       0       6

පුරවැසියෙක් Monday, 01 August 2022 08:17 AM

බුද්ධිමත් මිනිසුනේ, දැන් ඔය තියෙන එක පක්ෂෙකට වත් මිනිස්සු ඉදිරි මැතිවරණයකදී ඡන්දෙ දෙන්නේ නෑ. ඒ නිසා අළුත් නැවුම් වැඩපිළිවෙලක් එක්ක අලුත්ම පිරිසක් සංවිධානය වෙන්න සුදුසු වෙලාවයි මේ... ඒ නිසා කියව කියවා ඉන්නේ නැතිව රට ගැන හිතලා උගත්, බුද්ධිමත් පිරිසක් ඡන්දෙට ඉදිරිපත් වෙන්න. අපේ බලාපොරොත්තුව එයයි. ඔය ඉන්න කිසිම කෙනෙක්ගෙන් රටට යහපතක් නම් වෙන්නේ නෑ. පේනවානේ ඇමැතිකම් වෙනුවෙන් කරන පාවාදීම්. පිස්සු වගේ. ජනතාව මේවා බලාගෙන ඉන්නේ...

:       0       12

ganegoda Monday, 01 August 2022 12:36 PM

ජාතියක්, ජන්මයක්, ප්‍රතිපත්තියක් නැති වුණු කපටියෝ රැළක්..!

:       0       7

BamunuarachchiTuesday, 02 August 2022 03:41 PM

දැන් ජාතියක්, ජන්මයක්, ප්‍රතිපත්තියක් තිබෙන කපටියන් රැළ කව්ද? ජෙප්පන්ට ජාතියක් ජන්මයක් ආගමක් නැහැ. එජාපයින්ට සජබයින්ට පොහොට්ටු කාරයින්ට ප්‍රතිපත්තියක් තිබෙනවද? නැහැ එහෙනම් මේ කාටද බනින්නේ..?

:       0       1

ලලිතා Monday, 01 August 2022 10:26 PM

එයාලා තමයි පොඩි කාලේ අපි බෙටීට සෙල්ලම් කලේ. දැන් ඒ සෙල්ලම කරනවා ගොඩක් ඇමතිලා..!

:       0       0

ලලිතා උඞවත්තගේ Monday, 01 August 2022 10:28 PM

අපි ඉස්කෝලෙ යන කාලේ බටීට සෙල්ලම් කලේ.. එයාලා දැන් ඒ සෙල්ලම් කරනවා.

:       0       0

dayani kulatunga Tuesday, 02 August 2022 11:55 AM

රට ගැණ වත් අනාගතයේ ජීවත් වෙන්න සිට්න දරුවන් ගැණ වත් නොහිතන තමන්ගේ පටු අරමුණු ඉටුකරගෙන මහජන මුදලින් නඩත්තු වෙන පරපෝෂිතයන් ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 2759 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 784 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 1280 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 1090 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 777 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 2284 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site